Saturday 16 July 2016

මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපති තුමාට කරන පහදාදීමක්,

ඔබ ලංකාවේ ජනාධිපති වශයෙන් පත්උනාම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට මහත් ප්‍රීතියක් හා  උද්යොගයක් ඇති උනා. බ්‍රතාන්‍යයේ රැජිනට පවා ඔබව මහත් හරිසරයෙන්  හඳුන්වාදුන්නා. G8 Summit එකට ආරාධනා කලා. ඇමෙරිකාවේ හා බටහිර රාජ්‍ය නායකයින් ඔබව විශේෂයෙන් පිළිගත්තා. ඔබගැන මෙතරම් ආන්දෝලනයක් බටහිර රාජ්‍ය නායකයන් තුල ඇතිඋනේ මක්නිසාදැයි ඔබ මොහොතකට හෝ හිතුවාද? ඔයවගේ පිළිගැනිමක් සඳහා ඔබේ විශේශත්වය කුමක්විදැයි ඔබ විමසා බැලුවාද ?

ඔබ ලංකාවේ ජනාධිපති වශයෙන් පත්උනාම ඇමෙරිකාව හා බටහිර රටවල්වල ඇතිවූයෙ ලංකාවේ හිටිය ජනාධිපති තුමාගේ පරාජය හා ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයේ රාජ්‍ය වෙනසක් ලංකාවේ සිදුවීම නිසා බව ඔබට හැඟුණේ නැද්ද ? එවැනි සිද්ධියක්  ඇත්ත වශයෙන්ම ඇතිවුයේ  රාජපක්ෂ රජයේ අවසානය  බටහිර ලෝකය ලැබූ අතිවිශාල ජයග්‍රහණය නිසාය.  එ රටවල් ඔබට එතරම් කැමැත්තක් දැක්වුයේ ඒ හේතුව නිසා මිසක  වෙන හේතුවක් නිසා නොවන බව ඔබට තේරුම් ගියේ  නැද්ද?

මේ සඳහා අතිවිසාලසේවයක් රනිල් චන්ද්‍රිකා දෙපල විසින් ඇමේරිකාව හා බටහිර  රටවල් උදෙසා ඔවුන්ගේ අවවාද අනුසාසන අනුව සිදුකල  බව ඔබ නොදන්නවා වියහැක. ඔබ එය දන්නවානම් රනිල්ට ඔයවගේ නයගැති බවක් පෙන්විය නොහැක. ඒ අය බලාපොරෝත්තුවුයේ ඔබව  ඒ අයට උවමනාහැටියට නටවන්නයි.

රනිල්ටයි  චන්ද්රිකාටයි උවමනාකලේ රාජපක්ෂ නමත් කැතකරලා  රාජපක්ෂලා දෙශපාලන භූමියෙන්  සදහටම අතුගා දමන්ටයි.  එවිට රනිල්ට ප්‍රභල දේශපාලන විරුද්ධවාදියෙක් නොමැතිකම නිසා  රටේ බලවත් දේශපාලන නාකයෙකු  වීමට මග පාදාගත හැකි බව ඔවුන් දුටුවා. ඔවුන් හිතුවේ « සිරිසේන අපිකියෙනදේට වැඩියෙන් යමක් කරන්නේ නැති නිසා  අපිට ඔනහැටියට අපේ අභිමතාන්තරයන්  ඉෂ්තකරගන්න පුළුවන්» කියලා.

ඒවෙනකොට UNP එකට මුදල්පිලිබඳ ප්‍රශ්නයක් තිබුණා. UNP එකට ඕනෑකම තිබුණා රටේ නීතියත් බැන්කුවත් ඔවුන්ගේ අතට ගන්න.ඒ සඳහා මහින්ද රාජපක්ස කළ වැරදි පෙන්නලා ඔබ බලලෙකුගෙන් කොස් ඇට බාවන තැනට පත් කරලා  අග්‍රවින්ශ්චයකාර මොහාන් පීරිස් මහත්මයා අස්කරවාගෙන රනිල්ටයි චන්ද්රිකාටයි උවමනා විදියෙකෙනෙක් පත්කරගත්තා.

ඊළඟට UNP එකේ මුදල්ප්‍රශ්නයත් උග්‍රවෙමින් පවතින නිසා රනිල්ට උවමනාකම තිබුණා මහ බැංකුවත් ඔහුගේ අතට ගන්න. ඒ සඳහා ඔහුට ඕනෑකමතිබුනා  ඔහුට හිතවත් කෙනෙක් ඒ සඳහා බඳවාගන්න. සමහරක්විට රවී කරුණානායකගේ කීමට මහා බැන්කුවේ ආන්ඩුකාරයා වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා තෝරා ගත්තා විය හැකයි. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිරිමහගැනිමට එය ඉතා හොඳ තෝරාගැනීමක්වූ  බව පසුව සිදුවූ ක්‍රියාවන්ගෙන් වැටහෙනවා. මහා බැන්කුවේ ආන්ඩු කාර අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාගේ පලුමුවෙනික්රියාව වුයේ මහා බැඳුම්කර වංචාවයි.

මේ මහා බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා ගලවාගැනීමට රනිල් වික්ක්‍රමසින්හ ගන්න වැරවෑයමෙන්  පේනවා මහා බැඳුම්කර වංචාවට  සම්බන්ධව යම්කිසි වගකීමක් ඔහුටත් තියෙන බව. නාමල් රාජපක්ස කලයි කියන විත්තිකාරයෙක්ද නැති වරදකට සිරගතකලනාම් බැදුම්කර වන්චාවට සම්බන්ධබව හොඳට පේන කීපදෙනෙක් සිර නොකරන්නේ මන්දැයි සමහරක්දෙනා  ප්‍රශ්නකරයි. ඒ හොරුන් අල්ලන පොලිසිය FCID එක අගමැතිගේ නියෝග පිළිපදින තැනක් නිසා විය හැක.

ඉන්දියාවත් ඇමෙරිකාව වාගේ බටහිර රටවලුත් රාජපක්ස ආණ්ඩුව පරාජයකලාටපසු  රනිල් චන්ද්‍රිකා එක්ව සිදුකලයුතු තවත් දේවල් සඳහන්කර ඇතිවාට සැකයක් නැත. උතුර  නැගෙනහිර යුද කඳවුරු ඉවත්කිරීම,  අලුත් ව්‍යවස්ථාවක් සකස්කර ලංකාව හැම ආගමක්ම එකසේ සලකන, ජාතිභේද නැති, දෙමළ සිංහල භාෂාදෙකට සමතැනක් දී රටෙකොඩිය වෙනස්කර රටේ හැමජාතියක්ම පිළිගන්නා කොඩියක් සකස්කර ජාතික ගීය සිංහල දෙමළ භාෂාදෙකින්ම ගායනා කිරීම ආදී කරුණු ඉන්දියාවත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලුත්  දෙමළ ඩයස්පෝරාව  වෙනුවෙන් ඉල්ලාසිටියාවිය හැක.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ඒ විධායක බලතල අගමැතිතුමාට පැවරීම රනිල් චන්ද්‍රිකා බලාපොරොත්තු වන වාට සැකයක්නැත. ඔබ මේ ක්‍රියාවලියට අවනතවී බලාසිටිය යුතුද ?

මහින්ද රාජපක්ස මැතිතුමා ඔබට වරදක් කර නැත, නමුත් ඔහුට වරදක් කලේ ඔබය. ඔහු ඔබකලවරදට සමවාදී SLFP පක්ෂයේ සභාපතිධුරය පවා ඔබටපැවරිමටතරම් ඔහු නිහතමානිවිය. නමුත් ඔබ ඔහුට කලේ සතුරුකම්ය.

අද ලංකාව අනතුරකට භාජන්වී පවතින්නේය . තවත්  රනිල් මහත්මයා  අගමැති ධුරයේ සිටිම ශ්‍රී ලංකාවට අනතුරුදායකය. ඔහු ඉන්දියාවත් බටහිර රටවලුත් සමග ගෙන යන වැඩපිලිවල ලංකාවට හිතකර නොවේ. ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත.

අගමැති රනිල් මහතා දේශප්‍රේමියෙක් නොවන  බව ඔබ දන්නවා වියහැක. ඇමෙරිකාව හා බටහිර රටවල් කවරදාකවත් ලංකාව දියුණුකිරීමට උපකාර කරන්නේ  නැත. ඉන්දියාව සමග සම්බන්ධය ඉතා ප්‍රවේසමෙන් ගෙනයායුතුය.  ECTA අත්සන්කිරීම ලංකාවට ප්‍රයෝජනවත් නොවේ. එයත් යෝජිත ඉන්දියාව ලංකාව සම්බන්ද කරන පාලම සෑදීමත් නතරකල යුතුය. දෙමළුන්  ඉල්ලන හැම දෙයක් දීම විනාශකාරී පිළිවෙතකි.

ඔබ තවතවත් රනිල්ට නයගැතියයි  ඔහුට බාල්දුවී  සිටීම  රටට අහිතකරය. ඔබට ලංකාවේ ජනාධිපති වශයෙන් තවත්  විශාල වැඩකොටසක් කළයුතුව ඇත. රනිල් අගමැතිවශයෙන් තියාගෙන ඔබට ඒ වැඩකොටස කලනොහැක. මංගල සමරවිරද ගෙනයන්නේ ඔබට විරෝධී වැඩපිළිවලක්ය. මෙවුන්ගෙන් වෙන්ව ඉදිරිගමන යා යුතුව ඇත. ඒ සඳහා දුමින්ද දිසානායක වෙනුවට වෙනකෙනෙක්  පක්ෂයේ  ලේකම්වශයෙන් පත්කලයුතුය. 

අකමැත්තෙන් උවද ඔබට දැන්  ලංකාව වෙනුවෙන් මහින්ද රාජපක්ස මහතා සමග ඉදිරිගමන යෑමට පෙළගැසිය යුතු කාලය දැන් පැමිණ  තිබේ. එය සිංහල බෞද්ධ ජනතාවගේද කැමැත්තට  හේතුවනවා ඇත. මේ ගැන බුද්ධිමත්ව  හිතා බලා  තීරණයක් ගන්නා  ලෙස ලාංකික සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් දැනුවත් කරමි. ඔවුන් වෙනුවෙන් ඉල්ලා සිටිමි.



No comments: