Sunday 11 September 2016

සිංහලයිනි නැගිටිව්

මේ කටත් ඇරගෙන ගොබ්බය වගේ බන්කිමූන්ට වශී වෙලා ඉන්නේ  කව්දැයි  දන්නවද ?
සිංහලයෝ නිදි.

යහපාලනයක් කියා ආන්ඩුවක් හදාගෙන මේ හැත්තක් ලංකාවට කරන විනාශය නතර කරන්න සිංහලයන් දැන්වත් අවදිවිය යුතුයි.  මම දන්නවා සිංහල ඉස්කෝල ගුරුවරුන්  රුපියල් දහදාහකින් පඩි වැඩිකරනවා කියල ඇතිවුණු තන්හාවට සතාට කතිරෙගහන්න කියා කියා උන් උන් අතර කතා කරගත්තා. ඒ වගේ  කරලා දිනවපු ආණ්ඩුව අද කොහාටද අපේ රට ගෙනියන්නේ. රටේ දියුනුවටකියල බෝක්කුවක්වත් හදලානැති  යහපාලනය කරන එකමදේ රාජපක්ෂලා පොලිසියට ගෙනියන එකයි තවත් අය බ්‍රය්බරි කොමිසමට ගෙනයනැ එකයි .

මේකද මුන්ගේ යහපාලනය. රනිල් වික්රමසින්හ කියනවා ලෝකේ දියුනුරටවල් එක්ක ලංකාව යාලුයිලු. එහෙනම් මොකද ලංකාවට විරුද්ධව ජිනීවා  යෝජනාව අහක්කරගෙන නැත්තේ.  දියු නුවෙට්චි රටවල් යහළුකරගන්න මේ හැත්ත කරන්නේ උන්කියන හැමදේටම  හා කියන එක නේද ?.

ඊයේ පෙරේද බැන්කිමූන්  එක්සත්ජාතීන්ගේ මහලේකම් ඇවිත් ගියා.   ඒකට යුඇන්පී කාරයින්ගේ සතුට ඉහවහ ගිහිල්ලා. ඊටත් වඩා සතුටින් ඉන්නේ  මහින්ද සමරසින්හ. මොකක් හරි තනතුරක් බලා පොරොත්තුවෙන් එයා තමා සිරිසෙනට දැන් වැඩියක්ම පන්දන් අල්ලන්නේ.හැමෝටම ඇහෙන්න බැන්කිමූන්  කිව්ව රුවන්ඩාවෙ  හා සර්බියාවේ  මනුස්සගාතන සිදු උනා ඒවා නතර කිරීමට  එක්සත්ජාතින්ට මැදිහැත්වීමට බැරි උනා  ලංකාවෙත් සිදුවීතිබෙන එවැනි  මනුස්සගාතන නවත්තා ගන්න පුළුවන්කම  තිබුණා  නමුත්  එක්සත්ජාතින්ට නැවතත් රුවන්ඩාව සර්බියාව මෙන්ම ලංකවෙදීත්  මැදිහැත්වීමට බැරි උනා කියලා. ලංකාව මෙවැනි ම්ලේච්ච රටක් වශයෙන් ලෝකයට පෙන්වාදෙන උත්සාහයක යෙදුනු බැන්කිමූන්ට් ආවඩන මේ යහපාලන හැත්ත අපේ රට කුමන තැනකටද  ඇද දමන්න හදන්නේ ?

සිංහලයිනි මෙවැනි රට අගාදියට ඇදදමන යහපාලන ආණ්ඩුවකට තවත් මේ රට කරවන්නට ඉඩදී නොහඩව සිටිය හැකිද ?       

නමුත් මහින්ද සමරසින්හ කියනවා එහෙම  දෙයක් බැන්කිමූන්  කීවේ නැ වෙලාතියෙන්නේ වැරදි තෙරුම් ගැනීමක් කියල. හර්ශ දසිල්වා ත් කියන්නේ බැන්කිමූන් ලංකාවට වරදක්වන දෙයක් කීවෙනෑ නමුත් ඔහු ලංකාවට ලෝකයෙ ප්‍රසන්ෂාව දිනාගන්න හැකිවිධියේ කතාවක් කලයි කියල. ඒ එක්කම කරුණාරත්න පරණවිතාරනත් කියනවා  බන්කිමූන් එහෙමදෙයක් කීවේ නැකියල. එක්කෝ මුන්ට් ඉංග්‍රීසි තේරෙන්නේ නැ  නැත්නම් අමුබීවා වගේ බන්කිමූන් ගොත ගහගහ කීව කථාවට වශී වෙලා ඉන්න ඇති.

මේ යහපාලන හැත්තට වෙලාතියෙන්නේ උන්ගේ බටහිරින් එන හැම එකාටම ගැති මානසික තත්වයේ වෙනසක් වෙලා නැති එකයි. බැන්කිමූන්ට ලංකාවෙන් තේ  එකක්වත් දෙන්න සුදුසු මිනිහෙක්නොවෙයි. මේ මිනිහා  කලින් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් දෙමළ ත්‍රස්ත වාදින්කෙරෙහි මහා අනුකම්පාවෙන් යුතුව කටයුතුකල නවි පිල්ලේ ගේ හිතවතෙක් දරුස්මාන් කොමිසමේ  එක සමාජිකාවක්වූ  යස්මින් සුකා නවි පිල්ලේ සමග  දකුණු අප්‍රිකාවේ එකම උසාවියේ වැඩකළ නඩුකාරවරු. ඔවුන් හොඳ  මිතුරියෝ.

මෙවුන් ප්‍රභාකරන් ත්‍රස්තවාදියාට නොහැකිවූ ලංකාව දෙකඩ කිරීමේ කාර්ය නිමකිරීමට බැදී සිටින දෙමළ  දයස්පොරාවට සම්බන්ධ  විදේශීය දෙමළුන්.  මේ දෙමළ ඩයස්පෝරාවේ ඕනෑ විධියටයි අමෙරිකාවත් යුරෝපීය රටවලුත් බන්කිමූන් ගේ එක්සත් ජාතික සංවිධානයත් කටයුතු කරන්නේ. මේක අමතකකරන්න එපා . කලින් ඇමෙරිකාව හා බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාව කියනහැටියට ලංකාව දෙකඩකර උතුරේ ඊලාම් රාජ්‍යයක්  සැදීමට සිරිසේන රනිල් චන්ද්‍රිකා සමරවීර උපයෝගිකරගන්න වායයි කීවාම බොරු බිල්ලොමවනවා කීවා. නමුත් දැන්වෙනදෙවල් හොඳට හිතාබැලුවොත් ඇත්ත පෙනේවි. තාමත් නොපෙනේනම් සිංහලයෝ තාම නින්දේ ?

යහපාලනය ගැත්තෝ ආණ්ඩුවක් හදාගෙන මොකද කරන්නේ ?

ඔවුන් කරන්න හදන්නේ ලංකාවේ දේශපාලන ප්‍රතිරූපය සම්පුර්නයෙන්ම වෙනස්කරන්න. ඒකට සමාන්තරව තමයි උතුරේ යුදකදවුරු අහක්කරලා ඉඩම් දෙමළ වැසියන්ට ආපහුදෙන්නේ. ඉන්දියාව සම්බන්ධකරගෙන එට්කා ගිවිසුම අත්සන්කර තමිල්නාදුවත් ලංකාවත් සම්බන්ධ කරන හනුමන් පාලම හදන්නේද මේ ලංකීක දේශපාලන ප්‍රතිරූපය වෙනස්කිරීමේ සැලස්මේ කොටසක් වශයෙනි.

ඔවුන් එයින් නවතින්නේ නැ. හදිසියේ කරන තවත් වැඩසටහනක් තියෙනවා ඒක තමා  අලුත් ව්‍යවස්තාවක් සෑදීම. ජයම්පතී වික්රමරත්න කියල නීතීඥ වරයෙක් ලවා එහි මුලික කටයුතු කරගෙන යනවා. ඔහු කියන  හැටියට බහුතරයක් ජනතාව සම්බන්ධ කරගේනලු ව්‍යවස්ථාව සස්කරන්නේ . නමුත් ලංකාවේ මිනිසුන්ගෙන් ඇහුවොත් කියයි කීදෙනෙක් ජයම්පතී වික්රමරත්න සමග  අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව කථාකලාද  කියලා.

නමුත් ඇමෙරිකාවේ තානාපතිවරයා මෑතකදී කීවා ලංකාවේ අලුත් ව්‍යවස්ථාව ලියන්න අමෙරිකාවත් සම්බන්ධවෙනවා කියලා. උතුරේ මහා ඇමති විග්නේස්වරන් කියනවා දෙමලමිනුසුන්ගේ ඕනේ එපාකම් අඩංගු ෆෙඩරල් ක්‍රමයට බර ව්‍යවස්ථාවක් සකස්කලයුතුලු. ටිඑන්ඒ මන්ත්‍රී සුමන්දිරන් කියනවා දෙමළ ජාතිකයෝ රටේ දෙවන රටවැසිකොටසක් හැටියට සැළකීම නතරකර සිංහලයන්ට ව්‍යවස්තාවේ දීතිබෙන විශේෂ තැන නැතිකර හැමජාතිකොටසකටම සමතැනක් දිය යුතුනිසා දැන් ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තිය සම්පුර්ණයෙන්ම අස්කලයුතුලු. (දෙරන අලුත් පාර්ලිමෙන්තුවක් නම් 7.9. 16 වනදින වැඩසටහන බලන්න ).  

9වන වගන්තියේ තියෙන්නේ  බෞද්ධාගමට ප්‍රධානතැන දිය යුතු අතර බුද්ධසාසනය රැකබලා ගැනීම රජයේ යුතුකම විය යුතු අතර අනිත් ආගම්වලට 10 හා 14 වගන්තිවලින් දී තිබෙන අයිතිවාසිකම්ද සහතික කලයුතුබවයි.

බෞද්ධ සිංහලයිනි අවදිවව්. මේ මගඩි  යහපාලනය කොහේ යන්නේදැයි බලා සිටිව්. දැනටවත්  මේ යහපාලනය යන ගමන හරි නැති බව වැටහෙනවාද ?

ලංකාවේ දෙම්ළ සංහාරයක් සිදුඋනායයි කියන බන්කිමුන් තමා දරුස්මාන් රපොර්තුව සකස්කරවාගත්තේ . එතකොට බන්කිමූන් කීවේ දරුස්මාන් රපොර්තුව ඔහුගේ උවමනාවට පිලියෙලකරගත් පුද්ගලික වාර්තාවක් නිසා එය එක්සත්ජාතීන්ගේ නිල රපොර්තුවක් නොවන බවයි. නමුත් නවි පිල්ලේ එක්සත් ජාතීන්ගේ මානව අයිති පිලිබඳ කොමසාරිස් වශයෙන් පත්කළාට පසුව ඇය මෙ දරුස්මාන් රපොර්තුව ජිනීවාහී  මානවහිමිකම් කෞන්සිලයට ඉදිරිපත්කලා. ඊට පසුව එය එක්සත් ජාතීන්ගේ නිල වාර්තාවක්  වශයෙන් පිළිගෙන තියෙනවා.

මේ දරුස්මාන් වාර්තාවේ ලංකාව දෙකඩකර දෙමළ ඊලාමයක් සෑදීම සඳහා අවශ්‍ය අඩිතාලම තබන්න පුළුවන් කරුණු තිබෙනවා. බන්කිමුන්ගේ දෙමළසංහාර කතාවත් මෙයට සම්බන්ධයි.

මේ විදේශිකයන්ට  පුලුවන්නම් ලංකාවේ සිංහල මහජාතිය දෙමලජනතාවට විරුද්ධ බවත්  එක එක සිංහල රජයන් විසින් දෙමළ ජනතා සංහාරයන් කර තිබෙනබවත් පෙන්වන්න  (වීග්නෙස්වරං කියලා තියෙනවා 1948 ඉඳන් දෙමළ සංහාරයන් පැවතී බවක් ), උන්ට පුළුවන් ඒ නිසා දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් නැත්නම්  ඊලාමයක් දීම යුක්තිසහගතබව.

මේක ගොනිබිල්ලෙක් මැවීමක් නොවේ.  උනයින් පස්සේ නොවෙයි දැන් මොකක්ද කරන්නේ  කියල හිතන්ට තියෙන්නේ, නමුත් දැනුයි මේ වෙන්ටයන විනාශය ගැන හිතන්ට තියෙන්නේ.

දරුස්මාන් කමිටු වාර්තාව  කිසිසේත්ම නීතියෙන් පිලිගන්නපුලුවන් වාර්තාවක් නොවෙයි. කවරෙක් හෝ  මේ වාර්තාවට විරුද්ධව සුප්‍රීම් උසාවියට යා යුතුයයි මම හිතනවා. ඉන්දුනීසියාවේ මර්සුකි දරුස්මන් කොමිට්යේ නායකයා වශයෙන්ද දකුණු අප්‍රිකාවේ යස්මින් සුකා හා ඇමෙරිකානු ස්ටීවන් රැට්නර් කොමිටියේ සාමාජිකයන්වශයෙන්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  කාර්යාල කාමරයක්තුල රැස්වී දරුස්මන් වාර්තාව සකස්කලා.

මොවුන් මේ වාර්තාව හදන්න ඉස්සෙල්ලා හෝ පස්සේ  ලංකාවට ආවේ නැ. ඉතින් කොහොමද ලංකාවට එතරම් විනාශකාරී  රපොර්තුවක් පිලියෙලකලේ.

මොවුන් පළමුව ලංකාවේ යුද්දකාලයේදී සිදුවූ  අක්‍රමිකතා මීනිස් ඝාතන පිලිබඳ තොරතුරුදන්නා අයට පැමිණ සාක්ෂී දෙන්න ආරාධනා කළා. නමුත් සාක්ෂී කරුවන් නොපැමිනිනිසා  පෝර්මයක්  සකස්කරැ අන්තර්ජාලයට දැම්මා පෝර්මය පිටපත්කරගෙන  තමන්  දන්නා තොරතුරු එහි ලියා දරුස්මාන්  කොමිටිය වෙත එවන්න කියා.  ඊටපසු තොරතුරු සඳහන් මේ පෝරම දහස්ගනනනින් ගලා එන්ට පටන්ගත්තා. මේ පෝර්ම සඳහන් තොරුතුරු  රැස්කරගෙනයි දරුස්මාන් වාර්තාව සකස්කළේ.

ඒ පෝරමවල  තොරතුරූ ලියා  අත්සන් කර තිබුනත්  එව්වා එව්වෙ කවුදැයි නිශ්චයවශයෙන් දැනගැනීමට පිළිවෙලක් තිබුනේ නැත. ලංකාවට අඩියක්වත් නොතැබූ දයස්පොරාවෙ දෙමළ ජාතිකයන් එක්කෙනා පෝර්ම ගණනාවක් එවන්න ඇති. ඒ කියන්නේ මේ දරුස්මාන් වාර්තාව පිලියෙලකර තිබෙන්නේ පොර්මවල ලියා තිබුණ බොරු තොර තෝරු එක්කාසුකරගෙන.

මේ තොරතුරුවල  අසත්‍ය භාවය  හන්ගවාගන්නට දරුස්මාන් වාර්තාව සඳහන් කරනවා  වාර්තාව සඳහා තොරතුර දුන් සාක්ෂිකරුවන්ගේ  නම් ගම්  අවුරුදු 20 ක් රහසිගතව තබාගන්නවා කියලා.  එතැනින්ම මේ වාර්තාවේ නීතියෙන් පිළිගත නොහැකි වාර්තාවක් බවට පත්වුවා. යම් කිසිකෙනෙක් තවත් කෙනෙකුට විරුද්ධ සාක්ෂියක් දුන්නොත් එම සාක්ෂියයෙ සත්‍ය අසත්‍ය සොයන්න සාක්ෂිකරුවාගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් කලයුතුයි. නැත්නම් එම සාක්ෂිය නීතියෙන් පිළිගන්නේ  නැ.

නමුත් මේ දරුස්මාන් වාර්තාවමයි එක්සත්ජාතීන්ගේ මානව අයිතීන් පිලිබඳ කොමසාරිස් සයිඩ් කුමාරයා ඔහුගේ වාර්තාවටත්  ඇතුලත්කලේ. මේ නීතියෙන් පිළිගත නොහැකි  වාර්තාව මයි  ඇමෙරිකාව ලංකාවට විරුද්ධ ජිනීවා යෝජනාව සකස්කිරීමට යොදාගත්තේ. 

ඒ යෝජනාවමයි  යහපාලනයේ විදේශීය කටයුතු පිලිබඳ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා  මානව හිමිකම් කෞන්සලයේදී ඇමෙරිකාවට මෙහෙමයෝජනාවක් ගෙනැ ඒම ගැන ලංකාව වෙනුවෙන් ඔහුගේ  ප්‍රෂන්ශාව කරුණාවෙන් පිළිගන්වමින් අපි මේ යෝජනාවට සම්පුර්ණයෙන් එකඟයි  ලන්කාවවෙනුවෙන් මමත් ලංකාවට විරුද්ධ මේ යෝජනාව ගෙන එනවා කියල ප්‍රකාශකලේ. මේ යෝජනාවට විරුද්ධව සිටි  චීනය හා රුසියාවත් පුදුමවෙලා යහපාලන ලංකාවෙන් ඈති උනා.

ඇමෙරිකාවට මේ යෝජනාව ගෙනෙන්න අවශ්‍ය උනේ  දරුස්මාන්වාර්තාවේ තියෙන ත්රුස්තවාදීන්ට විරුද්ධ යුද්ධයෙ අන්තිම භාගයේදී 40 000 ක් දෙමළ සිවිල් ජනතාව මැරුවායයි සඳහන් කරතිබීමයි. මේ තරම් විශාල දෙමළ ජනයා මළ බවට ඔප්පුකලහැකි වාර්තා නැත. ලංකා දෙමළ ගුරුවරුන්ගේ සංගමය  මරණ සංක්‍යාව  7472 වශයෙන්ද, එක්සත් ජාතීන්ගේ දේශීය කාන්ඩායම මරණ සංක්‍යාව  7721 වශයෙන්ද  ඇම්නස්ටි ඉන්ටනැෂනල් මරණ සංක්‍යාව 10000 වියහැකියි පවසද්දී දරුස්මාන්වාර්තාවේ මරණ සංක්‍යාව 40 000 ක් වන්නේ කොහොමද?

මෙම මරණ සංක්‍යාවෙ අවශ්‍යතාවයක් එක්සත් ජාතින්ටත්  ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලටත් දෙමළ දයස්පොරාවටත් තියෙනවා. මරණ සංක්‍යාව 25000 කට වැඩිනම්  එය මිනිස්ඝාතනයක් හැටියට සලකන්න පුළුවන්. මේක තමයි මොවුන් ගේ  ලංකාව දෙකඩකිරීමේ මර උගුලේ අවශ්‍යතම සාධකය.

දැන් මොවුන්  ශ්‍රී ලංකාව හෙමිහීට හෙමිහීට ගෙන යන්නේ යහපාලන හැත්ත අතකොලුවක්කරගෙන ලංකාව දෙකට බෙදන්නයි. ලගදිගෙනා අතුරුදහන් වූවන්ගේ  පනත ද  මේ කාර්ය ඉටුකරගැනීමේ තවත් පියවරකි.

මේ පනත පිළිබඳව මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්යක්
නීතිඥ කල්යානන්ද තිරාණගම මහතා මෙසේ පවසයි,

« මේ පනතෙ අඩංගු වගන්ති දෙස බලන විට මෙබඳු භයානක පනතක්අපේ රටේ ඉතිහාසයේ මීට පෙර සම්මත වෙලා නෑ. අතුරුදන් වූවන්ගේ කාර්යාලයට ලබා දී ඇති බලතල දෙස පමණක්බැලුවත් මෙයින් රටේ නීතියට හා ආරක්ෂාවට ඇතිකරන තර්ජනය වටහාගන්න පුළුවන්.

විදේශයක සිට සාක්ෂි දෙන පුද්ගලයකු මෙරටට නොගෙන්වා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ දර්ශන මගින් දෙන සාක්ෂි භාරගැනීමටත් මේ කාර්යාලයට බලතල තිබෙනවා. මුහුණ වසාගෙන වුවත් සාක්ෂි දෙන්න පුළුවන්. අපේ රටේ නීතිය අනුව වගඋත්තරකරුවකු හමුදාවේ හෝ පොලිසියේ නිලධාරියෙකුට දුන් කටඋත්තරයක්ඔහුට එරෙහි සාක්ෂියක්ලෙස ඉදිරිපත් කරන්න බෑ. නමුත් මේ කාර්යාලයට අවශ් නම් චූදිතයෙක්ඔවුන්ට දුන් කටඋත්තරයක්එම චූදිතයාට එරෙහිව සාක්ෂියක්ලෙස ඉදිරිපත් කිරීමේ බලතල ලබාදී තිබෙනවා. අපේ රටේ නීතිය අනුව ප්රවාද සාක්කි එනම් මට මේක අහවලා කිව්ව. ඔහුට කියල තියෙන්නෙ අහවලා ආදී වශයෙන් දෙන සාක්ෂි අපේ උසාවිය පිළිගන්නෙ නෑ. නමුත් මේ කාර්යාලයට බලතලත් දීල තියෙනව. ඇත්තවශයෙන්ම මේ කාර්යාලය පිහිටුවා තිබෙන්නේ නැති සාක්කි හදන්න. මේක සාක්කි නිෂ්පාදනාගාරයක්‌. 

එපමණකුත් නෙමෙයි, අතුරුදන්වුණා යෑයි පැමිණිලි කළ කෙනෙක්වෙනත් රටක සැඟවී සිට හෝ හමුවුණොත් දිගටම ඔහුට සැඟවී සිටීමට අවශ් නම් සඳහාත් පහසුකම් සපයන්න මේ කාර්යාලයට බලතල තිබෙනවා. මේ කාර්යාලය පිහිටෙව්වේ කාට දඬුවම් කරන්නද යන්න අනුව ඉතා පැහැදිලියි. »

තවත් දේ කිව යුතුව තිබෙන නමුත්  මෙම ලිපිය මීට වඩා දිග නොකරන්න  අවස්තාවක් ලැබුනොත් තවත් ලිපියක් ලියන බලාපොරොත්තුවෙන් මින් නවතිමි

No comments: