Monday 28 November 2016

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි සභාපති වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීමෙන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවී ගියේය.


ශ්‍රී ලංකා නිදහස්පක්ෂය එක්සත් ජාතිකපක්ෂයට හේත්තුවී ආණ්ඩුවක් පිහිටවීම  1951 ඒ පක්ෂය පිහීටුවීමේ හෙතුවලට පටහැනි නිසා  දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ  සභාපතිතත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රී ලංකා නිදහස්පක්ෂය යයි කියාගන්න පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අලුත් පක්ෂයක් මිස සොලොමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා පිහිටෙව් සමජවාදයට බර  දේශපාලන පක්ෂය නොවේ.

බණ්ඩාරනායක මැතිතුමා   එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්වුනා පමණක් නොවේ ඔහු පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට ලංකා සම සමාජ පක්ෂයත් ලංකා කොමුනිස්ට් පක්ෂයත් එක්කරගෙන එක්සත් ජාතිකපක්ෂයෙ සියලුම සම්බන්ධකම් අත්හැර සමාජවාදී වාමාංශික පිළිවෙතක් අනුගමනය කළා.

ඒ වෙනස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටවත්  ශ්‍රී ලංකා නිදහස්පාක්ෂකයින් කියාගන්න තනතුරුවලට ආසාවෙන් ඔහු සමග එක්වී සිටිනවුන්ටවත්  තේරුම් ගන්න පුළුවන්තරම් මොලයක් නැතිවීම කනගාටුදායකයි.

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  තුමා හා ඔහු හා එක්වසිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ෂකයින් සිටින්නේ එදා බණ්ඩාරනායක මැතිතුමා   පිහිටිවෙව් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නොවෙ ඊට හාත්පසින්ම වෙනස් හිස් නාම මාත්‍රයකින් හඳුන්වන පක්ෂයකයි. දැන් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතිකපක්ෂයට සම්බන්ධ ධනවාදී වෙනම පක්ෂයක් මිස මහින්ද රාජපක්ස මැතිතුමා හිමිකරගත් බණ්ඩාරනායක මැතිතුමා ආරම්භකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ.

එම නිසා එදා 1951 බණ්ඩාරනායක මැතිතුමා  එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්වී පිහිටෙව් පක්ෂය නැතිවිගොස් ඇති බැවින්, අද ඊට අවුරුදු 65කට පසුව සඟ, වෙද, ගුරු,ගොවි, කම්කරු, ලාංකික ජනතාවට  නැතිවීගිය ශ්‍රී ලංකා නිදහස්පක්ෂය වෙනුවට වෙනම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ.


නැවතත් සඳහන්කරන්නේ, දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ෂිකයන්යයි කියාගන්න උදවිය බණ්ඩාරනායක මැතිතුමා  පිහිටෙව් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට හෝ එහි ඇති උදාර ප්‍රතිපත්තිවලට ගෞරව කරන උදවියනොවේ හුදෙක් ඇමතිකම්වලට හා ඒත් සමග ලැබෙන සමාජයේ මහන්තත්කමට තන්හාව ඇති උදවියයි.  ඇරත්  සරත් අමුණුගම, ඇස්බී දිසනායක, මහින්ද සමරසින්හ, දයාසිරි ජයසේකර, රජිත සේනාරත්න වැන්නන් එක්සත් ජාතිකපක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට ඇමැතිකම්වලට ගිජුව පැන්න උදවියයි.

එවැන්නන් අපේ රට ජාතිය ආගම කියලා හැඟිමක් ඇති උදවිය නොවෙයි.  ඒ අය අමතකකලේ, පිටිපැවේ  එක්සත් ජාතිකපක්ෂයට ගැති හතුරන් මොනවා කීවත්, අපේ මව්බිම ත්‍රස්තවාදීන්ගෙන් බේරාගෙන විවිධ සතුරන් අභිබවා  අපේරට නොදුටුවිරු විශාල දියුණුවක් කරා ගෙනගිය අභිමානවත් ජාතියේ වාසනාවට ලැබුණු පින්වත් සිංහල බෞද්ධ නායකයෙක්.   

අනිත් එක සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා නැණවත් කාටවත් වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ශ්‍යායාවක් නැති පුද්ගලයෙක්.  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. ඔහු තරහින්, ක්‍රෝධයෙන්,  ඊර්ෂියාවෙන්, අනුන්ට හානිකරන චේතනාවෙන් පිරුණුකෙනෙක්.

ඒ නිසාම ඔහු බණ්ඩාරනායක මැතිතුමා වැනි ගුණසම්පන්න පුද්ගලයෙකුට සමානකරන්න  බැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයෙක්  බණ්ඩාරනායක මැතිතුමා වැනි ප්‍රතාපවත් පුද්ගලයෙක් හිතා  මතා සැකසුම්කල ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නායකත්වයට කිසිසේත් සුදුසු කෙනෙක් නොවෙයි.

ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් ජනාධිපතිකෙනෙක් තේරුනාම පක්ෂයේ සභාපති ධුරය  ජනාධිපතිතුමාට පැවරියයුතුයයි යන කොන්දේසිය මත  සභාපති ධුරය  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  තුමාට පැවරීම ඒ කොන්දේසියට  වැරදි අර්ථකතනයක් දීමෙන් කල වරදක්. 

ඒ කොන්දේසියෙන්  කියවෙන්නේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කල අපේක්ෂකයෙක් මිස පැදුරටත් නොකියා පක්ෂයෙන්   හීමින්සීරුවේ පලාගොස් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන්  ඇතිකරනලද සමුහ විපක්ෂයකින් ඉදිරිපත්වී ජනාධිපතිවරණයෙන් දිනු අපේක්ෂකයෙක් ගැන නොවෙයි.  

එදා හිටපු මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා අලුතෙන්පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  තුමාට පක්ෂයේ සභාපතිකම පැවරූයෙ පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නොවේ නමුත් ඒවනවිටත් නිලලොභී ශ්‍රී ලංකා නිදහස්පක්ෂ කණ්ඩායමක්  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂපාතිත්වය පලකරන ලද හෙයින්  පක්ෂය නොකඩකිරීමේ අදහසින්  පක්ෂයට පක්ෂපාතීව සිටි මහින්ද රාජපක්ස උතුමානන් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පැවරිය.

නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස අතර රැඳිව සිටින කිහිප දෙනා අතරමිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමග සිටින තනතුරූ ලාභින් අතර නොවේ.
එබැවින් සොලොමන් ඩයස් බන්ඩාරනයක  මැතිතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිවලට ගරු කිරීමක් වශයෙන්  අලුත්පක්ෂයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාගේ නායකත්වයෙන් ඇරඹීම කාලෝචිතය.

අද යහපාලනය කියා  නාඩගමක් අටවාගෙන 1951 පිහිටෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන විගඩම තෙරුම්  ගන්න   බලමු ඇයි සොලමන් ඩයස් බන්ඩාරනායක මැතිතුමා  1951 එක්සත් ජාතිකපක්ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස්පක්ෂය පිහිටෙව්වේ කියලා. මෙතුමා ලංකාවේ එවක සිටි ධනවත් සිංහල ක්‍රිස්තියානි පව්ලක උපත ලබා  එංගලන්තයේ ඔක්ස්ෆෝර්ඩ් විද්‍යායතනයේ ඉගෙනීම  ලැබුවා. එහිදී දක්ෂ ලෙස ඉගෙනිමේ  කටයුතු නිමාකර අධිනීතිඤ වරයෙකුදවී ලංකාවට පැමිනියේ දේශපාලනයේ නිරත වීමේ බලාපොරෝත්තුවෙන්.  ලංකාවට පැමිණ බෞද්ධාගම වැළඳගත් ඔහු ලංකා ජාතික කොන්ග්‍රසයේ  සාමාජිකත්වය ලබාගත්තේය.

ඒ කාලයේ ඔහුගේ හිතේ ඇතිවූයෙ, ධනවත් පව්ලක  ඉපිද දේසපාලනය කරමින් අනිත් සිංහල ධනවතුන් හා ඉංග්‍රීසි පාලකයන්සමග  හිතවත්කම් ඇතිකරගෙන ජීවත්වීමෙන් තමාගේ රටට වැඩදායක සේවයක් නොකළහැකි බවයි.  එබැවින් ඔහු 1936 සිංහල  මහාසභාව  පිහිටුවාගත්තේය. ලංකාවේ දේශපාලනයෙ පෙරලියක් ඇතිකිරීමට පලල් දේශපාලන බලවේගයක් ඇතිකිරීමේ අවශ්‍ය තාවය දුටු ඔහු 1946  එක්සත් ජාතිකපක්ෂයට සම්බන්ධවීය.  

1948 ලබාගත් නිදහසින්  බටහිරට ලැදි  ධනවාදී  දේශපාලන ආණ්ඩුක්‍රමයකින් රටට ජාතියට ඵලදායක වැඩපිළිවෙලක් සකස් කිරීමට නොහැකි බැවින්   ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය  පිළිබිඹුවන සමාජවාදයට නැඹුරු ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාවය දුටු බණ්ඩාරනායක මැතිතුමා ඔහුත් ඔහුගේ සිංහල මහාසභාවෙ සමාජිකයිනුත් සමග 1951 එක්සත්ජාතික පක්ෂයෙන් වෙන්වී සඟ වේද ගුරූ ගොවි කම්කරු ජනතාව එක්රැස්කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළේය.

පන්ති, කුල, ජාති, ආගම්  භේදයකින් තොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ හා කොමුනිස්ට් පක්ෂත් සමග එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමාජවාදී ප්‍රතිපත්ති ශක්තිමත්  කළේ,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයේත් දේශපාලන ප්‍රතිපත්ති නැවත්තත් එක්වියනොහැකි මට්ටමටම වෙනස් බව තහවුරු කිරීමයි.

බණ්ඩාරනායක මැතිතුමා ඔහුගේ සමහරක් විරෝධකාරයින් සිතන විදිහේ ජාතිවාදියෙක් නොවෙ. ඔහුට අනිත් දියුනුරටවල් හා ඒ රටවල්වල ආණ්ඩුක්‍රම ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඔහු නිදහස් ලංකාවක් ගොඩනැගිම  පිළිබඳව හිතුවේ ලෝකයේ අනිත් දියුණු ජාතීන් මෙන් ලංකාවත් එකම භාෂාවක් කතාකරන එක ධජයක් හා එක ජාතිකගීයක් හා ලංකාවට ආවේනික බෞද්ධසන්ස්කෘතිය පදනම් කර ගත් එකමජතියක් වශයෙන් ලංකාවේ සිටින සෑම ජනකොටසක්ම එක්සත්කරවීමයි.

එයට මුලසිටම විරුද්ධවුයේ ලංකික ද්‍රවිඩයන්. මැලෙසියාවෙන් පැමිණි චෙල්වනායගම් ද්‍රවිඩ පක්ෂයක් හදාගෙන  බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ උදාරතර දේශපාලන ප්‍රතිපත්තිවලට විරුද්ධවුනා.

ඒ වගේම එදා පරාජිතව තිබු රට හතුරන්ගෙන් බෙරගෙන රටට සාමය උදාකර රට එක්සේසත්කල මහින්ද රාජපක්ස  මැතිතුමටද දරුණු විරුද්ධතාවයන් ඇතිඋනේ ටිඑන් ඒ දෙමළුන්ගෙන්. ඔවුන්ගේ මහා පුළුවන්කාරකම් අභිභවා  මහත් විරුද්ධතා මද්‍යයේ උනත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත්  බණ්ඩාරනායක මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්න උත්සහකලා.

නමුත් අද වංචනික යහපාලනය මිනිස්සු මුලාකරගෙන ගෙනයන්නේ රට දෙකඩ කරන ප්‍රතිපත්‍යයක්. උන් හදන ව්‍යවස්ථාව රටට හානිකරන බටහිරට හා දෙමළ ඩයස්පොරාවට හිසනමාගෙන  සන්හිදියාවෙ  නාමයෙන් ගෙනයන වැඩ පිලිවෙලක්. සිංහල බෞද්ධයන් මේ ව්‍යවස්ථාවට විරුද්ධව පාරට බැහැල  ව්‍යවස්ථාව හකුලාගන්නතෙක් සටන්කලයුතුයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්කෝ අහිංසකයි නැත්නම් හිතාමතාගෙනම රනිල්ටයි චන්ද්රිකාටයි ඔවුන්ගේ විනාශකාරී දේශපාලන ඔනැකම් කරගැනීමට  ජනපතිකමට කෑදරයෙන් හිසනමන කෙනෙක්. මේ විධියටබලනකොට පෙනීයන්නේ  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා නියම  ශ්‍රී ලංකා නිදහස්පක්සිකයෙක්නොවෙයි යන සත්‍යයයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කරන්නේ ඔහු සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ බලහීනකර ඔහුට අවනතකරගෙන රනිල් වික්‍රමසින්හ  චන්ද්‍රිකාගේ අනුමැතිය ඇතිව බටහිර හා ඉන්දීයාවට පක්ෂපාතව ගන්න වැඩපිළිවලවලට  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ චන්දය එක්සත්පක්ෂය පාරලිමේන්තුවට ඉදිර්පත්කරන  යෝජනාවලට  ලබාදීමයි. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වංචනික ක්‍රියාමාර්ගය නිසයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට  ඉදිර්පත්කරන යෝජනා තුනයයි දෙකේ චන්දයකින් නීතිගතකරගන්නේ. අයවැය යෝජනා, 18  ව්‍යවස්ථා සංශෝධනය ආදිය ඉන්සමහරක්.

මෙවිධියටගියොත් එක්සත් ජාතික පක්ෂය හදාගෙන යන ෆෙඩරල් වාදී ව්‍යවස්ථාවත්, ඉන්දියාව සමග ඇතිකරන්නට වෑයම් කරන  එක්ටා ගිවිසුමයි තුනයි දෙකේ වැඩිචන්දයකින් ස්තිරකරගන්නාවට අනුමානයක් නෑ. මැති ඇමතිකම් තියාගැනීමේ ආසාව නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවට  රැස්වී සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයන් එතුමා කියන ඔනෑම දෙයක් කරන්න සුදානම්.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවස්ථාවාදී  කුහක පිළිවෙත පෙනෙනවා ඔහු සැරෙන් සැරේට  හිටපු ජනාධිපතිතුමා ජනතාවගේ අප්‍රසාදයට  ලක් කිරීම සඳහා ඉදිරිපත් කරන කතාවල්. දැන් ඔහු අහනවා  මාතර නිල්වලා යෝජනාව සඳහා 2015 ජනවාරි 7වනදා නිකුත්කළ රුපියල් මිලියන 3012ක මුදලට මොනවාද උනේ කියලා.  එදා මුදල්පාස් කරන්න කාලයක් හිටපු ජනාධිපතිටනම් තියෙන්ට නෑ. චන්දකටයුතු නිසා. එවැනි චෝදනාවලින්ම තේරෙනවා මෛත්‍රීපාල සිරිසේන ගෙනයන වංචනික වැඩපිළිවෙල.


නැණවත් සොලොමන් ඩයස්  බන්ඩාරනායක මැතිතුමා කාලෝචිතව 1951දී  බටහිරට ගැති එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී  පිහිටුවාගත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහි සභාපති වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන්  නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවී ගොස් ඇති හෙයින්, අලුත්  පක්ෂයක් මහින්ද  රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටවීම සොලොමන් ඩයස්  බන්ඩාරනායක මැතිතුමා පිහිටෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  වෙන නමකින් නැවත බිහිකිරීමක් වන්නේය.

No comments: