Saturday 26 May 2018

දේශපාලන අනාගතයක් නැති ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්කර ඇති 20 වන ව්‍යවස්ථා සංසොධනයට චන්දය නොදෙන මෙන් දේශප්‍රේමීන්ගෙන් ඉල්ලාසිටිනවා.


 ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට දෙන මහජන චන්ද  දේශ විරෝධී චන්දයන්ය. ඊට හේතුව මේ දෙපක්ෂයම රටට ආදරයකින් කටුයුතු නොකරන බැවිනි. මේ දෙගොල්ලම දේශපාලනය  කරන්නේ ඒ අයගේ පක්ෂයට රාජ්‍ය තන්ත්‍රය  පවරාගැනීමේ අදහසිනුයි. ඊනියා ධනවාදී එක්සත් ජාතික පක්ෂය බටහිර ධනවත් රාජ්‍යයන්ට කත් අදින ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අතර, අද ජනතා විමුක්ති පෙරමුණ ද ඔවුන්ගේ දේශපාලන වාසිය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කටයුතු කරන බව දැන් පැහැදිලිවේමින් පවතී.

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යවී තිබෙන්නේ රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා  රාජපක්ෂ දේශපාලන නායකයින් කෙරහි ජනතාවගේ ආදරය හා විශ්වාශය නැතිකර  එතැනට ජනතා විමුක්ති පෙරමුණේ  නායකයින් ටික රින්ගවාගන්ටය . මෙතෙක් රාජපක්ෂලා හොරු යයි ගෙනගිය ව්‍යාපාරය ජනතාව විසින්  ප්‍රතික්ෂේප කර ඇති බැවින් දැන් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් උප්පරවැට්ටියක් සඳහා සුදානම් වෙයි.  

අනුර දිසානායක දැන් කියනවා ත්‍රස්තවාදයෙන් ජයග්‍රහණය ලැබුවේ මහින්ද රාජපක්ස ජනාධිපති තුමන්ගේ දේශපාලන නායකත්වයෙන් නොවේ. නමුත් ත්‍රස්තවාදය ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල වගේ ඉබේම නැතිවගියයි කියනවා. ඔහු කියනවා හැම කැරලි කොලාහල,  යුද්ධ  හා ත්‍රස්තාවාද  ඉබේටම නැතිවී යනවාලු.  ඒකලු ලංකාවෙත් උනේ. ඒ නිසා ඒ මහින්ද රාජපක්ස ජනාධිපති තුමන්ගේ දේශපාලනය නායකත්වය නිසා ලැබුන ජයග්‍රහණයක් නොවේලු.

ඉතින් මේ වගේ ජනතාව මොඩයන්ට  අන්දාගෙන  ප්‍රසිද්ධියේ කරන කතා මුන්ගේ දේශපාලන බංකොලොත් භාවය පෙන්නුම්කරනවා.  මේ ජනතා විමුක්ති පෙරමුණේ හැත්තට බෞද්ධයන්තුල තිබිය යුතු කෙලිහිගුනයවත් නැති නිසා  සිංහල බෞද්ධයින් එක්සේසත්වී එක්සත් ජාතික පක්ෂයමෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මහජන චන්දයෙන් පරාජය කොට දේශපාලන භූමියෙන් අතුගා දැමීමට කාලය පැමිණ තිබේ. ඒ සඳහා සිංහල බෞද්ධ ජනතාවම එකාමෙන් එක්වියයුතුය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවට ඉතාමත් අනතුරුදායකයි. අද රටේ පවතින උතුරේ  සිංහලයින්  දෙමල මානුසික විනාශයක්  කර ඇතැයි උග්‍ර ජාතිවාදී ගැටුමකට අර අඳින  නිසාත්  මුස්ලිම් දේශපාලකයන්ගේ  කැලෑ  වනසා දමා මුස්ලිම් ජාතිකයන්පදිංචි කරන ක්‍රියා මාර්ග නිසාත්, රටට මුනපාන්නට  වන සිදුවීම  වලට  පෙලගැහෙන විනාශකාරී තත්වයන්  නිසාත් ජනාධිපති ගේ විධායක බලතල ඉවත් කිරීම කිසිසේත්ම සුදුසු නැත.

19 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල ස්වල්පයක් ඉවත්කිරීමෙන්  එක්සත්ජාතික පක්ෂය මුල්කරගෙන පවත්වාගෙන යන  යහපාලනය  රජය නිසා අපේ රට අද වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට  මේ රජය විසුරුවා හැරීමටවත්,  හෝ අග්‍රාමාත්‍යවරයා  ඉවත්කිරීමටවත් ජනාධිපතිවරයාට පුළුවන්කමක්  නැතිව ජනාධිපති මැස්සන් එලවාගන්නවත් නොහැකි වලිගය නැති  නිවට ගොනෙක් බවට අද  පත්වීසිටන බව පේනවා නොවේද?  

මේ තත්වය ඇතිවී තිබෙන්නේ කිසිම තේරුමක් නැතිව පසුගිය රාජපක්ස  ජනාධිපති තුමාගෙන් පළිගන්නට ගෙන යන  තේරුමක් නැති විනාශකාරී වැඩපිළිවෙල නිසා නොවේද ?

එබැවින් මේ 20 වන සංශෝධනයට කිසිසේත් ඉඩ නොදිය යුතුය.  ඇරත් අපේ රට කෙරෙහි කිසිම ආදරයක් නොමැති තමන්ගේ දේශපාලන බල ලෝභය නිසා ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනයෙන් යෝජනාකරනවා අනාගතයේදී ලංකාවේ ජනාධිපතිවරයා පත්කළ යුත්තේ මහජන චන්දයකින් නොවේ නමුත් පර්ලිමෙන්තුවෙන්ය කියා.  මෙය මොන මෝඩ කමක්ද, ලෝකයේ මොන  රටේද එහෙමවෙන්නේ, මුන් කරන්න හදන්නේ උන්ට චන්දයකින් බලය ගත නොහැක්කෙනම්  උන්ගේම මිනිහෙක් පාර්ලිමේන්තුව තුලින් වත් ජනාධිපති වරයෙක් කරගැනීමටයි.

පාර්ලිමේන්තුවෙන්  පත්කරන අද පාර්ලිමේන්තුවේ කතානායක තුමාද තනි මතයේ  තීන්දුවක් ගත නොහැකි අග්‍රාමාත්‍යවරයාට හිස නමන ගැත්තෙක්  වී සිටියදී පාරලිමේන්තුවෙන් පත්කරන ජනාධිපතිවරයකු ගැන මොනවා කියන්ටද ?

චිනේ ජනාධිවරයා රට හදන්න පුළුවන් බව පෙන්නුම්කරදුන්නිසා ඔහුව  ඔහුගේ ජීවත කාලය තුලම චන්දයක් නොමැතිව එම ධුරයේ තබාගැනීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් 1948න් පසුව ජනාධිපතිබවට පත්වූ මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා වෙනකිසිම රාජනායෙකුට නොහැකිවූ විශාල වැඩකොටසක් කරලා පෙන්නුවා නියම දේශපාලන නායකයෙකුට  රට දියුනුකලහැක්කේ කෙසේද කියලා. නමුත්  අපේ මිනිසුන් එදා දුටුවේ නෑ මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා තව කාලයකට  ජනාධිපති වශයෙන් පත්කරගත්තේ නම් කොතරම් දුරකට මේ ශ්‍රී ලංකාව තව තවත් දියුණු වෙන්න තිබුනාද  කියලා.

රාජපක්ෂ  පවුලේ විරුද්ධවාදීන්  උත්සහකරනවා ඔවුන්  දේශපාලන මිනීමැරුම් වලට සම්බන්ධ කරවන්න නමුත් මහජනතාවත් සිහි බුද්ධිය ඇති උදවියත් දන්නවා රාජපක්ෂ  පවුල දේශප්‍රේමී ආගමට ජාතියට ආදරය කරන පවුලකින් පැවත එන්නන් බව. ඒ අය දේසපාලන බලාපොරුත්තු තියෙන උදවිය නිසා දන්නවා දේශපාලන මිනීමැරුම්වලට සම්බන්ධ උනොත් ඒවා ඔවුන්ගේ දේශපාලන ජීවිතයට බාධක වෙන බව. ඒ නිසා ඔවුන් මිනීමරුම්වලට සම්බන්ධ නෑ. ඒ අවධියේ තිබුන තත්වයෙන් ප්‍රයෝජනගෙන  සමහරෙක් එවැනි දේ කලත් රාජපක්ෂ පවුලේ කිසිකෙනෙක් එවැනි දේශපාලන මිනී මෙරුම්වලට සම්බන්ධ වී නැත.

රාජපක්ස ජනාධිපති  තුමන්ගේ ආණ්ඩුවේ වැරදි තිබුනේ නැතිවානොවෙයි නමුත් ඊට සමාන්තරව කොතෙක් දුරට ලංකාව දියුණුකිරීමේ හැකියාවක් රාජපක්ෂලාට තිබුණේදැයි  අපට දැන් පේනවානේද ?  රටේ දැන් තියෙන ව්‍යවස්තාව තවදුරටත් තබාගත යුතුය. එහි අඩු පාඩු තිබුනත් ඒවා නැනවත්ලෙස සංශෝධන වලින් සකසාගෙන තබාගත යුතු වැදගත් ලේඛනයකි .   

ඇරත් ව්‍යවස්ථාවක් හැදීම පිලිබඳ දැනීමක්වත් නොමැති ජනතා චන්දයකින්  පාරලිමේන්තු මන්ත්‍රී වරු හයක් විතරක් ලැබූ පුළුල් ජනතා විශ්වාශයක්  නොමැති ජනතා විමුක්ති පෙරමුණට පුලුවන්ද විනාශකාරී ව්‍යවස්ථා  සංශෝධනයක් ගෙනත් පාර්ලිමෙන්තුවෙ ඉන්න මන්ත්‍රී වරුන් රවට්ටලා ඒ  සංසෝධනය දිනාගන්න ? මේ රට හදන්න ජනතා විමුක්ති පෙරමුණට බැ. ඒ සඳහා කටයුතු කරන්න ඔවුන් බලාපොරුත්තු වන්නේ නම් සැලකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත් ජනතා චන්දයකින් පත්කරගැනීමට උත්සහ ගත යුතු නොවේද ?

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය  බලය ලබාගන්නට ටිකක්වත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වන්නේ සමාජවාදයට බර දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීමෙන් මිසක  ධනවාදී බටහිරට කත් අදින  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවී බොරු මාක්ස්වාදී ඉඟියක් ජනතාවට  පෙන්වීමෙන් නොවේ.

 ඒ සඳහා  බොරු මාන්නය පසෙක තබා අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩක් කිරීමට නම් ජනාධිපති මහින්ද  රාජපක්සේ මැතිතුමන්ගේ නායකත්වයෙන්  ආරම්භකර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැදෙන්න ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරනවා.

No comments: