Monday 31 October 2016

ජනතාවට ඕනෑ යහපාලනයට පෙර තිබුණ හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේයයි යහපාලනකාරයෝ කියන රාජපක්ස ආන්ඩුවක්.


මෛත්‍රිපාල සිරිසේන  රනිල් වික්ර්මසින්හ එක්ක එකතුවෙලා පිහිටෙව් යහපාලනය ආණ්ඩුවට ඉස්සෙල්ලා තිබුනේ හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේ ආන්ඩුවක්නම් අපට අද ඕනේ යහපාලනය නොවෙයි පෙර තිබුණු හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, මැරවරයන්ගේ යයි යහපාලන හැත්ත කියන  මහින්ද රාජපක්ස මැතිතුමාගේ  ආණ්ඩුවක්. අද  යහපාලනය මිනිස්සුන්ට තිත්තවෙලා.

හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේයයි යහපාලනකාරයෝ කියන  රාජපක්ස ආන්ඩුව අපේ රට ත්‍රස්ත වාදයෙන් නිදහස්කරලා ආරක්ෂාව හා සාමය ඇති කරලා රට දියුණු කලා. යහපාලනය කියන මේ හොරු හැත්ත නැවතත් අපේ රට යුදබිය ඇති නොදියුණු සුද්දන්ට හා ඉන්දියාවට ණයගැති අධමයින්ගේ රටක් බවට දැනටමත් පත්කරලා. මහින්ද රාජපක්ස ජානාධිපති තුමන් පරාජයකරවලා මෛත්‍රිපාල සිරිසේන පත්කරන්න වෙනසකට වෙනසකට කිය කියා චන්දය දුන් සිංහල පව් කාරයනට,   යහපාලනයට විරුද්ධව  චන්දය දුන් සිංහල බෞද්ධ ජනතාවගේ මහා ශාපය පලදෙනවාට කිසිම අනුමානයක් නැ.

මේ කෙහෙම්මල් යහපාලනය රට අගාදයට ඇදදාලා, උතුරේ යුද කඳවූරු ඉවත්කරලා, උතුරේ ආණ්ඩුවට පවරාගත් ඉඩම් ආපහු දෙමළුන්ට දීලා, යුද සෙන්පතියන් හිරේ දාලා, රට ත්‍රස්තවාදී නස්පත්තියෙන් බේරාගන්න  දිවි නොතකා  යුද්ධයක් කරලා රට නිදහස්කරගෙන ජනතාවට යුද බය නැති සාමකාමී රටක් සදා දුන් අපේ වීර යුදසේබලුන් හා මියගිය වීර යුදසේබලුන්ගේ පවුල් දුකට පත්කරලා ලංකාව විදේශික බලවතුන්ගේ  තිප්පොලක්බවට පත්කරපු සිරිසේන රනිල්  චන්ද්‍රිකා යහපාලනය දැන් රට කෑවා ඇති මුන්ට හෙණගහන්න ඕනෑ යයි රටේ ජනතාව  ආන්දෝලන තියනවා.


2015 ජනවාරි 8වනදාට පෙර තිබුණ ලංකාවට දැන් මොකක්දවෙලා තියෙන්නේ. එදා අපේ වීර සෙබළුන් අපට සකස්කරදුන් යුදබිය නැති ත්‍රස්තවාද සම්පුර්ණයෙන් නැතිකර යුද කඳවුරු සෑම තැනකම පිහිටවා රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරුකරලා  කොළඹ නගරය හා අවට පරිසරය  අලංකාර  කරලා ලංකාව දියුනු රටක් බවට  පරිවර්තනයකරන්න ගත් රාජපක්ස යුගයට මොකද උනේ. වෙනසකටකියලා චන්දයදුන්නු යහපලනය මොන කැවුමද දුන්නේ?

