Wednesday 31 January 2018

සිරිසේන ජනාධිපති තුමාගේ දේශපාලන කතා, රැස්වීම්වල කතා කරන්න කුලියට ගත් මිනිහෙකුගේ කතා වගේ.


සිරිසේන ජනාධිපති තුමා කරන චෝදනාවල ඇත්ත කොච්ච්රද නැත්ත කොච්චරද මැනලා  බලන්න  තියෙනවා.

ලංකාවේ උඩරට පවුල්වල කෙනෙක් මැරුණාම  අඬන්න ගෑනු කුලියට ගන්නවා හුඟක්වෙලාවට දෙමළ ගෑනු. උන් මළ ගෙදරට එන ම්නිස්සු වැඩිවෙන්ට වැඩිවෙන්ට මුලු ගමටම ඇහෙන්න මර ලතෝනි තියනවා.

ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ත් එහෙම කුලියට ගන්න කටහැකර කථිකයොත් හිටිය උන් කුනුහරූපත් කියල විරුද්ධපාක්ෂකයින් ලැජ්ජාකරන කථා කියනවා. මට තාමත් මතකයි  මාතලේ කච්චේරියගාව පිට්ටනියේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් තිබුණා.  එතකොට ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නායිකාව සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය. එක්සත් ජාතික පක්ෂයේ කතිකයා මටමතක හැටියට ජයමාන්න කියල මහා වනචර කුපාඩි කථිකයෙක්. ඌ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියට  ඇගේ ගැහැනුකමට පහර දෙන්න  මහනින්දිත හැටියට කතා  කීවා .

එදා එක්සත් ජාතිකපක්ෂය මෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  එස් බී දිසානායකත් විලිලජ්ජා නැතිව පාහර කතා කියනවා.  ඔහු විරුද්දපක්ෂයක එක මන්ත්‍රීවරියක් නම්කරමින් ඇ රෙදිත් කඩාගෙන ගිය හැටියක් නින්දිත විධියට කීවා. මෙවැනි කථා පාරලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කිව යුතු නොවේ. ඇරත් ගැහැනුන්ට දේශපාලන චන්ද සඳහා ඉදිරිපත්වීම නීතිගතකර තිබෙන අවධියක මන්ත්‍රීවරියකට අපහාස්මකව කිලිටි බස් දෙඩීම කිසිසේත් පිළිගත නොහැක. 

ඊයේද පෙරේදාද සිරිසේන ජනාධිපති තුමා රිකිල්ලකඩ රැස්වීමක කතාකරනකොට මට එදා මාතලේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමේ කතාකල ජයමාන්නද කොහෙද මිනිහා කරපු පාහර කතාවයි මතක් උනේ.  ජී.එල්. පීරිස් මැතිතුමාගේ සභාපතිත්වයෙන් පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ගැන කථා කරමින්  ජී එල්ගේ  කුනුකානුව තියෙන්නේ හොරු රකින්ට යයි කීම ජනාධිපතිවරයකු විසින් කිව නොයුතු අසීලාචාර  කතාවකි, ඒ කතාව නැණවත් මිනිසුන් කෙසේ පිලිගන්නේදෑයි නොදනිමු.

යමක් කමක් දන්නා අධ්‍යාපනයක් ලත් සීලාචාර  යහපත් මිනිස්සු තමන්ගේ තත්වය අනුව ත කරන ක්‍රියා, හා කථා කරන වචන හසුරුවා ගතයුතුයි නොඑසේනම් ඒ මිනිස් කමට කරන අගෞරවයකි.

මට  මතකයි උම්මග්ගජාතක කතාවේ ද කොහෙදෝ  තියෙනවා රජ තුමා මහෝසධ පඬි තුමා රජමාලිගාවට කැඳවාගෙන එන්ට ඇමතිවරයෙක් යවනවා . මහෝසධ පඬි තුමා පොඩි කොලුගැටයෙක්  ඔයු ඇමතිවරයාත් එක්ක රජමාලිගාවට යනකොට දඩබ්බර  කොලුකමට පාරේ වළ වල්  උඩින් පැන පැන   පාරට නැමී තියෙන අතුවල කොළ  කඩ කඩ යනවා. මාලිගාවට ඇවිල්ල රජතුමා බැහැ දකිනවා, රජ්ජුරූවෝ කුමාරයට කතාකරලා ඔහුට  මාලිගාවේ නිලයක් භාර දෙනවා.
මහෝසධ පඬි තුමා නිලයභාරගෙන ඔහු සමග පැමිණි ඇමතිවරයාත් සමග ආපහු ඔහුගේ ගෙදරට යනවා. මහෝසධ පඬි තුමා මාලිගාවට එනකොට පාරේ උඩින් පැන පැන ආපු  වලවල්  හොඳ තැන්පත්ව පසුකර පාරට නැවී තිබුණ අතුවල  කොළ කඩන්නේ නැතිව සංවරසීලීව ගෙදරට පැමිණියා. එතකොට අර ඔහුත් එක්ක පැමිණි ඇමතිවරයා  මහෝසධ පඬි තුමාගෙන් අහනවා පඬි තුමානෙනි ඔබ රජ මාලිගාවට යනකොට වලවල් උඩින් පැනපැන ගියේ නමුත් ආපහු එනකොට  ඒ වලවල් උඩින් පනින්නේ නැතිව හොඳ පිළිවෙලට සාන්ත දාන්තව පැමිණියා  ඒ මොකද කියලා.

මහෝසධ පඬි තුමා කියනවා ඇමති තුමනි මම මාලිගාවට යනකොට කිසි වගකීමක් නැති කොලුගැටයෙක් නමුත් ආපසු  එනකොට මම  රාජ්‍ය නිලයක්දරන වගකිව යුතු පුද්ගලයෙක්. ඒ නිසා ඒ නිලයට ගරුකරන පුද්ගලයෙක් වශයෙන් ඒ නිලයට ඔබින  අන්දමට හැසිරිය යුතු නිසයි  මම සැලකිලිමත්ව හීන්සිරුවෙන් යහපත්ව ගමන්කළේ .

රටක ජනාධිපතිවරයෙක්ද හැසිරිය යුතු කතා කලයුතු පිළිවෙලක් තියෙනවා. ඔහු රටේ වග කිව යුතු නායකයෙක්,  බෞද්ධයෙක් ඔහු මුළු රටටම ආදර්ශයක් විය යුතුයි. ජනාධිපති වශයෙන්  ඔහු කිසිවෙක් හතුරෙකු වශයෙන්  හෝ අප්‍රිය පුද්ගලයකු වශයෙන් හෝ සැලකිය නොයුතුයි. හැමොටම එක විධියට  සලකන උපේක්ඛා ගුනයතිබෙන යහපත් කාරුණික පුද්ගලයකු වියයුතුයි. කෙනෙකුට තදින් යමක් කියනවානම්, ඔහුගේ තනතුරේ බලය අනුව ක්‍රියා කරනවානම් එයත් හොඳට හිතා බලා යහපත්ව උපාය මාර්ගිකව කාරුණිකව  කලයුතුයි.

නමුත් අපේ ජනාධිපති ඒ කිසි උපායමාර්ගයක් සලකන්නේ නැ. අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා වීදුරුභාන්ඩ වෙළඳ සැලකට පැනපු ගොනෙක් වගේ කියලා. එවිධියට රාජ්‍ය පාලකයෙකුට කටයුතුකරන්න බෑ.

සිරිසේන ජනාධිපති තුමා තමන් කරපු වැරදි වලින් ඉගෙන ගන්නේ නැති බවක් පේනවා. 2015 අගෝස්තු මාසයේ ඔහු මැතිවරණයකට පැමිණි  මහින්ද රාජපක්ස මහතාට විරුද්ධව ගත ක්‍රියා මාර්ගය නැණවත් ශිස්ඨ සධාචාරමත් කිසිවෙක් සුදුසුයි කියන්නේ නැ. මහින්ද  රාජපක්ෂ මැතිතුමා  ඒ මැතිවරණයෙන් දිනන බව දැනගත් ජනාධිපතිතුමා චෝදනා රාශියක් ඇතුලත් ලිපියක් යැව්වා, දෙවනුව දැනුම් දුන්නා  දිනුවත් අගමැතිකම දෙන්නේ නැ කියල.

තෙවනුව මැතිවරණයට දවස් කීපයකට ඉස්සෙල්ල පක්ෂයේ  ලේකම් දෙපලම අස්කරලා අලුත් ඔහුගේ සගයන් දෙදෙනෙක් ලේකම්වරුන් වශයෙන් පත් කලා.  මේ සියලු අසොභන  ජනාධිපතිවරයෙකුට තරම් නොවන ක්‍රියාවන්ගෙන් සිදු උනේ මහින්ද  රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයට  ලැබෙන්ට තිබුණු චන්ද සංක්‍යාව අඩුඋනා.

මොහු අදත් ගෙනයන්නේ ඒ  ඔහුගේ නිලයට සුදුසු නැති නුවණැති පුද්ගලයන් විසින් හෙළාදකින අසොභන හැසිරීමක්.    

2015 ජනවාරි මාසයේ බලයට  පැමිණි මේ දෙබිඩි  ආණ්ඩුව රටට මොනවාද කරලා තියෙන්නේ. මෙතුමන්ලා කියන හැටියට ප්‍රජාතන්ත්‍ර වාදය ඇතිකරලා තියෙනවලු . නමුත් ප්‍රජාතන්ත්‍ර වාදය රටෙන් නැතිවීගියබවක් ජනතාවනම් දන්නේ නැ. සුදු වෑන් සන්ස්කෘතියක් නැතිකලාලු. නමුත් තාම  මිනිසුන් වෑන් රථවලින් පැහැරගෙන යෑම් පිළිබඳව ආරංචි ලැබෙනවා, මාද්‍යවෙදීන්ට සම්පුර්ණ නිදහස් දීලාතියෙනවා කියනවා. නමුත් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයා විසින්ම පාර්ලිමේන්තුවේදීත් මාද්‍යාවේදීන්ට තරවටුකරනවා  හැමෝම දෑකලා තියෙනවා.  හොරකම් කරන්නේ නෑ කීවා නමුත් මහබැන්කුවත් මහදවාලේ  බිඳලා හොරකම් කළා.  නමුත් මේ ඔවුන්  කියන දියුණුවේ ලකුණු නිසා මිනිසුන්ගේ බඩගිනි අඩු වෙලාද? 

ජීවන වියදම  පහතවැටිලාද ? නෑ.  ඉතින් මොනවාද  මේ දෙබිඩි ආණ්ඩුව රටට කල දියුණුව?

සිරිසෙන ජනාධිපති තුමන්නම් විරුද්ධ වාදීන්ට පතුරුයනකන් බනිනවා.  විපක්ෂයෙ  හිටියාකිව් හොරු සේරම දැන් දෙබිඩි ආණ්ඩුව පැත්තේ.  බැංකුව හොරා කෑම  පිලිබඳ කොමිසන් වාර්තාවේ  නොකියපු දේවලුත් තියෙනවා කියනවා. තියෙනවා කියපු  දේවල් නෑ  කියනවා. තව කොච්චර කාලයක් මේ නාඩගම නටන්න හදනවද?

ඉන්දියාවත් එක්ක වෙළඳ ගිවිසුම් තියන්න ඉස්සර සින්ගප්පුරුවත් එක්ක ගිවිසුම්තියාගෙන. ලෝකයේ පිරිසිඳු නගරයක් බවට පථත්වූ කොළඹ අද දුගඳ හමන නගරයක් වෙලා. විග්නේස්වරන්ට ලෝකයේ හැමපැත්තෙන්ම ඩොලර්  මිලියෙන ගණන් ගලාගෙන එනවා. උතුරේ අනාගමික දෙමළ විතරක් පලාතක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. ඉන්දියන්  කාරයෝ ලංකාවේ හැමපලාතකම රැකි රස්සාවල් ලබාගෙන පල පදියම් වෙනවා.  නමුත් දෙබිඩි ආණ්ඩුව ඇස් පියාගෙන  හොරුඅල්ලන්න කෑකෝ ගහනවා.

එදා ලංකාව දෙකඩවීමේ සලකුනුපහල උන අවස්ථාවේ ජාතියේ වාසනාවකට  ජනාධිපති බවට පත්වූ මහින්ද  රාජපක්ස මැතිතුමා ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් පරාජයකොට රට එක්සේසත් කර, ලංකාව එතෙක් නොදුටු මහා සංවර්ධනයක් කරා ගෙනගිය ශ්‍රේෂ්ඨ නායකයා. නමුත්  දැන් ඔහුගේ පුරවැසි අයතිවාසිකම් නැතිකරන්න  මෛත්රිපාල ජනාධිපතිගේ  දෙබිඩි ආණ්ඩුවේ සැලස්මක් තියෙන බවද ආරංචි මාර්ගවලින් හෙළිවේ.

මෙන්න මෙහෙමයි, සුදුපාට රෙදි ඇඳගෙන මහා කරුණා ගුනයෙන් හෙබි බෞද්ධනායක ජනාධිපති සිරිසේන මැතිතුමා 2001 සිට 2014 දක්වා ශ්‍රී ලංකා නිදහස්පක්ශයේ මහ ලේකම්වරයාව සිට දැන් දෙබිඩි ආණ්ඩුවක නායකත්වය ලෑබ ජනාධිපතිවරයා බවට පත්ව සිට ඔහුත් සමග වසරගනනාවක් එක්ව සිට ඒ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්වද වී  ඒ  ආණ්ඩුව කල හැමදේකටම සම්බන්දව සිට ඒ සියල්ල අමතක වී වසර ගණනාවක් කුම්භකර්නයෙකුමෙන් නිදා සිට අවදි උවකුමෙන් ඔහුගේ ඒ සගයන් ගැන කියන කතා

ගොල්ලන්ට ජී. ඇල්. පීරිස්ගේ හොර පක්ෂෙන්, දේශපාලන කුණු කානුවෙන්, වසංගත රෝග වාට්ටුවෙන් මිදෙන්න බෑ. ඒක හොරු ආවරණය කරන පක්ෂයක්‌. හොරු නිදහස්කරපු පක්ෂයක්‌. මගේ ප්රතිපත්ති පිළිගෙන ඔය හොරුන්ට මාත් එක් හිටගන්න බැරි බව මම පැහැදිලිවම දැනගෙනයි එහෙම කිව්වේ. රටේ කොච්චර හොරු හිටියත් දූෂිතයෝ හිටියත් මේ රට අපි හදන්න ඕන ජාතික සමගියෙන් ගොඩ නැඟුනු රටක්විදිහට.

නමුත් ඒ සගයන් සමග සිටිකාලයේ ඔවුන් කල හැමදේකටම ජනාධිපති තුමත් සම්පුර්ණයෙන්ම වග කිව යුතු බවත් ඔවුන් කල හැමදේකටම සම්මාදන් උන බවත්  අමතකවෙලාද ? ඔවුන් එදා හොරු නම්  ඒ කාලයේ හොරකම්වලට ජනාධිපති තුමත් සම්බන්ධව සිටියා නොවේද ?  

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. වෛරය කරන්නා වෛරයෙන්ම නසී. සටනට කඩුවගන්නා තැනැත්තා කඩුවෙන්මනසී.


මේ  දෙබිඩි   ආණ්ඩුවට මෙසේ තව කාලයක් පැවතීමට ඉඩදුන්නොත්  එය අපේ රටේ ද අවසානයයි.  එබැවින්  මේ  දෙබිඩි   ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්න ලබන පළාත් පාලන චන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට ඔබේ වටිනා චන්දය දෙන්න

Tuesday 30 January 2018

ජනතා විමුක්ති පෙරමුණට චන්දය නොදිය යුත්තේ ඇයි ?

ජනතා වීමුක්ති පෙරමුණේ දේශපාලන උපාය මාර්ගය මාක්ස් වාදී න්‍යාමයන් අනුවත් කාලෝචිත නොවේ. ඔවුන්ගේ උපාය  එක්සත් ජතික පක්ශයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහින්ද  රාජපක්ෂ ජනාධිපති තුමා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනත් රට විනාශය කරාගෙන ගිය, ගෙන යන,  මහා පරිමාන හොරු ඔවුන් රටට කරපු දේකුත් නැ ඉදිරියෙ දී කරන දේකුත් නැ කියන ප්‍රචාරයක් මිනිසුන් අතර පැතිරවීමයි.  

ජනතා  විමුක්ති පෙරමුණ කියනවා ඔවුන් විතරයි  හොරකම් කරලානැති රජයේ මුදල් වංචාකර නැති පිරිසිඳු දේශපාලන පක්ෂය කියලා. ඒ නිසා ගම හදන්න  පළාත් පාලන චන්දයේදී ජනතා  විමුක්ති පෙරමුණට චන්දය දෙන්නයයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  නමුත් ඔවුන් නිවැරදි කියලා හිතනවා මිස  දිග දුර බැලීමක් නෑ. ජනාතව දන්නවා දේශපාලකයෝ හොඳ පිරිසිඳු දේශපාලන චරිත වී සිටින්නේ හොරකමට  වංචාවට දුෂණයට ඉඩ ප්‍රස්තා නැතිවීම නිසයි කියල.

එක්සත් ජාතික පක්ෂය ගත්තොත් අවුරුදු 20 කටත් වැඩිය පාලන බලය නැතිව සිටි කාලයේ හැමෝම  කීවේ  එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ  මැතිතුමා බටලන්දෙන් ගෑවුණු ලේ පැල්ලම් ටිකක් ඇරුණු කොට  වෙන හොර මැර  වංචා දුෂණ යන්ගෙන් කිලිටි නොවුන හොඳ පිරිසිඳු දේශපාලකයෙක් කියලා.

නමුත්  2015 ජනවාරි මාසේ  ලංකාවේ අගමැති පදවිය ලබාගෙන ලැබුනු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජනය ගැනීමට  කටයුතු කරලා  ඒ අවුරුද්දෙම පෙබරවාරි 27 වනදා මහා බැන්කුවෙන් බිලියන ගණනාවක් හොරකම්කරන්ට  ඍජුව හෝ වක්‍රව ස්මබන්ධ උනා. කිරිඇල්ලේ කිසිම පැකිලීමක් නැතිව කියනවා  ඔහුට උදව් කල 45 දෙනෙකුට ඔහුගේ අමාත්‍යාන්සේ  එකෙකුට මාසෙකට රුපියල් 85නස්  දාහක පඩියකට රස්සාවල් දුන්න කියල.

ඉතින් මිනිස්සුන්ට අහන්ට පුළුවන් නේද මේ ජනතා වීමුක්ති පෙරමුණේ උන්නැහෙලත් අවස්තාවක් ලැබුනොත් මොනවා කරයිද කියලා ? ඒ හින්දා ජනතා වීමුක්ති පෙරමුණේ පවතින පිරිසිඳු නොකිලිටි  බව හුවා පෑමෙන් දේශපාලන වාසියක් ලබාගන්නට පුළුවන්කමක් නැ.

ජනතා  විමුක්ති පෙරමුණට පළාත් පාලනය දිය යුතුද නැද්ද හොයා බැලීමට  වෙනත් මිනුම් දඬු  තියෙනවා. ශ්‍රී ලංකාව මාක්ස්වාදී විප්ලවයකට සුදුසු වාතාවරණයක් තියෙන රටක් නොවේ. ඒ බව ජනතා  විමුක්ති පෙරමුනේ දේශපාලකයන්ට වඩා දක්ෂ නිහතමානි ලංකාවේ සිටී  මාක්ස්වාදී ප්‍රභුවරුන් දැනසිටියා.  ඔවුන් ජනතා  විමුක්ති පෙරමුණ මුල්  අවස්ථාවේ කල විනාශකාරී මෝඩ සංහාරයන් කලේ නැ.

ඔවුන් කථාකල සිත් ඇදගන්නා කථා පිළිවෙලත්  ජනතා  විමුක්ති පෙරමුනේ කලහකාරී ද්වේෂසගත වාග් ප්‍රහාරයන්ට  වෙනස්. බලන්න ජනතා  විමුක්ති පෙරමුනේ කථිකයො ලාල් කාන්ත, අනුර කුමාර  දිසානායක, විජිත හේරත්, විමල් දිසානායක, මේ හැමදෙනාම කතාකරන්නේ යක්ෂයෝ වගේ තරහෙන් වයිරයෙන්, මහින්ද  රාජපක්ස ජනාධිපතිතුමා ගැන කතාකරනකොටවත් කිසිම ගෞරවයක් හැදියාවක් නැතිව කථා කරන්නේ.  කෙනෙකුට හොරා කියන්න බැ නීතියෙන් හොරකම් කලායය් තීන්දුවක් නැතිව. කියන දේ මිනිස්සුන්ට අහගෙන ඉන්ට කැමති පිළිවෙලට සිනහ මුහුණින්  යහපත්ව කතාකරන්න අනුර කුමාර  දිසානායක ආදී ජනතා  විමුක්ති පෙරමුනේ නායකයින්ට බැ.

රටක දේශපාලන බලය ගැනීම හිතන තරම් පහසු නැ.  එ නිසයි මාක්ස්වාදින් අතර සමහරෙක් කීවේ එකපාරට විප්ලවයක් කරන්නට බැරි නම් හෙමිහීට කල් අරගෙන,  රටේ ජන්ප්‍රිය සමාජවාදයට නැඹුරු දේශපාලන පක්ෂයක් වේනම් එ පක්ෂයෙ එල්ලිලා ඒ පක්ෂය ඉඳන් තමන්ගේ මාක්ස්වාදී දේශපාලන අදහස් මිනිසුන් අතර ගෙනයමින් ක්‍රමවත්ව මාක්ස්වාදී දේශපාලන ක්‍රමයක් ඇතිකිරීම සඳහා  ක්‍රියාකරන්න.

නමුත් ජනතා  විමුක්ති පෙරමුණ වැටවල් කඩාගෙන බිඳගෙන දේශපාලනය උදුරාගන්න කරන  අසොභන  ව්‍යායාමය ජනතාව පිළිගන්නේ නැ,  එයින්  ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නැ.

කථා කරන්න ඕනෑ තමන් බලයට පැමිණියොත් මොනවාද කරන්නෙ. කරලා තියෙනවැරදී මොනවද ඒ වැරදි නිවැරදි කරන්නේ කොහොමද කියල.  එ පිළිබඳවයි  ජනතාව දැනගන්න කැමතී.  අරය හොරා, මෙය හොරා කියා කියා තමන්ගේ නොකිලිටී  සුද්ධභාවය  ප්‍රකාශ කරන්න ගන්න ව්‍යයාමය උපන් තැනම මැරී යන ක්‍රියාදාමයක්. 

මෙයින් පෙනේනේ ජනතා  විමුක්ති පෙරමුනේ දේශපාලන බංකලොත් භාවයයි. මෙවැනි හේතුන් නිසා ජනතාව හිතන්නේ  ජනතා  විමුක්ති පෙරමුනේ සිටින්නේ තරහෙන් මොරදෙන දේශපාලන ගැටයෝ මිසක, වගකිවයුතු නිරහංකාර  පළපුරුදු හොඳ දේශපාලන හැකියාවක් ඇති දේශපාලකයන් කොටසක් නොවන බව.  

එහෙව් ජනතා  විමුක්ති පෙරමුනට දෙන චන්දයෙන් රටට සේවයක් නොවනන්නේය. අද දේශපාලන වෙදිකාවෙ පේන මාන්නයක මේ රට කඩා වැටී  විනාශවී යෑමෙන් බේරාගැනීමට පුළුවන් එකම දේශපාලන නායකයෙක්  නැත.  නමුත් ඒ අයෝමය ක්‍රියාවලිය  කල හැකි,  රට වැනසු ත්‍රස්තවාදය මුලිනුපුටා  රට දියුණු කල, එකම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් බව ජනතාව පිළිගෙන හමාරය. ඔහුට කොපමණ හොරා  යයි හංවඩු ගහන්න තැත් කලත් ජනතාව ඔහු ඔවුන්ගේ  ආදර නායකයා බවට පිළිගෙන ඇත. .

ජනතා  විමුක්ති පෙරමුන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලන වශයෙන් සංවිධානය කිරීමද පිළිගත නොහැක. මේ ජනතා  විමුක්ති පෙරමුන විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලන වශයෙන් සංවිධානය කිරීමෙන් ඔවුන්ගේ අද්යාපනයට මහත් හානියක් සිදුවෙනවා මෙන්ම එයින් ඔවුන්ගේ අනාගතයටද භාදක ඇතිවෙයි. යුරෝපයේ රටවල්වල විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් දේශපලන පක්ෂ මගින් සංවිධාන කිරීමක් නොමැත.

ප්‍රන්සයෙ  ප්‍රසිද්ධ ශිෂ්‍ය නායකයකු වූ කොහෙන් බෙන්ඩිට් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධවුවෙක් නොවේ. ඒ රටවල විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් තමන්ගේම ශිෂ්‍ය සංගම් පිහිටුවාගනීයි. ලංකාවේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් ජනතා  විමුක්ති පෙරමුන විසින් සංවිධානය කිරීම පිළිගත නොහැක. ඒ   ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය විනාශ කිරීමකි.

විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් මුලාකර ඔවුන්ගේ අනාගතය ගැන නොසිතා ඔවුන් ජනතා  විමුක්ති පෙරමුනේ දේශපාලන අවශ්‍යතාවයන්  සඳහා යොදාගැනීමට විරුධව මෙවර පලාත්පාලන චන්දයෙදී ජනතා  විමුක්ති පෙරමුනට ඔබේ චන්දය නොදීය යුතුය.

අද පළාත් පාලන චන්දය සඳහා ඉදිරිපත්වී සිටින මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සියලුම දේශපාලන පක්ෂ නායකයන් කියන එකම දේ  හොරුන් ඇල්ලීමයි ඒ සඳහා ඉලක්කය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා හා ඔහුගේ හිතවතුන්,  හා බැඳුම්කර හොරකමයි. බැඳුම්කර හොරකම සම්බන්ධයෙන් උවත්  දැන් ගෙනයන උත්සහය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඒ වංචාවට කොහොමහරි පටලවා ගැනීමයි..

එක්සත් ජාතික පක්ෂයෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හා ජනතා වීමුක්ති පෙරමුණේත්  චන්ද ව්‍යාපාරයේ එකම තේමාව හොරුන් ඇල්ලීමයි. මේ තේමාව මේ සියලු බංකලොත් දේශපාලන පක්ෂවලට අවශ්‍ය නමුත් මේ බොරු ප්‍රචාර ජනතාවගේ  පිළිකුලට හේතුවී තිබේ. 

ඇත්තවශයෙන්ම මොවුන් කතා කලයුත්තේ  ඔවුන්ගේ දේශපාලන දර්ශනය, ගම සංවර්ධනය කිරීමට ඔවුන් ගන්න වැඩපිළිවෙල  කුමක්ද ආදී දේවල්. නමුත්  ඒ වෙනුවට  අනිත් දේශපාලනවල හොරකම් දුශිතකම් පිළබඳව චෝදනා එල්ලකරන එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, ජනතා වීමුක්ති පෙරමුනටවත් පළාත් පාලන චන්දයේදී චන්දය නොදිය යුතුය.

මාර්ක්ස්වදියෝයි කියාගන්න ජනතා වීමුක්ති පෙරමුන සමජවාදියට බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවීම සඳහා බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත්  හා ජාතිවාදී දෙමළ ජාතික සන්දානයත් සමග එක්වීමෙන්ම ජනතා වීමුක්ති පෙරමුනේ වන්චනික නිරුවත ජනතාවට දැකගැනීමට හැකිවිය.


ජනතා වීමුක්ති පෙරමුන බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමග එක්වීමෙන්  ඔවුන් කරන දේශනාපලන ප්‍රෝඩාව නිසා පෙනීයන්නේ ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසී සඳහා මාක්ස්වාදය පාවාදෙන බවයි. එබැවින් මේ මර්ක්ස්වාදීන් යයි කියාගන්න එක්සත් ජාතික පස්සයත් සමග සම්බන්ධකම් පවත්වන ජනතාව මුලාකරන ජනතා වීමුක්ති පෙරමුනට ඔබගේ චන්දය නොදිය යුතුය.

Sunday 28 January 2018

එක්සත් ජාතික පක්ෂයට චන්දය නොදිය යුත්තේ ඇයි ?

එක්සත් ජාතික පක්ෂයෙ රට නොමග යවන බටහිරට ගැති ධනවාදී  දෙශපාලන ක්‍රමය වෙනස්කල යුතුය. ලංකාව ධනවාදී දේශපාලන ක්‍රමයකට යෝග්‍ය රටක්  නොවේ.

ඒ නිසයි ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් එදා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකින් වෙන්වී සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන වාමාංශික පක්ෂත් සමග එක්වී ආණ්ඩුවක් පිහිටුවාගත්තේ.

ධනවාදී දේශපාලන දර්ෂණය බටහිර ආකෘතියක්. ධනය නිපදවන්නේ ධනය තියන අයනිසාත්  ඒ ධනය නිපදවීම නිසා දුප්පත් ජනතාව ඔවුන්ගේ ශ්‍රමය ධනපති පැලැන්තියට විකුණලා ඔවුන්දෙන සොච්චමකින් ජීවත්වීය යුතුයයි  පිළිගැනීමයි ධනවාදී දර්ශනය. 

ධනය නිපදවීම සැලසුම්කරණ ධනවතාත් ඒ සඳහා ශ්‍රමය යොදවන කාර්මිකයාත් අතර ධනය සමසේ බෙදාහැරියයුතුය යන මතය ගෙන ආවේ මාර්කස් නමැති දාර්ශිනිකයාය. 

ඒ දර්ශනය අනුව අනෙකුත් සමාජවාදී දේශපාලන දර්ෂණ ඇති ඌවා යැයි කෙටියෙන් කිව හැකිය. එක්සත් ජාතික පක්ෂයේ බටහිර ධනවාදී දේශපාලන දර්ෂණය සතුන් අතර තිබෙන තිරිසන් සතුන්ගේ ජීවන ක්‍රමයට  හා සමානය. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දර්ශනයද  බලවතාගේ නීතියට යටත්ව සාමාන්‍ය මිනිහාගේ ජීවිත සකස්කරගැනීමේ තිරිසන් දේශපාලන දර්ශනයක් බව දැන් ඔබට තෙරුම්යනවාද ? 

අපේ භාග්‍යවත්වූ බුදුපියානන්වහන්සේගේ බෞද්ධ දර්ශනයේ තේමාවත් සමජවාදීයි. ජෙසුස්වහන්සේගේ  ක්‍රිස්තියානි දර්ශනයත් සමාජවාදීයි. එක්සත් ජාතික පක්ශයේත්, ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් ගේ සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්  දේශපාලනයම වෙනස එයයි .

ඒ නිසාමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති, එතුමා වටේ බලලෝභයෙන් සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ඇවිත් රැස්වසිටින  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නරුමයින් 45 දෙනෙකු ත් එක්ව ධනවාදී එක්සත් ජාතිකපක්ෂයට එක්වී කරන යහපාලන නාඩගම ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් පාවා දීමක් හා එතුමාට කරන අවමානයක් වන්නේ. බටහිරෙයි නැගෙනහිරෙයි එක්වීමක් නැතිවාසේම සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, බටහිරට ගැති  ධනවාදී  එක්සත් ජාතික පක්ෂයේත් එක්වීමක් නැත්තේය. එක්වීමක් වියද නොහැක්කේය.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොපමණ ගිරිය පුප්පාගෙන බෙරිහන් දුන්නත් ඔහුට තමා සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ  නායකයායි කියා ගත නොහැක්කේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බටහිරට හිස නමන ධනවාදීන් පිටුපස යන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හා සාමන්‍ය ජනතාව ධනවාදයට පාවාදුන් කෙනෙකි. එබැවින් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ  අත ලකුණට හෝ බුලත් කොලයට දෙන හැම චන්දයක්ම බටහිරට හිස නමන ධනවාදී එක්සත් ජාතික පක්ෂයට දෙන චන්දයක් වන්නේය.

බටහිර ධනය රැස්කරගත් කෝටිපතියෝ ධනය නිපදවන හැම අංශයක්ම ඔවුන් අයිතිකරගෙන වැඩකරන ජනතාව පාගාගෙන ඔවුන්ගේ ශ්‍රමය නිසා ලබාගන්න  ධනබලයෙන් රැකෙන ධනවාදී න් ඔවුන්ට සරිලන දේශපාලන ක්‍රමයක් ගෙනයයි.  එ  බටහිරට හිසනමන ධනවාදී දේශපාලන ක්‍රමය හොරකමින්, වන්චාවෙන් රට අගාදියට දමාගෙන  සාමාන්‍ය ජනතාවගේ ඕනෑ එපාකම් වලට වඩා තමන්ගේම බලය හා සැපත සඳහා  යොදාගන්න රනිල් වික්‍රමසින්හගේ   නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂය  ශ්‍රී ලංකාවට කොහෙත්ම  නොසුදුසු දේශපාලන ක්‍රමයකි.

ධනවාදීයෝ  ධනය කෙසේ මොනක්‍රමයෙන් හෝ හම්බකරගෙන එයින් සමාජ,  දේශ පාලන බලය තමන් අතට ගෙන කරගෙන යන  ධනවාදී ආණ්ඩුක්‍රමයක කිසිදු  දර්ශනයක්ද නැත. ආගමත්  ධනයත් හොර මැරකමත් ඔවුන්ගේ බලය සඳහා යොදාගනියි.

එක්සත් ජාතිකපක්ෂයේ ආණ්ඩුක්‍රමය එයයි. දැන්වත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු මේගැන සිතා බලා ශ්‍රී ලංකාවට කිසිසේත් නොසුදුසු  මේ දේශපාලන ක්‍රමය අත්හැර දමා සමාජවාදයට නැඹුරු දේශපාලනපක්ෂයක්  ඇතිකරගත යුතුය. එසේ නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයට සම්බන්ධවී අලුත් ලංකාවක් ගොඩ නැංවීමට දායකවිය යුතුය.

1948 සිට අදවනතුරැ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාව විනාශය  කරා ගෙනගියා  මිස ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කිසිත් නොකළේය,  ඩී ඇස් සේනානායක වැනි දේශපාලකයින් හොඳ මිනිසුන් බව සැබෑය.  නමුත්  ඔවුන්ට ශ්‍රී ලංකාව ජාතියක්වශයෙන් එක්සත්කර ආගමීක සංස්කෘතික වශයෙන් දියුනු රටක් බවැට පත්කිරීමේ දර්ශනයක් තිබුනේ නැත. පසුකාලීනව උවද  එක්සත් ජාතික පක්ෂ නායකයින් ටයර් උඩ තරුණයන් පිළිස්සු, බටලන්දේ වධකාගාර පිහිටවූ,  කොටින් සමග ගිවිසුම් අත්සන් කල, මහා බැංකුව හොරකම් කල අපරාධමය ඉතිහාසයකට අයත් ඌවන්ය.

එබැවින් මහජනතාව මේ බව හොඳට වටහාගෙන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා වෙ දේශපාලනයෙන් නැත්තටම නැතිකිරීම සඳහා මුලපිරීමක් වශයෙන් ලබන පලාත්පාලන චංදයෙදී  රනිල් වික්‍රම්සිංහ නායකත්වය දෙන  එක්සත් ජාතික පක්ෂයෙ අලියා ලකුණට  චන්දය දීමෙන් වලකින්න.

ඒ චන්දය ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් එදා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකින් වෙන්වී පිහිටවූ සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ දේශපාලනය ගෞරවාන්විතව ආරක්ෂාකරගෙන  ඒ දර්ශනයම පදනම්කරගෙන පිහිටුවා තිබෙන ශ්‍රී ලකා පොදුජන පෙරමුනට ලබා දෙන්න.

මේ යහපාලන වධකයන් විසින් ශ්‍රී ලංකාව අද වට්ටවා තිබෙන ප්‍රපාතයෙන්  ගොඩගෙන නැවතත් දියුනුවකරා ගෙනයන්න ඒ නවතම ශ්‍රී ලකා පොදුජන පෙරමුන ජයග්‍රාහී කිරීමට උපකාරකිරීම අපේ යුතුකම වන්නේය.  

ඒ  ජයග්‍රහණය නිසා  අවුරුදු 2600කටත් වැඩි ඉතිහාසයක් තිබෙන අප  භාග්‍යවත් මහා කාරුණික බුදු පියානන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන්  පුන්‍ය භූමියක්වූ මේ ශ්‍රී ලංකාද්වීපය නැවතත් සතුරු භීෂණයෙන් තොර ආරක්ශාවත්   සාමයත්  සතුටත්  පිරි  සෞභාග්‍යමත් අනාගතයක් සඳහා ගෙනයාමට ශ්‍රී ලකා පොදුජන පෙරමුනට හැකිවන්නේය.  මේ සඳහා දායක වීමෙන් බටහිර ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂය සදාකාලිකවම  ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දෑමට ඔබට හැකිවන්නේය. 

Saturday 27 January 2018

මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එස් ඩබ්ලියු ආර් ඩී බණඩාරනායක පිහිටෙවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් වෙනස.



බණඩාරනායක මැතිතුමාගේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

බණඩාරනායක මැතිතුමා  එක්සත් ජාතික පක්ෂයෙන්වෙන්වී  දේශපාලනය වශයෙන් ඊට සම්පුර්ණයෙන්ම වෙනස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා.

 බණඩාරනායක මැතිතුමා  එක්සත් ජාතික පක්ෂයෙන්වෙන්වී  සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටුවා මහජන එක්සත් පෙරමුණ, ලංකා  සමසමාජ  පක්ෂය, කොමුනිස්ට් පක්ෂය සමග එක්වී සාමුහික සමාජවාදී පාලනක්‍රමයක් සකස්කළා .

2015 ජනවාරි 8වන දා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පරදවා සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරය ලබුවාටපසුව 16 වනදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ධුරය සිරිසේන මැතිතුමාට භාරදුන්නා.

බණඩාරනායක මැතිතුමා  බටහිරට ආවඩපු පුද්ගලයෙක් නොවේ.   බණඩාරනායක මැතිතුමා  දැනසිටියා  බටහිර දේශපාලකයෝ  උන් නිදහස දුන් රටවල දියුණුවට භාදකරන ඒ රටවල් ඔවුන්ගේම වාසියට යොදාගන්න පිරිසක්බව. උන් සමග ජීවත් වී උන් සමග ආශ්‍රයෙන් උන් ගැන හොඳ වැටහීමක් තිබුණා කෙනෙක් නිසා  බටහිර ධනවාදී රටවල්වලට වඩා  නැගී එන වාමංශික රජයවල් කෙරෙහි විශ්වාසය තැබුවා.

බණඩාරනායක මැතිතුමා  පිහිටෙවු සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්වය ලබාගතහැක්කේ එතුමා ගේ හිතුවිලි හඳුනාගෙන මේ රට බටහිර සන්ස්කෘතියට වහල්නොවූ  ඉවත්වී සිංහල බෞද්ධ දේශීය සංස්කෘතියක් ගොඩනැංවීමට කැපවූ රටේ සියලු ජනතාවන් එක්රැස්කර ගත හැකි දේශපාලකයෙක් විසින්ය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකක් තිබේ.  එකක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනික ශ්‍රී ලංකා පොදුජනපෙරමුන සමග පෙළගැසී සිටින සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනය ගැබ්වී තිබෙන්නේ මේ දෙකෙන් එකකයි.

බණඩාරනායක මැතිතුමා  පිහිටෙවු එතුමාගේ දේශපාලන චින්තනය  ගැබ්වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පිළිගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සමග පෙළගැසී සිටින සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය.

බණඩාරනායක මැතිතුමා ගේ දේශපාලන චින්තනය  සමාජවාදී දේශපාලන චින්තනයක්  එබැවින්  එතුමා මහජන එක්සත් පෙරමුණ, ලංකා  සමසමාජ  පක්ෂය, කොමුනිස්ට් පක්ෂය  සමග පෙළගැසුනා.

බණඩාරනායක මැතිතුමා ගේ දේශපාලන චින්තනය උරුමකරගෙන ගෞරවාන්විතව ආරක්ෂකරගෙන ඒ අනුව ගිය මහින්ද  රාජපක්ෂ ජනාධිපති තුමා එතුමාගේ පාලන කාලයේදී රටට  සාමය ගෙනැවිත් සියලු ජාතීන් එකුති කිරීම සඳහා උතුර නැගෙන හිර දකුණ මෙන්ම දියුණුකර ඔහුගේ ජනාධිපත් නිවස කර ගත අරලියගහමන්දිරය අපේ බුදුපියන්නන්වහන්සේ දෙශනාකර වදාළ නිර්මලධර්මය පතුරුවාහරින ජේතවනාරාමයක්බවට පත්කලා.

බණඩාරනායක මැතිතුමා  කාලයක් ජීවත් උනානම් ඔහුටත් හොරෙක්යයි හන්වඩු ගහන අධමයන් සිටිනවාට අනුමානයක් නැත. දේශපාලනයේ පටන්ගැනීමේ සිට දේශපාලකයන්ට හොරුන්, දුශිකයන්,වංචනිකයන් යයි වැරදිව හෝ නිවැරදිව ප්‍රච්රුනා.  මේක අලුත් දෙයක් නොවෙයි  වැරදි අල්ලනවා කියන  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත්  ඔස්ට්‍රලියානු කොම් පැනියකින් අල්ලස් ගැනීමක් සම්භන්දව කතාවක් තියෙනවා> ඔය කවුරු කෙසේකීවත්  මහින්ද  රාජපක්ෂ ජනාධිපති තුමා හොරෙක් හෝ වංචනිකයෙක් නොවෙයි.

ඒ නිසා  ඔය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කරන්ට යනවා කියන හොරු දඩයම නතරකර රටහදන්ට දැන්වත් පටන්ගන්නවා නම් හොඳයි නේද ? 
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී ඊටහාත්පසින්ම වෙනස් බණඩාරනායක මැතිතුමා  අත්හැරදැමූ එක්සත් ජාතික පක්ෂයට රින්ගා ගත්තා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඒ සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව දක්ෂිණාංශික ධනවාදී එක්සත් ජාතික පක්ෂය හා ඊට සම්බන්ධ පක්ෂ සමග එක්වී මහජන එක්සත් පෙරමුණ, ලංකා  සමසමාජ  පක්ෂය, කොමුනිස්ට් පක්ෂය ආදී වාමාන්ශික පක්ෂවලට විරුද්ධ දක්ශිනාන්තික පාලනක්‍රමයක්  ගෙනයමින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයයි කියාගන්නවා.

මේ ව්‍යජ නායකයත්වය  බණඩාරනායක මැතිතුමා ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් පාක්ෂකයින්ට පිළිගන්ට පුලුවන්ද ? බැ මේ කරන්නේ ජනතාව මෝඩයන්ට ඇන්දවීමක් .

ජනවාරි 16 වනදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ධුරය සිරිසේන මැතිතුමාට භාරදුන්නට සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර ගොස්  ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමග පෙළගැසුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට  බණඩාරනායක මැතිතුමා පිහිටෙවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ධුරය ලබාගැනීමට කිසිසේත්ම පුළුවන්කමක්  නැ.

ලංකාවේ ගමක ඉපිද  ලන්කාවෙම හැදුන වැදඩුන ඉංග්‍රීසි අද්යාපනයක්ද  නොලත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   බටහිර ජාතීන් ගැන කිසිවක් නොදන්නා  පුද්ගලයෙක් නිසා ජනාධිපති ධුරයෙන් ලබාගත්  පිළිගැනීමක් නිසා සුද්දන් හමුවී මහරැජින හමුවී අතට අත දීමෙන් මහා ගෞරවයක් ලබාගත් කෙනෙක්යයි හිතන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  දැන් බටහිරට ආවඩනකෙනක්වෙලා.එහෙම කෙනෙක් කොහොමද සමාජවාදී  දේශපාලනයක් පිහිටෙවු
බණඩාරනායක මැතිතුමාට  සමාන වන්නේ
හෝ එතුමා පිහිටෙවු සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ  නායකයායි කියාගන්නේ ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ධනවාදී එක්සත් ජාතික පක්ෂයට එක්ව බටහිරින් කරන  බලපෑම් මත ව්‍යාජ සංහිදියාවක් සඳහා දෙමලජනතාව නොමග යවන දෙමළ දේශපාලකයන්සමග එක්වී ජාතික ගීයත් පාවාදී එක්සත්පක්ෂයට ඔනවිධියේ බෞද්ධ ආගමට විශේෂ තැනක් නොදී  සිංහල බෞද්ධ සංකෘතිය විකුර්තිකරන එක්සත් ජාතික පක්ෂයත් එක්ක යහපාලනයක් ගෙනයන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නමේ නායකත්වය මිස බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනය ගැබ්වූ දේශපාලනපක්ෂයෙ නායකත්වය නොවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස් නමක් පමණයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ එක්වසිටින්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්ෂිණාංශික ධනවාදී එක්සත් ජාතික පක්ෂය හා ඊට සම්බන්ධ පක්ෂ සමග එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණඩාරනායක මැතිතුමා ගේ දේශපාලන චින්තනය ට හාත්පසින්ම වෙනස් පක්ෂයකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට  බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනය සහිත සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ උරුමක්කාරයකු වන්නට ඕනෑනම්  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් අස්කර තාමත්  බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනයෙ ගෞරවය ආරක්ෂාකරගෙන සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිධුරය යුතුවන්නේ නොවේද ?

එතෙක් මේ ගම්සභා චන්දයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට ත් අපේ රට විනාශය කරා ගෙන යන රනිල් වික්රමසින්ඝ මහතාට හා ඔහුගේ එක්සත් ජාතික පක්ශයටත් රට හදන්ට නොව රට කඩන්ට එක්සත් ජාතික පක්ශයට පිටිපස්සේ සිට උපකාරකරන ජනතා වීමුක්ති පෙරමුණටත් පාඩමක් උගන්වන්නට සිංහල බෞද්ධයෝ නොකැඩී එකාමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගත්  ශ්‍රී ලංකා පොදුජ්ක්න්ක වෙර්ක;උනේ පොහුට්ටුව ලකුණට චන්දය දෙන්න.








සිරිසේන ජනාධිපති හා රනිල් අගමැති එකම කාසියේ පැතිදෙක.



මේ අභූත යහපාලනය නිසා අසරණවූ මගේ හිතවත් ලංකාවේ ජනතාවෙනි.  ඔබ අසරණ කල මේ කාලකන්නි සිරසේන රනිල්  යහපාලනයට නැවතත් රැවටෙන්න එපා.

උන්ට ඔබ රවටන්න බැරිබව වටහාදෙන්න පුළුවන් එකම අවස්තාවයි පළාත් සභා චන්දය.

රටහදන්න පුළුවන් දේශපාලන චින්තනයක් සිරිසේනටවත් රනිල්ටවත් නැ. සිරිසේන ගිරිය පුප්පවාගෙන හැමතැනම කියන්නේ හොරු  ගැන,  අලුත්වචනත් යොදාගන්නවා දැන් කතාකරන්නේ ප්‍රභූ චෞර සන්ධාන ගැන. මේ චන්දෙවෙනකම් ඇයි සිරිසේන ජනාධිපති නිස්ෂබ්ධව සිටියෙ අවුරුදු තුනකට පස්සේ දැන් ද එයාට හොරුපෙනිලා තියෙන්නේ ?

අසරණවූ අපේ මිනිස්සුන්ට දැන් ඕනෑ හොරු අල්ලන එකද නැත්නම් එදිනෙදා ජීවිතය ගෙනයැමට අවශ්‍ය භාණ්ඩමිල අඩු සාධාරණ ජීවනවියදමක් හා පීඩනයකින් තොර දේශපාලන ක්‍රමවේදයක් නොවේද ?  සිරිසේන ජනාධිපති මවාපාන ගිය ආණ්ඩුවේ හොරමැරකම් ගැන ගිරිය උලුප්පාගෙන කෑගහන හැම අවස්තාවෙදීම ඒ ආණ්ඩුවේ සිටි සිරිසේන ජනාධිපතිතුමාත්  ඒ හොරමැරකම්වලට සමබන්ධබවනේද  ජන්නතාවට වැටහෙන්නේ ?

ජනාධිපති තුමා පහුගිය ආණ්ඩුවට මොන දේකට හරි  චෝදනා කරනකොට ඒ චෝදනා එතුමාටත් එල්ල වෙනවා නේද ?  මේ ඔක්කොම කථා චන්ද පිස්සුවෙන් දෙන මර ලතෝනි. චන්දෙන් පස්සේ කටවහගෙන අගමැති බටහිර රටවල්වල උවමනාවට කරගෙන යන රට වනසන දේසපාලන වැඩපිළිවලට ඉඩදීලා නිකන් ඉඳියි. සංහිඳියාව සඳහා හා මාර අලුත් ව්‍යවස්ථාවක් හදල රට දෙකඩ කරන්න  රනිල් අගමැතිතුමාට ඉඩදීල නිස්ස්හබ්ද වෙයි.

රනිල් මංගල සමරවීර එක්ක එකතුවෙලා ඇමෙරිකාව සමග  එක්වී  ලංකාවට විරුද්ධව ගෙනා  යෝජනා ක්‍රියාත්මක කරයි. ඉන්දියාවත් එක්කත් සිංගප්පුරුව එක්ක වගේ වෙළඳ ගිවිසුමකට ඉඩදෙයි. . හොරු අල්ලන එක නොවෙයි මේ ශ්‍රී ලංකාවට ඇතිවෙන්න යන අනතුරුවලින් රට බේරගන්න එකයි සිරිසේන ජනාධිපති තුමාකල යුත්තේ. හොරු නැති දේශපාලනයක් ලෝකයේ කොහේ වත් නැ. යහපාලනයේ බැංකු කඩපුතරම් හොරු නම් ලෝකයේ කොහෙවත් නැ.

ඒ නිසා ජනාධිපති තුමයි එතුමා වටේ ඉන්න ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය  දෙකඩ කරන්න උදව් දුන් ජනතාව ප්‍රතික්ෂේපකල සමහරක් අයගෙන් ගෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 45 දෙනාට රැවටිලා ඔවුන් පෙනීසිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුනටනම් වැරදිලාවත් ඔබේ වටිනා චන්දය දෙන්න එපා.   

සිරිසේන ජනාධිපති  හා රනිල් අගමැති එකම කාසියේ  පැතිදෙක. ඒ නිසා ඔබ  සිරිසේන මැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට දෙන හැම චන්දයක්ම ඔබ දෙන්නේ  එක්සත් ජාතික පක්ෂයත් සමග ගැටගැහිලා ඉන්න යහපාලනයට.
අමතක කරන්න එපා මේ පළාත් පාලන චන්දයේදී ඔබ  සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අත ලකුණට  හෝ සන්ධානයේ බුලත් කොලයේ ලකුණට දෙන හැම චන්දයක්ම දෙන්නේ  එක්සත් ජාතික පක්ෂයට බව. 
සිරිසේන ජනාධිපති තුමා මහා පරිමාන  හා  ප්‍රභූ චෞර සන්දාන ගැන හයියෙන් කතාකරකර කලේ  එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ආරක්ශාකල එකයි.  රටේ  හා මාද්යයේ  උද්ඝෝෂණ  වැඩිවෙන්ට පටන්ගත්තාමයි කොමිසන් සභාවක් පත්කළේ. සය්ටම් වයිද්‍යා විද්‍යාලය සම්බන්ධව තාමත් ජනාධිපති තුමා තීරණයක් අරන් නෑ. එව්වා නේද අවශ්‍ය හොරු අල්ලනෙකට වඩා


මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණට චන්දය දෙන්න. ඒ පක්ෂයට පමණයි ලංකාව වැටිලාතියෙන අගාදියෙන් ගලවාගන්නපුලුවන්.

Thursday 25 January 2018

Waking up of Kumbhakarna


Kumbhakarna  the younger brother of Ravana slept for six months and woke up to eat everything within reach including human beings. In order to wake him thousand elephants were made to walk over him. He was finally  killed by Rama.

The modern Kumbakarna has woken up after three years. He cannot do anything after waking up but talk to threaten his opponents.  But his opponents know that he will go back to sleep again having done nothing but talk. He will be killed by a Rama, so beware of India from where a Rama may come.

This is just an image and no one should get offended.

Strangely in Sri Lanka,  from an administration that eliminated terrorism and terror, brought back peace and sanity, developed a poor country where smell of death still lurks, memory of sounds of guns and  human bombs still give shivers, removed potholed roads, and rebuilt dilapidated hospitals, out dated institutions of education, gave back light and water, the people wanted a change.   

These stupid people wanting a change  voted into power another administration hailed as a novelty with two political enemies fused to form an administration called good governance- Yahapalanaya. It was a failure from the beginning –the Yahapalanaya

They of the Yahapalanaya have nothing  in their books other than  how  to destroy the country, rob the banks, enrich the rulers, make the parliament a theatre for amusement with the Prime Minister the star performer, with the President the tragedian, and leave the ordinary masses to fend for themselves.

Their modus operandi is simple, oppose the previous administration,   shout from every platforms –TV, press , small or big gatherings, temples and wayside meetings,  about  the incompetence,  criminality, thefts, bribe takings of the  previous government , thus  hoping somehow  to win over the people drowning into poverty without any  hope of even a straw to hold onto, on to their side with class orations  by the leading actor- the Tragedian the recently woken revitalised Kumbhakarna.

Having had slept all the time the Kumbhakarna has not seen what his Prime Minister had been doing , unable to put up with the shouts, accusations, and rebukes  of the disgruntled people the Kumbhakarna appointed a Commission to investigate the Bank robbery of his champion Prime Minister. The Kumbakarna still half asleep does not follow the theatres enacted in the Parliament by his Prime Minister and his UNP devotees hoping to amuse the people

This Kumbhakarana after waking up is  still in his dream he had during the three years of sleep time.  He brags about the Commissions of inquiry he appoints and says he is happy that he has included the thieves of the previous administration in his new Commission for investigation. He claims that there had been bond scams in the former administration.

But what the Kumbhakarma is trying hard to make the people believe is  that  the previous administration is now an entity completely outside him, because he knows that if he accuses the previous administration of Mahinda Rajapakse for corruption and malpractices,  he who had been with that administration  as its  Minister of Health,  and  for over 25 years  the Secretary of that SLFP  of which  Mahinda Rajapakse was the President, he cannot be any clean, as he is also up to his nose involved with the thefts, corruption and malpractices  of the previous government , if there had been any.

Therefore, if he appoints a Commission to investigate the previous administration the Commissioners should call the Kumbhakarma before them to give evidence for the part he played in that administration.

But now he is  also trying to take  credit for the elimination of terrorism saying that during the last phase of military operations against terrorism he was the Acting Minister  of Defence in charge,  and it was he who eliminated terrorism and not the Previous President Mahinda Rajapakse who was away from the country at the time. 

In saying that he the Kumbhakarna  accepts the responsibility for war crimes that the America and the West claim that the Sri Lanka Armed Forces had committed during the last phase of the military operations against the terrorists during which time  Kumbjakarna says he was responsible for the defeat of terrorism. It is therefore he who should fear the Electric Chair and not the former President of Sri Lanka.

Now the Kumbharana is amazingly awake,  he does not speak but shouts and screams against the Previous Administration and passionately implores the Prime Minister to please help him to catch the rogues of the previous government to take the scent away from the rogues in UNP side of the Yahapalanaya Administration.

The shouting and screaming Kumbhakarna points his finger of accusations , making allegations  against the members of the previous government for comparatively insignificant alleged crimes , while big criminals who planned and executed the greatest Bank Robbery are at large , with Kumbhakarana seemingly  frightened to touch them even with a long pole.

Kumbhakarna is also a “ reconciliation fan”, now while Wigneswaran has already assumed the role of  an uncrowned king of the NCP insisting a Tamil only North,  Sampandan is calling for the new Constitution before the end of the year.

Sri Lankans  my once fooled people please open your eyes to the lurking dangers.  Kumbakarna who wants the Northern Tamil votes will close his eyes on activities of  Wigneswaran  and give into Sampanthan for a new Constitution.

It is up to the Sinhala Buddhists to wake up,  forget for once your political difference and  unite as one to vote against the Yahapalanaya, by voting for the SLPP Pohotuuwa at the Local Government elections.  Otherwise say good by to Sinhala Buddhist Sri Lanka  that existed for more than 2600 years.


The people should beware of the Kumbhakarna, who has woken up after three years only to win the Local Government  elections to his side. He will go to sleep once again after this elections, therefore do not fall prey to his  false speeches, and do not make the mistake  to vote for the SLFP he leads . He is the more reason  why the people should vote for the  “Pohottuva” of the Sri Lanka Podujana Peramuna  which is the only charm against the evils of Kumbhakarana  his SLFP, his Prime Minister and his  UNP, and their JVP associates.

Monday 15 January 2018

SLFP of Maithripala Sirisena and SLFP of SWRD Bandaranaike




Now there are two SLFPs one of Srisena and other of SWRD. Are they the same or are they different ?

Let us see.

SWRD left UNP to form a politically socialist SLFP -different from the Western Capitalist  UNP.

Sirisena left the socialist SLFP to join politically different Western Capitalist UNP. Can we draw a political  parallel to Srisena and  SWRD? No, they are poles apart aren’t they ?

SWRD left a Capitalist political System to form  a Socialist political system.

Sirisena left a Socialist political System to join a Western Capitalist political System.
Can Sirisena claim a political similarity to SWRD ?  No he cannot .

SWRD  formed the SLFP and joined with the MEP,LSSP and the Communist Pa            rty.

Sirisena left the Socialist SLFP to join with the Western Capitalist UNP, half-baked Marxist JVP, Tamil Natiuonalist TNA and Nationalist Hela Urumaya, against Socialist left wing  MEP,LSSP,CP,NFF, Pivithuru Hela Urumaya.

Is there any political Similarity between Sirisena and SWRD ? Definitely No .

On the 8 January, President Mahinda Rajapakse who was also the President of  SWRD’s SLFP was defeated by Sirisena  at the Presidential election. On the 16 January, 2015 the President of SLFP Mahinda Rajapakse handed over the Presidency of the SLFP to the new President Maithripala Sirisena.

By that action can Sirisena,  who on his own accord left the SLFP to join the Western Capitalist UNP and its right wing politicians, be cleansed of his sin of leaving the SLFP to make of him a legitimate leader of SWRD’s SLFP ?  No he cannot be cleansed of the sin of leaving SLFP.

Sirisena’s legal right to be the President of SLFP has not been legally challenged , but  what is evident is Sirisena has  no Moral right to be the leader of the SLFP.

Now there are two SLFPs one led by President Sirisena  and the other SLFP forming a political front with Sri Lanka Podujana Peramuna claiming Mahinda Rajapakse as its leader

Can there be two SLFPs one lead by Maithripala Sirisena,  and another  claiming the leadership of Mahinda Rajapakse ?  No there cannot be two SLFPs.

One of SLFP has to be the one that is closest to SWRD’s political philosophy not both.

The SLFP of Maithripala Sirisena  is with UNP , and  its Allies JVP, TNA, JHU  accepting to work with  a capitalist political system,  distancing itself from the Socialist left wing politics in association with MEP,LSSP,CP, NFF and PHU. This is exactly what SWRD did not want his SLFP to be.

The other SLFP the members of which are with the Sri Lanka Podujana Peramuna which claims the leadership of Mahinda Rajapakse, which  has refused any cohabitation with the UNP and seeks allegiance with  Socialist Left wing politicians , which is what SWRD wanted when he left the Western Capitalist political system of the UNP.

Hence the  SLFP with President Maithripala Sirisena is fake, it is NOT what SWRD wanted his SLFP to be.

Therefore the real SLFP containing the political philosophy of SWRD is with the Sri Lanka Podujana Peramuna.

It is therefore clear that what President Mahinda Rajapakse handed over to President Maithripala Sirisena  on the 16 January,2015 was only the name of  SWRD’s political party,  but not what it contained –the SWRD’s political philosophy.  The ownership  of SWRD’s political philosophy is  still with Mahinda Rajapakse.

However the Sinhala Buddhists should not listen to English Educated  Colombians or Sinhala diaspora who may say vote for Pohottuva if Mahinda Rajapakse accepts to remove the 13 A from the Constitution etc because  Mahinda Rajapakse  knows what he has to do.

When Mahinda Rajapakse was elected President in 2005 he knew what exactly he was going to do,  and none of the English Educated Colombians and the Sinhala Diaspora had to tell him what he had to do.

Though the Western Capitalist UNP started calling him  corrupt and that he was a thief, the cry that was taken up by the JVP, were all lies to slander  and damage the reputation of an honest man to prepare the way for them to come to political power to plunder the State Coffers, and destroy Sri Lanka  developed by Mahinda Rajapakse in a short time after eliminating terrorism.
SLFP of Maithripala Sirisena and SLFP of  SWRD Bandaranaike

Mahinda Rajapakse knows what he has to do as he is a man who learns from his experience.

Therefore it would be wise for the Sinhala Buddhists not to be divided and VOTE at the coming Provincial Council Election for the POHOTTUWA of Sri Lanka Podujana Peramuna which has the Political System as it had been planned and set up by SWRD Bandaranayake.

Sunday 7 January 2018

Rohingiya Muslims in Myanmar and West’s misunderstandingof problems of developing countries. By Charles.S. Perera.

The Problem of Rohingya in Myanmar is more political than  religious.  These are new  problems taking  place in the developing countries which are more often deliberately exaggerated by the West  to blame the  ruling governments , and get the victim of the conflict organised as rebels to enable the West to intervene by arming the “rebels” to fight against the ruling governments for a regime change.

This happened in Libya exactly as the USA and the West wanted it to happen,  which was the assassination of the  Libyan leader Colonel Mauammar Gaddafi by his own people. What is the result ?

Libya is completely destroyed and once organised  rich country is today poverty stricken and in utter disorder. The West that organised  the rebels against the government of Colonel Gaddafi has left Libya and its people to themselves without any assistance to help them rebuild Libya  the towns of which were turned to rubble by incessant bombing by the NATO forces. 

The West wanted to do the same thing in Syria but thanks to Russia there is still  a government to take the blame or to reorganise the destabilised country. Syria’s problems are the makings of USA and the West, they were trying to create a “Bengazi” in Syria

The whole problem is with the United Nations Organisation which has been taken over by the West and made to act according to their dictates. If the UNO is made independent of the dictates of the rich countries of the West and allowed to be on its own to plan out their strategies  to settle between  countries and the peoples their problems  most of the problems in the developing countries could be Solved.

The former Secretary General of the UNO Ban Ki Moon was wholely  manipulated by the USA led West, turning UN into an Agent of the USA and the West. Hopefully there is still a balance of power in the  UN Security Council with China and Russia as its members . Even then they manipulated the Security Council to allow the NATO bomb Libya

The West only divides countries and separate people without making any  effort to bring the communities together. Most of the problems in developing countries like Sri Lanka and now in Myanmar is the result of unnecessary false humanitarian interventions by USA and the West more in their own political interest than in the interest of the  people of the countries. 

The West interferes into every thing in developing countries, making Human Rights a new Religion of the West. The USA and the West  blame governments without understanding the cultures and the problems created by the emigrants or minority Communities.

The West names the Buddhist Priests in Myanmar standing up to protect their religion from disrespectful immigrants as revolutionary Bikkhus or hate Mongers. That shows the complete ignorance of the West about the real problem in Myanmar.

Burma has a Muslim population that were there before the Rohingiya Muslims  came in droves to Myanmar from Bangladesh. Those ancient Muslim Communities lived amicably with the Myanmar Buddhists respecting each others religion . The invading Rohingiyas was a new phenomena to the people and the government of Myanmar.

This migrant invasion into Mynamar  had been planned by fundamentalist Muslims. There are many of them now by different names Jehadists, Wahabis, Muslim Brotherhood , ISIS , they are all out to spread the Muslim population into foreign countries with a view to spread Islamism. They invade into countries and clear forests  and destroy ancient religious ruins and monuments to make settlements for themselves.

They have no love for the invaded country and destroy every thing held sacred and considered  of  cultural  and religious importance. It is happening even in Sri Lanka. The Muslims in Sri Lanka are clearing forest reservations and bulldoze ancient Buddhist ruins to set up Muslim settlements. 

The Buddhist Priests in Burma are struggling hard to save their Theravada Buddhism and preserve their ancient Buddhist ruins, which are their historic heritage.  The  Buddhist Priests are the guardians of Buddhism . When ever Buddhism was in danger they rose to protect it. The religious  philosophy is different from the political issue of immigration. The West does not want to understand this. For them even the terrorists who terrorise and massacre the innocent people are freedom fighters.

The West which pretends to be more civilized and just do not bother to understand  what is considered civilised and just by others. The USA and West hunt for terrorists outside their own countries and kill innocent people who are not theirs with complete impunity.

This happened in Sri Lanka where the West did not raise a finger to help the successive Governments of Sri Lanka to end terrorism. But finally when one government finally eliminated terrorism the West walked in with numerous human rights activists  and the now UN as an Agent of the West to accuse the Armed Forces of Sri Lanka for war crimes,  because that government of Sri Lanka  ended a terrorism that destroyed the country and massacred its people for 30 long years.

USA and the West were so assured of their righteousness they passed a resolution against Sri Lanka for violation  of human rights and war crimes for nothing but for eliminating a ruthless terrorism well settled and financed  by an enriched Tamil Community settled in the West and  helped by USA and the West.

The USA and the West ,  which disliked the government then in power, which was helped by China, Russia, Iran and  others,  was determined to change the regime seeking to impose their detrimental right to protect was adamant to pass their anti Sri Lanka resolution.

The UN Commissioner of Human Rights a Prince at that called Zeid Ra’ad Al Hussein, did not use his common sense to rule out the resolution as unfair and inappropriate as they had in preparing the resolution, depended on hearsay evidence and witnesses of doubtful honesty whose evidence, against all civilised norms of justice were refused to be challenged and their names required to be  kept confidential for twenty years. The sid Zeid Ra’ad Al Hussein  had even endorsed the appointment of a hybrid court  to try the Armed Forces for war crimes.

In the mean time when there was to be a presidential election in Sri Lanka USA, the West and India carried out a massive undercover activity to  defeat the sitting President and replace him with a puppet of the West. They succeeded in this and the new Government that was formed  was so determined to win the goodwill and the friendship of the West,  they went to the Geneva Human Rights Council and sponsored USA Resolution that was against the Armed Forces of their own country, a thing that no other country in the world would have done.

If the UNO is able to fulfil its role of bringing the countries together for a dialogue as it was expected to do before,  most of the problems arising in the developing countries could have been solved. But  USA and the West which as members of the UN contribute larger percentages to  the Budget of the Organisation , have taken over and  control the legitimate activities  of the UN according to its Charter , to make UN act to  suit their own political strategies.

It is now up to the new Secretary General of UNO Antonio Guterres to break this vicious destructive USA and Wests debilitating activities against developing countries using slogans of human rights .


Mynamar should be allowed to settle their problem with the Rohingya Muslims in consultation with Bangladesh. It is not correct that a historical country with a different culture is made to be assailed by another. The west it appears encourage  Rohingya Muslims to be terrorists.  The USA and West have not learnt from terrorism penetrating into their own countries by their encouragement of rebels else where in the world to be terrorists against those countries.