Sunday 26 September 2021

කෙරවලපිටියේ විදුලිබලාගාරයක් සෑදීමට ඇමෙරිකානු යෝජනයක්නම් ගන්න එපා.

 



අමෙරිකාවේ  විශාල කර්මාන්තසාල  හෝ අමෙරිකානු පලතුරු  කොම්පැනි කාරයෝ නොදියුණු රටවලට ඇවිත් කරන ලද ව්‍යාපාරවලින් දියුනුඋන එකරටක් ආණ්ඩුවේ මුදල් ඇමති වරයාට හෝ වෙනත් අමාත්‍යවරයෙකුට නම් කල හැකිද?  නමුත් එවැනි ඇමෙරිකානු ආයෝජකයන  ඇවිත්  දුප්පත්වුන රටවල් නම් බොහොමයක් නම්කරන්න පුළුවන්- පැනමාව ෆිලිපිනය.


ඇමෙරිකාවට අවශ්‍ය ඔවුන්ගෙන් උපකාර බලාපොරුත්තුවෙන් ඇමෙරිකාවට යටත්පහත්ව කටයුතු කරන නොදියුණු රටවල් , ඒ නිසා ටිකක්වත් දියුණුවන්න උත්සාහා කරන නොදියුණු රටක් දුටුවොත් අමෙරිකාව උත්සහාකරන්නේ ඒ රටට උපකාර කරන විලාශයෙන් පැමිණ රට දියුණු කරන පිළිවෙල,  ප්‍රවේශයන්  රටේ දේශපාලන  නායකයින්ට පෙන්වාදීලා ඒ රටවල් නයගොඩක හිරකරලා  සදහට ඇමෙරිකාවේ  “යටත්  විජිත” වගේ තියාගන්නවා . 


ඒවා කරන හැටි  ඒවා කල ඇමෙරිකානුවෙක්‌ම පවසලා තියෙනවා. ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණයක් කියල ( Confession of an Economic Hit man),  ඇමෙරිකාව ගෝලීය ආදිපතිත්වය ගන්නට කරන  භයානක  උත්සාහයේ ඇතුල්කතාව ලියු John Perkin  ගේ පොත කියවන්න. මම අපේ නව මුදල් අමාත්‍ය බැසිල්  රාජපක්ෂ  මහතාට ආරාධනාකරනවා. 


රුපියල් මිලියන 250 ක් ගන්න බලාපොරොත්තුවෙන් කෙරවලපිටියේ  විදුලි බලාගාරය තැනීම සඳහා ආයෝජනයක්  සඳහා ඇමෙරිකන් සමාගමට දීම තමන්ගේ මිනීවල කපාගන්නා හා සමානයි. එහෙනම් MCC ගනුදෙනුවටත්  කැමැත්ත දෙන්න තිබුනා  නේද ?  


අමෙරිකාවෙන් වත්  යුරෝපීය සංගමයෙන්වත් අපවෙනුවෙන් යහපත් වැඩපිළිවෙලක් බලාපොරොත්තුවිය නොහැකියි. ඔවුන්  හැකිතරම් අහිතකර ක්‍රියාවන් කරන්නේ  මේ කොවිඩ් වසංගතය වැනි ඉතා දුක්කිත කාලයකදී දියුනුවෙන්නට අපමණ වෙහෙසක් දරන අපේ රටට. 


 අමෙරිකාවත් සමග කරන ගිවිසුම් ඉතා ප්‍රවේසමෙන් කලයුතුය. ඇමෙරිකානු සමාගමක් ඔවූන්ගේ කාර්යාලයක් ලංකාවේ පිහිටෙව්වොත් එය   ඇමෙරිකාවේ CIA එකේ කොටසක් වෙනවාට අනුමානයක් නෑ. ඊට පස්සේ CIA ක්රියාකාරකයින්ගේ  වැඩපිලිවෙල ලංකා  ආණ්ඩුවට කිසිම දැනුමක් නැතිව සිදුවෙනවාට කිසිම අනුමානයක් නෑ . අපි හොඳට දන්නවා ඉරානයේ, කොන්ගෝ , චිලි ,පැනමා,  ආදී රටවල් වල CIA කරපු ක්‍රියාදාමයන්. 


CIA කියන්නේ  ඉතා පළපුරුදු ඇමෙරිකානු දේශපාලන හස්තයක් ඔවුන් කෙසේ කොහොම කොහේ  ඔවුන්ගේ කාර්යයන් කරාවිදැයි ලංකාවේ රහස් අංශයට සොයාගන්නට පුළුවන් කමක් නැතිවෙයි. 

ඔවුන් දෙමල diaspora වත් TNA  එකත් සමග වැඩකරනවාට අනුමානයක් නෑ.