දැන් රටට මොකදවෙලා තියෙන්නේ ?  උතුරේ නැවතත් ත්‍රස්තවාදය  ආවා (AAVA)කියල වෙන නමකින් පටන්ගෙන. සිංහල පොලිස් නිලධාරින් කපලා කොටලා .......බුදු පිළිම වහන්සේලා පොඩි පට්ටම් කරනවා . උතුරේ  තවත් ප්‍රභාකරන් බලකාය කියාගන්න දෙමළ කාණ්ඩායමක් උතුරෙ ඉන්න දෙමළ පොලිස්  නිලධාරීන්ටවහාම යාපනයෙන් යන්නයි බලකරන දැන්වීමක් යාපනයේ ප්‍රකාශයට පත්කර තියෙනවා.

ඒ අතරතුර  යාපනයේ විශ්වවිද්‍යාලයේ සිටි සිංහල සිසුන්ට අමානුෂක ලෙසට දෙමළ ශිෂ්‍යයන් පොලුවලින් පහරදීල තිබෙනවා. උතුරේ කෝකිලායි නමැති සිංහල ගම්මානයේ  සිංහල මිනිස්සුන්ට වහාම ගම අතහැරයන්නයි ටිඇන් ඒ මන්ත්‍රීවරු බලකරනවා. ඒ ගමේ ශ්‍රී සම්බෝධි මහා විහාරයෙ හාමුදුරුවන්ට විහාරය ඉවත් ක්රන්නයයි තර්ජනය කරනවා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියන ටිඑන් ඒ මන්ත්‍රී  කියනවා අනාගමික ව්‍යවස්ථාවක් හදන්න කියලා. බුද්ධාගමට මුල්තැන දෙන ව්‍යවස්ථාවක් හැදුවොත් බලාගෙනයි  කියා තර්ජනය කරනවා. මෙන්න දෙමලුන්ගේ සංහිදියාව.

මේවා මොකොවත් එක්කෝ සිරිසේන ජනාධිපති  දන්නේ නෑ, නැත්නම් මේවා ගැන කිසිම තේරුමක් නැ. ජනාධිපති ගේ වැඩෙවෙලා තියෙන්න කතාපවත්තන එක. ඒ කෙන් මොනසේවයක්ද රටට වෙන්නේ.

අගමැති රනිල්  රට ප්‍රපාතයට ඇදදානවා. බඩ හොල්ල හොල්ල පාරලිමෙන්තුවෙ කතාකරනවා එයාගෙම විහුලුවලට හිනාවෙවී එයාගේ ගෝලයෝටික හිනාවෙනවාදැයි කැරකි කැරකි  බලබල සොකරි  නටනවා. මහජනතාව විසින් අවුරුදු 30ක්ම ප්‍රතික්ශේපකරපු රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති පුටුවට නග්ගවල  රටට කරපු වින්නැහියට දෙයියෝ සාක්කි !
 
මේ ආව කියන ත්‍රස්ත කාණ්ඩයමේ එකෙක් හා ඔහු විසින් කඩුවකින් කොටා  තුවාලකරපු පොලිස් නිලධාරියෙක් 
අවුරුදු තිහකටත් වැඩි කාලයක් ත්‍රස්තවාදයෙන් දුක්විඳපුරටක් ඒ කලුවරයුගයෙන් එලියටගෙනාවේ අපේ ආදරණීය මහින්ද රාජපක්ස ජනාධිපති තුමානෝයි.

නමුත් දැන් සිරිසෙන් ජනාධිපති ලකුනුදාගන්න හදනවා.  තෛපොන්ගල උත්සවයට පණිවිඩයක් නිකුත් කරමින් කියනවා දීපාවලිය මිනිහාගේ අවිද්‍යාව නමැති අන්ධකාරය නැතිකරගැනීමේ මාර්ගය වගේ එයාට පේනවලු අවුරුදු තිහක ගැටුම් නැතිකරලා සමාජයමත වැටී තිබුණු කළුවර සෙවනැලි ඉවත්කරලා ලබාගත් අවස්තාව අපේරට අර්ථවත් සංහිදියාවකින්  එළිමහනකට ගෙනයන්න පුලුවන්වෙවියි කියල.

නමුත්  සංහිඳියාව සිංහලයන්ගේ පැත්තට පමණක් සීමාවිය යුතුද? දෙමලු සංහිදියාවට කරන්නේ  කැනහිලිකම්. උන්ට උවමනාවක් නැ  සිංහලයන් එක්ක සංහිඳියාවක් ඇතිකරගන්න. උන්ට (දෙමල දේශපාලකයන්ට) ඕනේ වෙනෙම දෙමල ඊළමක්. ඒක මේ යහපාලන හැත්තට තේරෙන්නේනැ.

මුන් දෙමළුන්ට ඉඩම් දෙනවා, යුද හමුදාව උතුරෙන් ඉවත්කරනවා,  ත්‍රස්ත වාදීන්ගේ පවුල්වලට වන්දි ගෙවනවා,සිංහල යුද හමුදාපතිවරු හිරයට දානව, ඔවුන්ට විරුද්ධව අන්තර්ජාතික යුද අපරාද උසාවියක නඩුදමන්න සුදානම් වෙනවා. මහින්ද  රාජපක්ස ජනාධිපති තුමාගේ පවුලේ උදවියට හා ඒ ආණ්ඩුවේ  මැති ඇමතිවරුන්ට, ඒ ආන්ඩුවට සම්බන්ධව ක්‍රියාකළ සෑමදෙනාට විරුද්ධව නඩු දමන්න වීර්යයක් ගන්නවා.

ඔන්න  මුන්ගේ යහපාලන සංහිදියාව.  අලුත්ම අරන්චිය තමයි  කොළොඹ පාතාල ලෝකය නැවතත් අවධිවනබව. ප්‍රකට මැරවරයින් ආමි සම්පත්, දෙමටගොඩ චමින්ද, බ්ලුමන්ඩේල් සංඛ්  අත්අඩංගුවට අරගෙනලු ඔවුන්ගේ ගෝලයන් ඔවුන්ගේ විරුද්ධ පාක්ෂිකයන් හතරදෙනෙක් මරාදමළලු. යහපාලනයට රට හදනවා තියා රට ආරක්ශාකරන්ටවත් පුළුවන්කමක් නෑ.

මේ යහපාලන පිරිස ඇවිල්ලා අවුරුද්දකුත් මාස දහයක්වෙනවා මොන කෙහෙම්මලද මුන් රටට කරලා තියෙන්නේ. හැමදේම අවුරුදු දෙහෙකින් තුනකින් කරනවා කියනවා නමුත් මෙතෙක්රපුදෙයක් නැ. මේ මාස 22 මහින්ද රාජපක්ස ජනාධිපති  තුමා හිටයනම් කොපමණ වැඩකොටසක් කරයිද ?

රාජපක්ස ජනාධිපති තුමන්ගේ ආණ්ඩුව තිබුනානම් අනුරාධපුරයේ මහාසායෙ වැඩ අවසන්කරන්න තිබුණා. කොළොඹ නෙලුම් කුලුන්නත් ඉවරකරලා මහ නුවර අලංකාර කිරීමේ කටයුතුද ඉවර කරන්න තිබුණා. සිරිසෙන කියනවා රාජපක්ස ජනාධිපති කලින් මැතිවරණයක් කැඳවුයේ  නයගෙවන්නත් ඇමෙරිකානු ජිනීවා යෝජනාවටත් බයෙ  කියලා. රාජපක්ෂ ආණ්ඩුව පිළිවෙලට නය ගෙවමින් සිටිය. ඇමෙරිකාව යෝජනාවපිලිබඳව රුසියාවෙත් චීනයේත් මිත්‍රත්වය නිසා බයවීමට හේතුවක් තිබුනේ  නෑ. 

යහපාලනකරයින්ට කියල ඇමෙරිකා යෝජනාවෙන් ගැලවීමක් තිබුනද ? ඇමෙරිකන් යෝජානාවෙන් ගැලවීමට යහපාලනකාරයෝ කරන්නේ සංහිදියාවකියාගෙන දෙමළුන්ට උතුර දෙන එකයිම, රට විදේශිකයන්ගේ කෙළිබිමක් කරන එකයි. එකත් දැන් අඳුරු සිහිනයක් බවට පත්වේගෙන යනවා. ගාල්ලේ උණවටුන ගන්ජකාරයින්ගෙය් හොරුන්ගෙයි  තිප්පොලක්බවට පත්වේමින් තියෙනවා.

ඒ අතරතුල කොපේ රපොර්තුව පාරලිමේන්තුවට ඉදිරිපත්කරලා. අර්ජුන මහේන්ද්‍රන්ගේ හොරකම් එළිවෙලා . එත් එක්කම බැඳුම්කර වන්චාවට උදව් දුන් හොරුන්ගේ  නමුත් එළිවෙලා.  රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන් වගේම මේ හොරකමට ඍජුව වගකිවයුතුයි.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කොන්දක් තියනවානම්  රනිල්  අගමැතිට අස්වීමේ  ලිපියක් භාර දෙන්නයි කීමට කාලය පැමිණ තියෙනවා. ඒ වෙලාවෙම චන්ද්‍රිකාට දොරපෙන්නන්ටත් කාලය පැමීන තියෙනවා.

කොපේ සාමාජිකයන්ට කල යුතු කාර්ය දෙකක් තිබුණා . ඒකක් වාර්තාවට් පක්ෂව චන්දය දීම , අනික වාර්තාවට විපක්ෂව චන්දයදීම. පාදසටහන් ගැහීමට පුළුවන්කමක් නෑ. පාදසටහන් ගැහීම ඔවුන් රපොර්තුවට පක්ෂව චන්දය දුන්නා  හා සමාන වෙනවා.

එකක් හොඳට පැහැදිලියි පාද සටහන්ගහපු යුඇන්පී කාරයන් නවදෙනාට උවමනාව තිබුනේ  අගමැති රනිල් වික්‍රමසිංහ  ආරක්ෂාකරගන්න. හොරු ආරක්ශාකිරීමත් හොරකම්කරනවා වගේම වරදක්.

ඒ නිසා පාද සටහන් ගහපු , රවින්ද්‍ර සමරවීර ,සුජීව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, හර්ෂ ද සිල්වා, අජිත් පි පෙරේරා, අශොක්  අබේය්සිංහ, අබ්දුල්ල මහරූෆ්, හෙක්ටර් අප්පුහාමි,  හර්ෂණ රාජකරුණා  යන නවදෙනාමත්   රනිල් වික්‍රමසිංහ හා අර්ජුන මහේන්ද්‍රන් වගේම බැංකු බැඳුම්කර වංචාවට එක හා සම්බන්ද නිසා ඔවුන් සියලුදෙනාමත්  ප්‍රජා තන්ත්‍රය ගරුකරන දෙශපාලකයන් වශයෙන් මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්විය යුතුයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට මොලයකියලා එකක්  තියෙනවානම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස කැඳවා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නයයි ආයාචනාකලයුතුව තියෙනවා. අපේ ශ්‍රී ලංකාවනැවතත් සස්රිකමත් රටක් කරන්නනම්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහත්මා දැන්වත් අගමැතිකරගැනීම අත්‍යවශ්‍යයි. එය ජනතාවගේද අභිලාෂයයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට රටකරන වැඩේ හරියට කරන්න පුලුවන්වන්නේ ඒ විධියටයි.

මහජනතාවට යහපාලන ආණ්ඩුව තිත්තවෙලා. ජනතාව  ඉල්ලන්නේ  පෙර තිබුණ හොරුන්ගේ, වන්චාකාරයින්ගේ, සුදුවෑන් මැරවරයින්ගේයයි යහපාලනකාරයෝ කියන  රාජපක්ස ආන්ඩුවක්.


No comments: