Saturday 21 October 2017

එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පෙළගැසුනේ වාමාන්සික පක්ෂ සමගය.

සිරිසේන ජනාධිපති තුමා සමග සිටින  ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් රෙදි ඇඳන් සිටිත් නම් පාරලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ව්‍යවස්ථා අතුරු වාර්තාවට චන්දය නොදිය යුතුය. එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී  පෙළගැසුනේ ෆිලිප්  ගුණවර්ධන මැතිතුමා ඇතුලූ වාමාන්සිකයින් සමග බව අමතක නොකලයුතුය.

ප්‍රශ්න නැතිවාටද මේ බටහිරට දනගහන  විකුර්ති යහපාලනය කියන වචනයටත් නිගා දෙන ආණ්ඩුව ව්‍යවස්තා අතුරු වාර්තාවක් කියලා එකක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා තියෙන්නේ. කාගෙන්ද  කවදද මුන්ට ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් ලැබුනේ.  ශ්‍රී ලංකාවේ මුන්ට චන්දය දුන්න වුන් බලපොරොත්තු උනේ  මහින්ද රාජපක්ස ජනාධිපති තුමාගේ ආණ්ඩුව කළාටත් වැඩි යමක් මුන් රටට කරයි කියල.
නමුත්  අද වෙලාතියෙන්න කුමක්ද ? රටේ මහා බැංකුවත් සුරා ගෙන කාලා, රටේ සම්පත් අවුරුදු සියගනනකට බදුදෙනවා  ඒ කියන්නෙ විකුණලා . උන් ආන්ඩුකරන්ට ඇවිත් අවුරුදු තුනක් යන්ටත් ඉස්සර  අපේ රට සම්පුර්ණ අගාදියකට ඇදදාළ තියෙන්නේ .
මේ මර උගුලෙන් ගැලවෙන්නට විධියක් පේන මාන්නයක නැ. කොහොමහරි විධියකින් මුන් එළවන්නේ නැතිව රට වැටිලාතියෙන අගාදියෙන් බේරාගන්න පුළුවන්කමක් නම් නැ. මිනිස්සුන්ට එදාවේල කන්ටවත් නැතිව  හෙට දවස ගැන හිතෙනකොට රාත්‍රියේ සුවසේ නිදන්ටත් බැරි අසහනයකට රටේ බහුතර ජනතාව වැටිලයි ඉන්නේ.
ශ්‍රී ලංකාවට ව්‍යවස්ථාවක් ලියන්නේ ජයන්ත වික්රමරත්නයි සුමන්දිරනුයි. මුන්ට ව්‍යවස්ථාවක් ලියන්න තරම් දැනුමක්  තියෙන්ට බෑ. මුන්ට වඩා සුදුසු කම් තියෙන වුන් රටේ නැතිවා නොවෙයි. නමුත් මුන් තමා ශ්‍රියානි බණ්ඩාරනායක මහවිනිසිකරු ධුරයෙන් ඉවත්කලාම ඇ වෙනුවෙන් සටනක් ගෙන ගියේ.  මුන් තෝරා ගෙන තියෙන්න ඒ උත්සාහයට කලගුනසලකීමක් වශයෙන් වෙන්ට පුළුවන්, සුමන්දිරන් අල්ලන්තින්නේ සංහිඳියාව නගාසිටුවන්ට.
මේ ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් නැති  යහපාලනය කියාගන්න නඩය ආණ්ඩුකරන්නේ සින්හල ජනතාවට වැඩිය උන්ට විශාල වශයෙන් චන්දයදීලා මුළු චන්ද ගණන ලක්ෂ 62 කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරද්දන්න  උදව් කල දෙමළ දේශපාලකයන්ගේ උවමනාවන් ලබාදීමට. මේ අතර තුර විග්නේෂ්වරන් කියන දෙමළ පිස්සුවකින්  ඉන්න කොළොඹ දෙමළ කියනවා ලංකාව කිසිම ආගමකට තැනක් නොදෙන අනාගාමික රටක් විය යුතුයි කියලා.
මේවා බලනකොට පෙනෙන්නේ මේ සිරිසේන රනිල් ආණ්ඩුව  බලාපොරොත්තුවන්නේ සමහරක්විට විදේශීය දෙමළ දයස්පොරාවේ සිත් දිනාගෙන ඒමගින් දෙමළ දයස්පොරාවට උදව් දෙන බටහීර රටවල් වලින් රටේ ප්‍රශ්නවිසඳාගැනීම සඳහා ලබාගත හැකියයි  සිතන උපකාරවියහැකියි.  බටහීරින් නම් අපේ රට දියුණු කරන්න ඉදිරිපත් වෙන්නේ නැ. උන්ට ඕනෑ අපේ වගේ රටවල් දුප්පත් උන්ගෙන් යැපෙන රටවල් කරන්න. ඒක මේ කාලකන්නින්ට තේරෙන්නේ නැ.
මුන්ට මේ ව්‍යවස්ථාව මැදින් ෆෙදෙරල් ක්‍රමයක් පිහිටවල රට බෙදන්න උදවු දෙන්නේ ලකාවේ පවත්වාගෙන යන ඇමෙරිකානු ආදී විදේශීය තානාපති වරුන්. දෙමළ ඩයස්පෝරාවට ලැදි  මෙවුන් එක්සත් ජාතීන්ගේ සංගමයත් මේකට සම්බන්ද කරගෙන ඒ සංගමයෙ මුදලින් යැපෙනවායි  ආරංචිමාර්ගවලින් දැනගන්න තියෙන කාර්යමන්ඩලයක්ද ව්‍යවස්ථා සෑදීමේ කාර්යයට සම්බන්දකරගෙන කරන්ට හදන්නේ පාර්ලිමේන්තුවට අතුරු ව්‍යවස්ථාවක් කියල එකක් ඉදිරිපත්කරලා රට මුලාකරලා හෙමින්සීරුවේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හැදීමට සුදානම් කිරීමයි .
හැමරටකම ඒ රටේ ව්‍යවස්ථාව සාදාගැනීමට යොදවාගන්නේ ඒ රටේ මහජාතියේ ඒ සඳහා විශේෂ දැනුමක් තියෙන උදවිය. නමුත්  රටට මොකක් උනත් උන් බලයේ සිටින්න තියෙන ආසාව නිසා  ලංකාවේ  බෞද්ධ සංස්කෘතියයි  අවුරුදු 2600කටත් වඩා පැරණි බුද්ධාගමයි විකුණන්ට තරම් බලලොබි යක්ෂයින් අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න යන්නේ ලංකාවට හා ලංකාවේ දේශීය අනන්‍යතාවයට කිසිසේත්ම ලැදිකමක් නැති  සම්බන්දලා, සුමන්දිර්න්ලා, මනෝ ගනේෂන්ලා,  මජිබුර් රහ්මාන්ලා වැන්නවුන් ගේ සහභාගීත්වයෙනුයි.
ලංකාවේ ජනාධිපති  කාර්යාලයේ දීපාවලි උත්සවයක් පවත්වලා සිරිසේන ජනාධිපති කියනවා  රටේ අවුරුදු තිහක් නැතිවී  තිබුණ ජාතීන් අතර මිත්‍රත්වය නැවත ඇතිකරන්න  උත්සාහකරනකොට අන්තවාදියෝ  ඒ උත්සාහයට අකුල්හෙලනවා කියල.
මේ රටේ ජනතාවට උවමනා නැති ඒ සඳහා ජනතාව  වරමක්වත් නොදුන්  ආණ්ඩුව ව්‍යවස්ථා මගඩියකින් රට බෙදන්න හදන එක නවත්තන්න උත්සාහ කරන දේශප්‍රේමීන් සිරිසෙන දකින්නේ අන්තවාදියෝ හැටියටයි.  අපට හිතන්ට බෑ සිරිසෙන ජනාධිපතිවත් හරියට දන්නවද කියල  රනිල් වික්රමසින්හ බටහිර බලවේග එක්ක එකතුවෙලා රටට කරන්ට යන විනාශය.
අද රට කරන්නේ සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් නොවෙන බව සක්සුදක් සේ පෙනෙද්දී  ජනාධිපති ඒ බව දකින්නෙ නැ.  බැඳුම්කර වංචාව සම්භන්දයෙන් පරීක්ෂාකරන්න පිහීටවූ ජනාධිපති කොමිසමට ගෙන්වපු අමාත්‍ය වරුන් දෙදෙනාගෙන් ප්‍රශ්න නොකරන්න හේතුවත්, මේ කොමිසිම ඉදිරියට අග්‍රාමාත්‍යවරයා ගෙන්වීමට සුදානමක් තියන බව දැනුම්දීමේදී  හදිසීයේම කොමිසම විසුරුවහරින්න තීරණයක් ගත්තේ කවුද මොනහෙතුවක්නිසාද කියන එකවත් ජනාධිපති තුමා දැන සිටියාද ?
මේ සිරිසේන රනිල් ආණ්ඩුව  පසුගිය කාලයෙ  20 වන සංශෝධනයට විරුද්ධ තීන්දුවක් ගෙනාවම  ඒ විරෝධයට පිටින්  මහ උසාවියේ තීන්දුව වෙනස්කරලා  පළාත් පාලන චන්ද පමාකරන්නට ප්‍රාදේශීය සභා පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ චන්දයකින් දිනා ගත්තා වගේ වංචනික වැඩ කරන මේආණ්ඩුව කෙරෙහි මොනම විශ්වාසයක් තියන්න පුලුවන්ද ?
කරුණු එසේනම් දැනට පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරලා තියෙන අතුරුවාර්තාව මිනිස්සුන් රවටන්ට කරන මගඩිය, මේ නොවැම්බර පලවනදා  තුනෙන්දෙකක චන්දයකින්  දිනාගන්නට හැකි උනොත් ඉන් පසුව එන්නේ ෆෙඩරල් නොවන ව්‍යවස්ථාවක් දැයි  රටේ  ජනතාවට පිළිගත හැකි සහතිකය මොකක්ද?
එදා 1956 එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැති තුමා  එක්සත් ජාතික පක්ෂය මේ රට කවදානමුත් නැවතත් විදේශීය කොලොනියක් කරනවා ඇතයි  සිතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සාදා ආණ්ඩුවක් පිහිටෙව්වේ කිසිදාක නැවතත්  ආපසු එක්සත් ජාතික පක්ෂයට  මුක්කු තියන බලාපොරෝතුවකින් නොවේ.
මේ  සිරිසේන රනිල් ගෙනයන මගඩිය ජනාධිපති තුමා වටා සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින්  තේරුම්  ගතයුතුය.
මේ බව සිරිසේන ජනාධිපති තුමාට නොතේරෙනවානම් එතුමා  රනිල් ගේ ඔඩොක්කුවෙ තවදුරටත් ලැගගෙන ඉන්න සුදානම්ව සිටිත් නම්  සිරිසේන ජනාධිපති තුමා සමග සිටින  ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැති තුමාට ගෞරව දෑක්වීමක් වශයෙන් වහා  සිරිසේන ජනාධිපති තුමාගේ තුරුල්ලෙන් ඉවත්වීය යුතුය.

සිරිසේන ජනාධිපති තුමා සමග සිටින  ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් රෙදි ඇඳන් සිටිත් නම් පාරලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ව්‍යවස්ථා අතුරු වාර්තාවට චන්දය නොදිය යුතුය. එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පෙළගැසුනේ  ෆිලිප්  ගුණවර්ධන මැතිතුමා ඇතුලූ වාමාන්සිකයින් සමග බව අමතක නොකලයුතුය.

No comments: