Friday 2 December 2016

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස් වාදයටත් නින්දාකරන හොරු අල්ලන විප්පලවකාරයෝ වෙලා.




 මොකක්ද ජනතා විමුක්ති පෙරමුණට තියෙන දේශපාලන ආකල්පය

හොරු අල්ලන්ට රනිල්ගේ පොලිසියට ඔත්තු සපයන එකයි අල්ලස් හා දුෂණ කොමිසමට මහලොකුවට ෆයිල් මිටි උස්සගනගිහිල්ල රාජපක්සාලාට විරුද්ධව  පැමිනිලිකරන එකයි හැරුනුකොට ධනවාදය නැතිකරලා මාක්ස්වාදයට හුරැ ආණ්ඩුක්රමයක් හදන්ට මේගොල්ල කරන උත්සාහය මොකක්ද  ? කොපේ කොමිටි වාර්තාවවත් හරියට ඉදිරිපත්කරගන්න බැරි උනා. වාර්තාවත් යුඇන්පී කාරයින්ගේ පාද සටහන් දමන්නදීලා වැදගත්කමක් නැති  වාර්තාවක් බවට පත් උනා

ජනතා  විමුක්ති පෙරමුනේ   නායකයෝ  හිතාගෙන ඉන්නේ අය  තමයි ලංකාවට මාක්ස්වාදය ගෙනාවේ කියල. නමුත් උන් ඉපදෙන්ටත්  ඉස්සෙල්ලා  ලංකාවට මාර්ක්ස්වාදය හඳුනාදුන්නේ සුරිය මල් ව්යාපාරය  මැලේරිය වසංගතය මුල්කරගෙන හමා ඉංග්රීසීන්ට  විරුද්ධ බලවේග හරහා.   1930වල ඩොරීන් වික්රමසින්හ, දොස්තර ඇස්  වික්රමසිංහ, පිටර් කෙනමන්  ආදීන්ගෙන් පටන් ගත් කොමුනිස්ට් පක්ෂයත් ලංකා සමසමාජ පක්ශයත් ලංකාවේ දේශපාලන පරිසරය වෙනස්කළා. දේශපාලන වෙනස්වීම බොහෝදුරට බලපෑවෙ කම්කරු ජනතාව ආශ්රීතවබැවින් පලල් ජනතාව මාක්ස් වාදී පක්ෂවලට පක්ෂපාතිත්වයක් පෙන්නුවෙ නැහැ

සාමාන්යයෙන් මාක්ස් වාදය රටක ආණ්ඩු  බලය ධනය ඇතිවුන්ගෙන් අරගෙන ධනය හම්බකරන වැඩකරජනතාවන්ට  පැවරීම විප්ලවයක්තුලින් වියයුතුයයි විශ්වාෂකළේය. රුසියාව, චිනය  හා කිව්බාව  මේ විප්ලවයේ  සාර්ථක ප්රතිපලයන්ය. නමුත් හැම රටකම ආණ්ඩුක්රමය ධනවාදී පන්තියෙන්  ධනය උපදවන වැඩකරන ජනතාවට පවරා ගැනීම විප්ලවයකින් කලනොහැකිබව තෙරුම්ගත්  එවකට තිබු මාක්ස්වාදී පක්ෂ මේ පරාවර්තනය පර්ලිමෙන්තුවතුලින් කරගත හැකියයි සිතුවේය

ඇරත් එක් මාක්ස්වාදී න්යාමයක් අනුව විප්ලවයක් සඳහා සුදුසු වාතාවරණයක් නොමැතිනම් ජනප්රිය සමාජවාදයට බර දේශපාලන පක්ෂයක් සමග එක්වී මිනිසුන් අතරට මාක්ස්වාදී අදහස් හඳුන්වාදී ඔවුන්ගේ හිත් මාක්ස් වාදයට හරවාගැනීමට උත්සහගැනීම ඥානාන්විතයයි  සඳහන්කරයිඑවක සිටි ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියු නිස්ට් පක්ෂයේ නායකයින්,  ජනතා  විමුක්ති පෙරමුනේ  සාමාජිකයින් මෙන් තරුණමදයෙන්  මුලානොවි සිටිය නිසා, ලංකාව විප්ලවයකට සුදුසු නැති සමාජයක් බව හඳුනාගෙන පාර්ලිමේන්තු ආසන සඳහා තරඟකර සමාජවාදය පාර්ලිමෙන්තුව තුලින් හා වෘත්ත්යසමිති තුලින් ජනතාවට  හඳුන්වා දුන්නෝය.

නමුත් තරුනමදයෙන් අන්දවී සිටිය විජයවීරගේ නායකත්වයෙන් ආරම්භකළ ජනතා විමුක්ති පෙරමුණ රටේ භායානක විනාශකාරී තත්වයක් ඇතිකර දහස් ගනන්  සිංහල බෞද්ධ තරුණයන් පමණක් නොවේ රටේ  යහපත් වැඩිහිටියන් පවා  මරා දැම්මේය. ජේවීපී කාරයින් කලවිනාශය ත්රස්තවාදීන් කලවිනාශයටත් වඩා දරුණු රටේ ආරක්ෂාව සඳහා සටන් වදින්ට තරම් වීර  බෞද්ධසිංහල කොල්ලන්  ජේවීපීකාරයන් විසින් අමු අමුවෙ  නිකරුනේ මරා දැමීමයි.

දෙමළ ලේඛකයෙක් ලඟදි ලියනවා ත්රස්ත වාදය නිසා දරුවෙක් නැතිඋන පව්ලක් උතුරේ නැ කියල. එවගේමයි දකුණේත් ජනතා  විමුක්ති පෙරමුනේ මිනීමරු විප්ලවයනිසා දරුවෙක් හෝ ඥාතියෙක්  නැතිනොවුණු  සිංහල  පව්ලක්  සොයාගන්නට බෑ. මේ විනාසය සිංහල ජාතිය කවරදාකවත් අමතකකරන්නේ නෑ.

මෙතරම් විනාශකාරී  ජාතික  ව්යාසනයක් කල ජනතා  විමුක්ති පෙරමුනේ උන්  දැන්, රට ත්රස්තවාදයෙන් බේරාගෙන ජනතාවගේ ජීවන තත්වය උසස්කර  රට දියුණුකර ජනතාවට මරණ බියක් නැතිව සාමයෙන් ජීවත්වන්නට ඉඩසලසා  දුන්  මහින්ද  රාජපක්ස හිටපු ජනාධිපතිතුමන් දුෂිතයෙක්ලෙස හඳුන්වන අධමයෝයි.

ජනතා  විමුක්ති පෙරමුනේ අද හොරුඅල්ලන, හා රටට ඉමහත් සේවකයක් කල සිංහල බෞද්ධ නායකයින්ට දූශිතයන්යයි කියමින් නිග්රහ කර ජනතාවගේ ගෞරවාදරය අයගෙන් ඉවත්කිරිමට ගන්න අලුත්  විප්ලවයඅපට සිහිකරවන්නේ  ඔවුන් සිංහල බෞද්ධ තරුණයින් හා වැඩිහිටියන් අමුඅමුවේ මරමරාකල විනාශකාරී යුගයයි.

ජනතා  විමුක්ති පෙරමුණට පුළුවන් රටහදන වැඩක් කිරීම  නොවේ නමුත් විනාශකාරී බලවේගයන් හා එක්වී රට අගාදියට ඇදදමන එකයි. අද ජනතා  විමුක්ති පෙරමුණ කරන්නේ මයිත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් රනිල් වික්රමසිංහගේ  එක්සත් ජාතිකපක්ශයටත් උවමනා හිටපු මහින්ද  රාජපක්ස ජනාධිපතිතුමා හා එතුමාට සම්බන්ධ සියලුදෙනාම දේශපාලන භූමියෙන් ඉවත්කිරීමේ මෙහෙවරයි. එයින්  ජනතා විමුක්ති පෙරමුණ  බලපොරුත්තුවන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා එතුමාට පක්ෂපාත අයගේ බල හීනකර ඔවුන් ජනතාවගේ විශ්වශයෙන් ඈත්කළහොත් නැතිවන ජනතා විශ්වාසය  ජනතා  විමුක්ති පෙරමුණට ලැබේය යන විශ්වාශයයි.

අද  මහින්ද රාජපක්ස මැතිතුමා වෙත ඇති  ජනතා විශ්වාසය ජනතා විමුක්ති පෙරමුණට ලැබීම  කවරදාවත් සිදුවනදෙයක් නොවෙයිජනතා  විමුක්ති පෙරමුනේ මේ දේශ ද්රෝහී ක්රියාවෙන් සිදු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ  මහා ජනතාවට තව තවත් එපාවෙන එකයි.

ජනතා විමුක්ති පෙරමුණ  එක්සත් ජාතික පක්ෂයේ අතකොලුවක්.  ඒක හොඳට පෙනෙනවා කොපේ වාර්තාවෙන්. කොපේ වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට පාදසටහන් දමන්නට උදව් කර තිබෙන්නේ කොපේ සභාපති ජනතා වවිමුක්ති පෙරමුනේ සුනිල් හන්දුනෙත්ති .   හන්දුනෙත්ති  කියනවා  ඔහු  යුඇන්පී මන්ත්රී හර්ෂද සිල්වා   එක්ක මුළු රාත්රීයෙ පාර්ලිමේන්තුවේ ඉඳගෙන යුඇන්පී සාමාජිකයෝ  ගෙනා පාදසටහන් කෝපේ රපොර්තුවට එකතුකරන්න වෙහෙස ගත්තා කියලා. ඔන්න උන දේ.

ඔය කෝප් වාර්තාවෙන් මොනවද සිදුවෙලාතියෙන්නේ. ඒකත් දැම්මම හමස්පෙට්ටියට වැටිලා. රනිල් අග්රාමාත් වරයා දේශපාලන චන්ඩියෙක් -ආඥාදායකයෙක්. ඔහුකරන්නේ ඔහුට හොඳයි  කියලා හිතෙන දේ. පේනහැටියට ඔහු ජනාදිපති තුමා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැ.

ජනතා විමුක්ති පෙරමුණ  හිතාගෙන ඉන්නේ මොනවාහරිකරලා රාජපක්සලා දේශපාලනයෙන් ඉවත් කරගත හොත්  යුඇන්පී එකත් එක්ක  චන්දයකට ගියොත් තනියම ආණ්ඩුවක් හදන්න චන්ද ප්රමාණයක්  ගන්න පුලුවංවෙයි  කියලා. නමුත් පේන හැටියට හොරුඅල්ලන විප්ප්ලවය නිසාම ජනතා විමුක්ති පෙරමුණ  ජනතාවට එපාවෙලා. ලබන චන්දයකින් දැන් තියෙන ආසන හයවත් ගන්න පුලුවන උනොත් ඒක මහා පුදුමයක්.

නමුත් ජනතා විමුක්ති පෙරමුණට ටිකක්වත් හිස උස්සන්න පුළුවන්කමක් තියෙන්නේ  සිරිසෙන -රනිල් යුඇන්පී කුට්ටමෙන් අයින්වෙලා මහින්ද රාජපක්ස මැතිතුමා සමග ඉන්න එක්සත් විපක්ෂයත්  එක්ක හවුල්  උනොත් පමණයි.

මෛත්රිපාල සිරිසේන මැතිතුමා ශ්රී ලංකා නිදහස්පක්ෂයට කොහෙත්ම පක්ෂපාතිත්වයක් නැ. සිරිසෙන මැතිතුමාත් උදව්කරන්නේ යුඇන්පී එක බලයට ගෙන්නාගන්න. ඒක සිරිසේන ජනාධිපතිතුමත් එක්ක  ඉන්න ශ්රී  ලංකා නිදහස් පාක්ෂකයින්ට තේරෙන්නේ නෑ.

යුඇන්පී වැනි  ධනවාදී පක්ෂයකට  බලයේ ඉන්න උදව්කරන්න මාක්ස් වාදී නම ගාවගත්තු මොනම දේශපාලන පක්ෂයකට කොහොමටවත් බැ. එහෙම කරන පක්ෂ වාමාංශික  දේශපාලන මුලධර්මවලට පයින් ගහන්නෝ. ලංකාව අද වැටිලා තියෙන අගාදියෙන් ගලවාගන්න නම් ජනතා විමුක්ති පක්ෂයට හිතන්න පුළුවන් ශක්තියක් තියෙනවානම්  හොරුඅල්ලන විප්ලවය අත්හැරදාළ හැම වාමක්ෂික පක්ෂත් සමග එකතුවෙලා යුඇන්පී නොහොත් එක්සත් ජාතික පක්ෂය දේශපාලන සිතිජයෙන් අහක්කරන්න දැන්වත් උත්සාහ කරන්න කාලය පැමිණ තිබෙනබව තේරුම් ගැනීමයි.  

මක්ස්වාදියෝයි කියාගන්න මේ ජනතා විමුක්ති පෙරමුනට පුලුවන්ද අපට පෙන්නා  දෙන්න මාර්කස් වාදී න්යාය යන්ගේ කොහෙද ලියලතියෙන්නේ වාමාංශික දේශපාලන පක්ෂයක කාලය  හොරුඅල්ලන කටයුත්තට  යොදාගත යුතුයයි කියල. වාමාංශික දේශපාලන පක්ෂයක් කල යුත්තේ ධනවාදය ජනතාව රවට්ටාගෙන,  ගෙන යන රටට අහිතකර ක්රියාදාමයන්ට විරුද්ධව සටන් කරලා  සමාජවාදී ආණ්ඩුක්රමයක් ගෙන එම සඳහා වාමාංශික පක්ෂයන් සමග එකතුවී, බලය තමන්ගේ අතට ගැනීමේ  තණ්හාව අත්හැරලා, ජනතාවගේ හා රටේ දියුණුව සඳහා  කටයුත්තක් කිරීමයි.


ජනතා වීමුක්ති පෙරමුණ කැමැත්තක් නැ  විමල් වීරවංස ඉන්න වාමාංශික කඳවූරට බැඳෙන්න, නමුත් ඇත්තවශයෙන්ම සමාජවාදය ගරුකරන ධනවාධයට විරුද්ධ වාමාන්ෂික සටන ඉදිරියට ගෙනියන්න නම් පුද්ගලික තරහ කොන්ද් අහක දමලා එක්ව එක්සත්ව සටනක් කලයුතුයි. එසේනැත්නම් ධනවාදය විසින්  මාක්ස්වාදය හා ඊට සම්බන්ධ සියලු සමාජවාදී පක්ෂ ලංකාවෙන් සහමුලින්ම අතුගාලා දානවට සැකයක් නැ.  ජනතා විමුක්ති පෙරමුන බලාපොරොත්තුවන ඛෙදජනක අවසානය ඒකද ?

No comments: