Saturday 9 November 2019

සජිත් ප්‍රේමදාසට වන්දය දෙන්න එපා. ඔබ 2015 දී කල වැරැද්ද නැවතත් කරන්න එපා.

අම්මේ තාත්තේ පුතේ දුවේ  තව සතියක් වැනි  කෙටි කාලයකින් ඔබට අපේ අභිමානවත් මාතෘ භුමියේ, අපේ සම්මා සම්බුදු පියාණන්ගේ  සිරිපතුල් ස්පර්ශයෙන්  පුණ්‍ය භූමියක් වූ  ශ්‍රී ලංකාවේ අපේ අපේ අම්මාගේ අනාගත පැවැත්ම පිලිබඳ තීරණය ගැනීමට  සිදුවෙනවා, මෙවර ඔබ හොඳ සිහි බුද්ධියෙන්  කටයුතු නොකර ඔබේ  වටිනා චන්දය  ඔබේ අතට ලැබෙන චන්ද්‍ර පත්‍රිකාවේ ගොටාභය  රාජපක්ස මැතිතුමාගේ  චන්ද ලකුන වන පොහොට්ටුවට  ඉදිරියෙන් කතිරය නොගැහුවොත් අපේ ආදර මව් බිමේ අපේ මුතුන් මිත්තන්ගේ,  අපේ ජීවිතයට පනපෙව් මේ පින්වත් භුමියේ අයිතිය අපේ අතින් ගිලිහී විනාශ වීමට  ඉඩ තිබේ.

එක්සත් ජාතික පක්ෂය අවුරුදු  හතරක් තිස්සේ අපේ රට සම්පුර්ණයෙන් විනාෂකරලා 2015 ජනවාරි මාසයේ තිබුන ලංකාව කාලා ඇටසැකිල්ලක් බවට පත්කරපු මුන්ට අනේ දෙය්යනේ ඔබේ චන්දය දීල මුන්ට රටේ ඉතිරිවෙලා තියන ඇටස්කිල්ලත් පොඩිපට්ටම් කරන්න ඉඩදෙන්න එපා.

පව්කාර එක්සත් ජාතික පක්ෂය  හා උන්ගේ අනුගාමිකයින්දේශපාලනයෙන් සම්පුරණයෙන් අතුගාදමන්න ඔබ පෙළගැසිය යුතු දවස  එළඹ තිබේ.  මුන් දේශපාලකයෝ නොවේ රටේ ලේ උරා ගෙන බොන්ට ඉපදී සිටින  යක්කු,   රාක්ස්යෝ, දෙය්යනේ මුන්ට එක චන්දයක්වත් දෙන්න එපා. සජිත් ප්‍රේමදාසට   වඩා අති මහත්,  දුරදශී අත්දැකීම් බහුල  ජීවිතය උරගාබලා තියෙන, ජීවිතය පරදුවට තබා සතුරු ත්‍රස්තවාදී සේනාවන්ට මුහුණට මුහුණ දී සටන් කරලා රට සතුරන්ගෙන් බේරාගෙන ජනතාවට සාමය හා ආරක්ෂාව ලබා දී,  රට හදලා , වැඩකරලා හැකියාවන් පෙන්නාදුන්, නැණවත් , බුද්ධිමත්,  මහත්මාගුනයෙන් යුත් මුදු අනතිමානී බෝසත් චරිතයක් ඇති ගොටාභය රාජපක්ස මහත්මයාට ඔබේ චන්දය දෙන්න. අපේ රටේ අනාගත පැවැත්ම රට ගලවාගන්න පුළුවන් හැකියාව ඇත්තේ ඔහු අතේය.  ඔහුට මිස චෙන කිසිවෙකුට රටගොඩගන්න නොපුළුවන.

සජිත් ප්‍රේමදාස දිනුවොත් ඔහු ඔය ගිරියපුම්බාගෙන කෑ ගහ ගහා දෙන පොරොන්දු එකක්වත්  ඔහුගේ තනි තීරණයෙන් දෙන්න,  එක්සත් ජාතික පක්ෂයේ මහා පුටුව අත්පත් කරගෙන් සිටින රනිල් වික්‍රමසිංහ  ඉඩ නොදෙන්නේය.  රනිල් ව්ක්‍රමසිංහ ඉතා දක්ෂ කපටි කයිරාටික ප්‍රයෝගකාරී අබෞද්ධ සංකර පුද්ගලයෙක්. සජිත් ප්‍රේමදාසට ඔහුගෙන් ගැලවීමක් නැ.  රනිල් වික්රමසිංහ ඔහු අවට සිටින සියලුම දෙනා රවට්ටාගෙන ඔහුගේ දෑත් ශක්තිමත් කරගෙන සිටින්නේ.  

රනිල් වික්‍රමසිංහට  අපි නොදන්නා හේතුවක් නිසා  ඇමේරිකාව සතුටු කරන්නයි ඕනෑ. ඒ සඳහා ඔහු මංගල සමරවීරත්  සම්බන්දන්ධ කරගන සිටී.  රනිල් වික්‍රමසිංහට ඕනෑ  ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් සඳහා ව්‍යවස්ථාවක් ලියා එය සම්මතකරගන්න.  මොනයම් බලවත් හේතුවක් නිසා ඇමෙරිකාවට  අන්ධ භක්තියකින් වැඩකරන රනිල් වික්‍රමසිංහ  ඇමෙරිකාව සමග මිල්ලෙනියම් MCCC ගිවිසුම  අත්සන් කර ඇමෙරිකාවේ හිත දිනාගෙන ඩොලර්  මිලියන 480ත්  ලබාගැනීමයි ඔහුට උවමනා. ලංකාවට මොන හෙනගේඩියක් වැදුනත්, මොනවිනාශයක් උනත් ඔහුටවත් ඔහුගේ සගයාවන මංගල සමරවීරටත්  ඒ ගැන  කම්පාවීමක්  නොමැත.

සජිත් ප්‍රේමදාස දැන් කතාකරන්නේ පිස්සෙක් වගේ. ඔහු ඔහුගේ ප්‍රතිපත්ති  ප්‍රකාශය ඉදිරිපත්කර තිබුනත් හැමදාම වගේ රැස්වීම්වලට පැමිණ රැස්වී සිටින ජනතාව දැකලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති  අලුත් අලුත් පොරුන්දු දෙයි.  දැන් ඔහු වැව් උදාවක් ආරම්භ කරන්න පොරොන්දුවෙනවා.

සජිත් ප්‍රේමදාස , සරත් ෆොන්සේකා ඔහුට විරුද්ධව කරගෙන ගිය ප්‍රකාශයන්ගෙන් බේරෙන්න ගොල්ෆේස්  පිට්ටනියේදී  ජනරැලියේ මිනිස්සු දැකලා තීරණයක් අරන්  සරත් ෆොන්සේකා ඔහුගේ ආරක්ෂක ඇමති කරනවා කියල ජනතාව ඉදිරියේ ප්‍රකාශ කලා, ඒ සජිත් ප්‍රේමදාස ගේ  පිස්සු ක්‍රියාවක්. සරත් ෆොන්සේකා  කොහොමටවත් එවැනි ඇමතිකමකට සුදුසු නැ. ඔහුගේ කතාපිලිවෙල  කට ප්‍රවෙසම්කර නොගෙන නොසෑහෙන නොකිවිය යුතු  වචන ප්‍රකාශ කරන  පිස්සු මිනිහෙක්. සජිත් ප්‍රේමදාස කරන ලොකුම වැරැද්ද ඔහු ඉදිර්පිට සරත් ෆොන්සේකා ඔහුගේ කටහැකර කතා නතරන නොකරන එක,

දවසක් සරත් ෆොන්සේකා විශාල ජනරැලියකදී සජිත් ප්‍රේමදාස  ඉදිරියේ  ඔහුගේ වනචර කටින් කියනවා රාජ්‍ය ආයතනවල සිටින නිලධාරී  හාල්පාලුවෝ අන්ගුත්තරයෝ  කුම්භාණ්ඩයෝ  එළවලා දන්නා ඕනේ කියල, තවත්  දුරට ඔහු කියනවා ඔහු බලයට අපුවාම එක රාජපක්ෂකයෙක් ජනේලෙක එල්ලුනාවගේ අනිත් රාජපක්සලා හතරදෙනාම අනිත් ජනෙල් වල  එල්ලලා දානවා කියල,  තවදුරටත් ඔහු කියනවා ගොටාභය හෙට මැරුනොත් පනුවෙක්වෙලා ඉපදෙයි එතකොට ලේසියි උදැල්ලක් අරන් කෙළින්ට පුළුවන් එකපාරට දෙකට කැඩීලායන්න.  මේවගේ කතාද ආරක්ෂක ඇමැතිකමට නම්කර ඇති කෙනෙක් කිව යුත්තේ ?

මේ ප්‍රකාශයන්  කලේ  සජිත් ඉදිරිපිටදී  සජිත් මහත්මයෙක්නම් ඒගැන ෆොන්සේකාට තරවටුකරලා ඒ වචනවලට සමාව ගන්න තිබුනා, ඒ නොකළේ  ඔහුට සරත් ෆොන්සේකා පාලනය කරන්න බැරි නිසා  නැත්නම් සරත් ෆොසේකාට තියෙන බය නිසා විය හැකියි. මේ ගැන කිසිවෙක්  මොනම ප්‍රකාශයක් නොකර තිබීම කනගාටු දායකයි,

මෙවැනි වැරදි මිනිහෙක් වැරදි තැනට පත්කිරීම සජිත් ප්‍රේමදාස  ජනාධිපති කමට කෙසේවෙතත් කාර්යාලයක  ලොකුලියනමහත්තෙයකුගේ තනතුරකටවත්   සුදුසු නැති පුද්ගලයෙක් හැටියටයි පෙනෙන්නේ. වැරදිලාවත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවුනොත් මොනවා නොකරයි ද ?

සජිත් ප්රේමදාස දක්ෂ ක්රියාශීලී බවක් පෙන්වනවා ඒ තරුනමදයක ස්වභාවයක්. ඔහු තමාව
පුම්බාගන්නවා.  එක ඥාණන් පුද්ගලයෙකුගේ ලක්ෂණයක් නොවේ. ඔහු තුල නිහතමානි ගතිගුණයක් දකින්න නැ . මිනිස්සු රවට්ටන්ට බොරුවට කෑගහලා අතිශයෝක්තියෙන් තමා කරන දේ කීම තමාම වර්නනා කිරීමේ  අශෝභන ක්‍රියාවක්. එයින් දකින්නේ අහන අය රැවැට්ටීමට බොරු පොරුන්දු කියන වග. . ඉතා අලංකාරික කිසිම  හරයක් හෝ දර්ශනයක්ක නැති කතා කියන්නේ . සජිත් ගැඹුරු දර්ශනයක් නොමැති අහිංසක මිනිස්සු රවටනවා මිසක්අවංක දුරදර්ශී වැඩපිලිවේලක් ඔහුට නැ . ඔහු හිස් දේශපාලකයෙක් රනිල්ට ඉහලින් කවදාවත් නොයන ආත්ම විශ්වාශයක් නැති චරිතයක්.

එක්සත් ජාතික පක්ෂය  ධනවාදය මුල්කරගත් ආණ්ඩු ක්‍රමයක්. එකයි ඒ පක්ෂයේ අනන්‍යතාවය  ඒක වෙනස්කරන්න සජිත් ප්‍රේමදාසට ඇත්තටම අවශ්‍ය උනත්  ඒක කරන්න එක්සත් ජාතික පක්ෂයේ ජේස්ටයින් ඔහුට ඉඩ දෙන්නේ නැ.  සජිත්ට එක්සත් ජාතික පක්ෂය හැර  වෙන විකල්පයක් නැ. සජිත් ප්‍රේමදාසයි එක්සත් ජාතික පක්ෂයයි  දෙකක් නොවේ එකක්, ඒ හින්ද සජිත් ප්‍රේමදාස  කදාවත් එක්සත් ජාතික පක්ෂයේ ජෙෂ්ටයින්ට පිටුපාන්නේ නැ. 

එහෙම වෙන්නේ නැ කියල සජිත් ප්‍රේමදාසගේ පොරොන්දු වලට  රැවටිලා සජිත් ප්‍රේමදාසට චන්දය දීලා  ඔහු ජනාධිපති උනාට පස්සේ  සජිත්  දුන් පොරොන්දු  නොදී එක්සත් ජාතික පක්ෂය,   පක්ෂ සභාපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ගෙනගියොත්  මහජනතාවට තවත් අවුරුදු පහක් යනකම් දුක් කම්කටොලු විඳීනවාහැර  කරන්න වෙන දෙයක් නැ. රට තවතවත් අගාදියටම වැටී නැත්තටම නැතිවෙ, ශ්‍රී ලංකා අනන්‍යතාවය  නැතිවේ,  ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ  කොලොනියක් වීමට  ඉඩ තියෙනවා. ඒ නිසා සජිත් ගේ පොරොන්දුවලට නොරැවටී ඔහුට දෙන චන්දය අණිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හා වක්‍රව රනිල් වික්‍රමසිංහට දෙන  චන්දයක් වන බැවින්,  නොවෙම්බර 16වන දා ඔබේ චන්දය සජිත් ප්‍රේමදාසට දෙන්න එපා.

මේ සජිත් ප්‍රේමදාස නොකියන මේ විනාශයෙන් රට ගලවාගෙන ආරක්ෂාව ඇති සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් නැවත බිහිකරවන්න ඔබේ වටින චන්දය නොවෙම්බර 16වනදා ගොටාභය රාජපක්ස මහතාගේ චන්ද ලකුණ පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා ඔහු අපේ ජනාධිපති කර ගනිමූ.

එදා 2005 අපේ රට ත්‍රස්ත වාදීන්ගේ ප්‍රවාහයන්ට මුහුණ දෙමින් කර කියාගන්න දෙයක් නැතුව සිටිද්දී අපේ වාසනාවට මහින්ද  රාජපක්ස මැතිතුමා ජනාධිපති විය. එදා මහින්ද රාජපක්ස මැතිතුමා ජනාධිපත් වරයා නොවුයේනම් තාමත් අපේ දරුවන් ත්‍රස්තවාදයට බිලි වෙමින් සිටින්නට ඉඩ  තිබුණි. අදත් අපි  රනිල් වික්‍රමසිංහගේ හා එක්සත් ජාතිජ පක්ෂ ආණ්ඩුවකින්  අපේ රටට කර ඇති විනාශය නිසා  අපේරට අද මුහුණ දී සිටින්නේ  2005 ටත් වඩා  භයානක ඉතා මත්  ඛෙදජනක අවස්ථාවකය. එබැවින් එදා මෙන් මෙදා අපි මෙරට බේරාගැනීමට කල යුත්තේ ගොටාභය රාජපක්ස මැති තුමා ජනාධිපතිවරයා කරගැනීමයි. 

අද අපට තියන එකම විසිදුම ගෝටාභය  රාජපක්ස මැතිතුමා අපේ ජනාධිපති කර ගැනීමයි...........

ජනාපති ධුරයට තෝරාපත් කරගත යුතු එකම තැනැත්තා ගොටාභය රාජපක්ස මැතිතුමායි. ඔහු තමාපුම්බවාගන්න කතාකරන්නේ නැ. ඔහුට ඒක කරන්න අවශ්‍ය තාවයක් නැ, අවුරුදු විස්සක් තම ජීවිතය පරදුවට තබා  මරණයේ මුහුණ  දැක දැක ත්‍රස්තවාදීන් ට මුහුණට මුහුණ දී  වදමාරච්චි ප්‍රහාරය ආදී සටන් වලදී  ත්‍රස්තවාදීන් ට විරුද්ධව සටන් කර යුද සටනේ සටන් කීර්ති ලබාගත් වීරෝධාර නායකයෙක්.  ඔහු ජීවිතය නොතකා සටන් කලේ මේ රට වෙනුවෙන් ඔබ අපි හා අපේ දරුවන් සඳහා රටක් ත්‍රස්තවාදයට බිලිවෙන්න ඉඩනොදී  අපිවෙනුවෙන් අපට නිදහසේ හුස්මගන්න පුළුවන් වාතාරණයක් ලබා දුන් නායකයෙක්.  ගොටාභය මැතිතුමා  සජිත් වගේ තමාගැනම කතාකරන්නේ නැ, ඒ ඒක කීමට අවශය නැතියි  හිතන නිහතමානී පුද්ගලයෙක් නිසා, ඒකයි නායකයෙකු ගේ ලක්ෂණය.  

තවත් සමහරු අහන ප්‍රශ්නය  ගොටාභය රාජපක්ෂ මහත්මය යුද මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙක් නිසා දේශපාලනයට ඔහු කෙසේ  සුදෙස්සෙක්විය හැකිද ?  යුද්ධය කරන මිනිස්සු වෙනම මිනිස්සු වර්ගයක්ද ? ඔවුනුත් අපිවගේම මිනිස්සු ඒ අයත් කරන්නේ රස්සාවක්.  ඒ රස්සාව කරන මිනිස්සුත් අනිත් මිනිස්සු වගේ  එක රක අදහස්,  හැගීම් , දර්ශන, වෙනවෙන චරිත ලක්ෂණ තියෙන  සාමාන්‍ය මිනිස්සුමයි. ත්‍රස්තවාදයට විරද්ධව වැඩකරනකොටයි, නගර සන්වර්ධනකරනකොටයි,  ඔහුගේ වරදක් නොදුටු අය ඇයි දැන් ජනාධිපතී අපේක්ෂකයෙක් උනාම වෙනත් අදහස්  ඇතිකරගන්නේ ?

 ඔහු අවුරුදු විස්සක් යුදපිටියේ සිට,  අවුරුදු දහයක්  ඇමෙරිකාවේ නීතිවිද්‍යාලයක පරිපාලන සේවයේ සිට ලංකාවට පැමිණ ආරක්ෂක ලෙකම් වශයෙන් තවත් අවුරුදු  දහයක්  සේවය කර විවිධ ශේස්ත්රයන් පිළිබඳව දැනුම් සම්හාරයකින් යුතු  දේශපාලන නායකයන්  සිටි  හොඳ බෞද්ධ පවුලක  ඉපිද හොඳ අධ්‍යාපනයක් ලබා හොඳ බුද්ධිමත්  පුද්ගලයන්ගෙ ආශ්‍රයෙන් දේශපාලනය පිලිබඳ  වාද විවාදවිලින්  දාර්ශනික  දැනුමෙන් හෙබි පුද්ගලයෙක්. ඒ  නිසා ඔහු තුල දේශපාලකයකුගේ  හිස් වචනවලින් මිනිසුන් තුල සිහිනමවන, මිනිසුන්ගේ හිත ගන්න කතා ගොතන, හුඟක් ඝෝෂා නගන හිස් භාජනයක්  වැනි  කෙනක් නොවේ.  රුසියාවේ ජනාධිපති පුටින් මෙන් ගොටාභය රාජපක්ෂ මහතාටද සාර්ථක ජනාධිපතිවරයෙකු වියහැකියි.

අද රටට අවශ් නායකයා ගොටාභය රාජපක්ස. ඔහු හොඳ දැක්මක් තියෙනවා .ප්රශ්නයක් මනුස්‍යත්වයෙන් , ප්රායෝගිව හා දර්ශනාත්මක විහුවයකින් බැලීමේ හැකියාවක් තියෙනවා.එතුමා මෙවර අපේ ජනාධිපති නොකලොත් ඒ අපේ හා රටේ අභාග්‍යයක්. ඒ නිසා.

මේ කියවන ඔබේ චන්දය මෙතුමාට දීම සඳහා  නොවේම්බර 16 වනදා පොහොට්ටුව ඉදිරියෙ කතිරය ගහන්න. එය ඔබේ දරුවන් හා ඔබේ  රටවෙනුවෙන් ඔබ කල යුතු ඔබේ යුතුකමයි.





No comments: