Thursday 10 May 2018

විශ්වාශයට හිතවත්කමට පයින් ගහපු කාලකන්නියෙක් රජ උන අබුද්දස්ස කාලේ.


 අවුරුදු ගණනාවක් පරදේශිකයන්ට යටත්ව  ඉහලපැලන්තියකටයි පහලපන්තියකටයි රට දෙකට කැඩුණු යුගයකදී දිළිඳුකමින් මිරිකීසිටි ජනතාවක් ඉතා අසීරුවෙන් දිළිඳුකමින් හා වහල් මානිසිකත්වයෙන් ගොඩඒමට වැයම්කරද්දී අතීත සමාජය කෙන්ද්‍රයකොටගත් ජන කොටස් පහක් එක්තැන් කරවා නැවතත් රටට නියම නිදහස මනුස්සකම ආගම ධර්මය ගෙන ආ සමාජවාදී ප්‍රයත්නයට දෙමල  දේශපාලකයන් විසින් ජාතීවාදීන් යයි  හංවඩු ගහමින්  ජනතාව සිංහල දෙමල වශයෙන් නැවත දෙකඩ කොට  රටආපසුගෙනගිය යුගයක් වීය.  

මේ ලංකාව කෙරෙහි  දේශ ප්‍රේමයක්  නොමැති දෙමල දේශපාලකයන්ගේ රට නගා සිටුවීම වෙනුවට  රට දෙකඩ කිරීමේ ප්‍රයත්නයන් නිසා මේ අපේ රට  අන්ත පරාජිත භාවයට පත්වෙමින් තිබියදී දෙමලවාර්ගික කොටසක් විසින්ම අවිගත් ත්‍රස්තවාදය රටේ ඇතිකර අවුරුදු තිහක් තිස්සේ භීෂණයෙන් හා මරණ  බයින් පසුවූ ජනතාවක් ඒ ත්‍රස්තවාදයෙන්  හා බියෙන් මුදවාගෙන රටට හා ජාතියට සාමය උදාකර දියුනුවෙ මග විවුර්තකළ  මහින්ද රාජපක්ස ජනාධිපති තුමන්ට විරුද්ධව  නොමගගිය ජනතාවක් විසින් රටේ මහා කර්මයකට මහින්ද රාජපක්ස ජනාධිපති තුමන් පරාජයකොට  රජකරවපු කාලකන්නියා රටක් කිරීමේ මොනම හැකියාවක් නැතිව යහපාලනයක් හදාගෙන කරන භයානක විගඩම නිසා  ශ්‍රී ලංකාවා දැනටමත් දෙකඩවී  විනාශය කරා  ගෙනයෑමේ  වැඩපිළිවෙලක් ගෙනයමින් පසුවෙයි.  

දැනට මහජනතාවගේ විශ්වාශය ඔහුකෙරෙහි නොමැති බව වටහා ගන්නට තරම් මොලයක් නොමැති මේ අධර්මිෂ්ට  තන්හාවෙන් ක්‍රෝධයෙන්  පිරුණු හිතකින් යුත් පව්කාරයා රටට ද්‍රෝහී ලංකා විරෝධී විදේශිකයන්ගේ අතකොලුබවට පත්වීසිටින අතලොස්සක් ධනවාදීන් විසින් මෙහෙයවන යහපාලනයක් බදාගෙන තව කාලයක් පාලනයෙසිටීමට සුදානම් බව නොබෝදා ජනරැලියකදී පැවසීය.

මේ කාලකන්නි රට වැනසීමේ යහපාලනයට තවදුරටත් මේ රටේ පාලනය  දුන්නොත් ශ්‍රී ලංකාව නැත්තටම නැතිවීයෑමට ඉඩ තිබෙන බැවින් මේ ලංකාවට අහිතකර පව්කාර යහපාලනය  පන්නා  දැමීමේ වැඩපිළිවෙලක් වහාම සකස්කළයුතුව ඇත. එය සිංහල බෞද්ධ ජනතාවගේ පරම යුතුකමයි. ඒ සඳහා ලංකාවේ සියලුම බෞද්ධයින් දේශපාලන වෙනස්කම් අභිභාවා රටවෙනුවෙන් එකමුතු වියයුතුය.

අවුරුදු  තුනක් තිස්සේ මේ හැතිකරය මොනවද කලේ. නමට පමණක් විධායක බලය තියන ජනාධිපති සිරිසේනට බැංකු හොරකම පිටුපස තිබුණු රනිල්ගේ සම්බන්ධය දැනදැනත් ඔහුටවිරුද්ධව කිසිමදෙයක් කිරීමට අසමත්නම්   ජනාධිපතිගෙන් රටටවත් ජනතාවටවත්  සේවයක් වෙනවාද ? කිසිම වරදකට සම්බන්ධකමක්  තිබුන බවක් මෙතෙක්  හෙලිනොවූ ජනාධිපති මහින්ද  රාජපක්ස මැතිතුමාට හා  ඔහුගේ පවුලේ උදවියට චෝදනා එල්ලකරන එක නතර කරන්න වචන මාත්‍රයකින් හෝ උත්සහයක් නොකරන ක්‍රෝධයෙන් හා මාන්නයෙන් හිත පුරවාගත්  සිරිසේන ජනාධිපතිගෙන් කිනම් ප්‍රයෝජනයක් ද ?

එහෙම ජනාධිපති කියනවා තව බොහෝ වැඩ අවසන්කලයුතුව තියෙන බැවින් ඔහු 2020න් පසුව විශ්‍රාම ගන්නේ නැතිලු. මොනවාද මේ අවසන් නොකළ වැඩ ?  රටට දෙන්න ඕනේ හැම හෙනගෙඩියක්ම දීල  තවත් සංහිඳියාවක් කරපින්නාගෙන දෙමළුන්ට ලංකාවේ ඉතුරූහරියත් දෙන්නයි  මේ කාලකන්නි මනුස්සයා කරන්න හදන්නේ. රටට වෙන විනාශය ගැන කිසිම හැගීමක ඔහුට නැත.

නිදහස හෝ ප්‍රජාතන්ත්‍ර වාදය මොකක්දැයි හරිහැටි වටහානොගත් සමහරක් මෝඩයින් කියනවා  මේ යහපාලන ය හොඳ  දෙයක් දුන්නලු. ඒ ආණ්ඩුව විච්වෙචනය කිරීමේ  නිදහසලු. මෙයින් මිනිස්සුන්ගේ බඩවල් පිරෙනවද ? මේකද  සාමාන්‍ය ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවෙන්නේ ?  විවෙචනය කිරීමේ නිදහස තිබුනට රට දිළිඳු ප්‍රපාතයකට ගෙනගිහිල්ලයි තියෙන්නේ. ඒක සමහරක් උන්ට පෙන්නේ නැ.

මෙ කාලකන්නි හැත්ත තරහෙන් හා ක්‍රෝධයෙන් පිරුණු පව්කාරයෝ. එය ඔවුන්ගේ මුසල මුනුවලින්ම පේනවා. එහෙම එවුන් කොහොමද රටක් හදන්නේ ? ජනතා වීමුක්ති පෙරමුණේ කාලකන්නිත් දැන් වැඩකරනවා පෙනෙන්නේ ලංකාවේ හතුරු බලවේග සමග බව ඔවුන් කියන කතාවලින් තේරෙනවා.

බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තු ආසන හයක් දිනාගත් ජනතා වීමුක්ති පෙරමුණේ බිමල්  රත්නායක කියන කාලකන්නියෙක් ලන්ඩන් නුවරට ගිහිල්ල කියනවා  ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ බහුපාක්ෂික රටක් කියලා. ජනතා වීමුක්ති පෙරමුණ 20වන ව්‍යවස්ථා සංශෝධනයක් කියලා එකක් ගේනවා ජනාධිපති ගේ විධායක බලතල  අග්‍රාමාත්‍ය ප්‍රධාන කැබිනෙට් මණ්ඩලයට පැවරිය යුතුයි කියලා.

ඒ සංශෝධන්ම ඔවුන් යෝජනා කරනවා ජනාධිපති තොරා පත් කර ගතයුත්තේ ජනතා චන්දයෙන් නොවේ නමුත් පාරලිමේන්තුවෙන් කියල. මේ මොන විගඩමක්ද මුන් ජාතියේ හතුරන් නේද? මුන් වැඩකරන්නේ කාගේ උවමනවන්වලටද ? ජනතාව ජනතා වීමුක්ති පෙරමුණ සම්පුර්ණයෙන්ම ප්‍රතික්සේපකලයුතුයි.

මුන් මේ හතරබීරි කතා කියද්දී අපේ ලංකාව තවතවත් පිරිහෙනවා. රට පාලනය කරන්න මොනම හැකියාවක් නැතිබව සක්සුදක්සේ පෙනෙද්දී මුන් තවතවත් යහපාලනයේ රැදී සිටීමටයි ලකලෑස්තිවෙන්නේ. මුන් අර මීතොටමුල්ලේ කුනුකන්දට යටවෙලා විනාශවෙවා.

මේ අපේ සිංහල බෞද්ධ රට මේ කාලකන්නින්ගේ ග්‍රහනයෙන් ගලවාගෙන රට නැවතත් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගෙන දියුනුවක්කරාගෙන යන්නනම් නැවතත් රාජපක්ස ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම රට භාරදිය  යුතුය.

රාජපක්ස පවුල ගැන කතාකරකර අපවාද කලාට  ජනතාවට විශ්වාශය තැබිය හැක්කේ රට රාජපක්ෂ සහෝදරයන් එකමුතුව  කරන පාලනයකටය. ඒ ඔවුන් රටගැන ආදරයක් තියෙන ආගම ධර්මය ගරුකරන  සිංහල බෞද්ධයන් නිසයි. මේ රටට මේ අවස්ථාවේ අවශ්‍ය ඔවුන් ගේ පාලනයක්මය.  

No comments: