Monday 5 September 2016

රාජපක්ස ගෙන් පලිගන්න ගිහින් රට අගාදියට ඇද දමන සිරිසේන, රනිල්, චන්ද්‍රිකා කල්ලිය.


ගුත්තිල පඬිතුමා  මුසිල නම් බාලයෙකුට විනා වැයීම උගන්වා ඔහුට රජ මාලිගාවේ සන්ගීතගායන පදවිය  ලබා දුන්නාට  පසු කෙලෙහිගුණ නොදත් මූසිලයා මහලුවියට පත් ගුත්තිල පඬිතුමා පරදවා එතුමාගේ තැන ගන්න ගුත්තිල පඬිතුමාට සංගීත  තරඟයකට පැමිනෙනලෙස ආරාධනය කලා.  එදා මහලුවියේ සිටි ගුත්තිල පඬිතුමා සංගීත තරඟයකට කෙසේනම් මුහුනදෙන්නේදැයි නොදැන අසරණව සිටියේ. නමුත් එදා ඒ තරඟය පටන්ගැන්මේදී  මුසිලයා ඔහුගේ ජයග්‍රහණය ගැන සැකයක් නැතිව  මහා ආඩම්බරයෙන් විනාව වාදනයකලා. පින්වත් ගුත්තිල පඬිතුමා ගේ  අසරණභාවය දුටු ලෝක භාර දෙවිවරු එතුමාගේ සහයට පැමිණ මුසිලයට උන්හිටි තැනක් නැතිවනතරමට අන්ත පරාජයක් අත්කරදුන්නා.

අද අප ඉදිරියේ සිටින්නේත් එවැනිම කෙලෙහිගුණ නොදත් අමන මූසලයෙක්. මූටත් එදා මූසීලයාට ලැබුණ පරාජයටත් වඩා  අන්ත පරාජයක් උටත් උගේ හත්මුතුපරම්පරාවටත් අත්වනවා නියමයි. එහෙම කියනඑක නරකයි. නමුත් කරනදෙවල් බලබලා  නොකියා හිටින්න විධියකුත් නැ.

මේ කල්ලිය රටගැන හිතන්නේ නැ. සංහිදියාව කියා කියා දෙමළුන් ඉල්ලන හැම දේම දෙනවා. සිංහලයන්ට අද පුලුවන්කමක්නෑ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතාකරන්න, ජාතිවාදියෝ කියල හන්වඩු ගහනවා.

අද ලංකාවේ සමන්‍යය ජනතාවට ඔවුන්ගේ සන්ස්කෘතික සමාජයික හා ආගමික  අයිතීන් පවා නැතිවියනවා. උතුරේ හා නැගෙනහිර බෞද්ධ දාගැබ්  බූදුපිලිම අයිතිහාසික බෞද්ධ නෂ්ටාවශේෂ විනාස කරනවා. ලාංකික සිංහලයෝ මහා දෙමළ ප්‍රහාරයකට මුහුනදිසිටිනවා.

මැලේසියාවේදී එහි ජීවත්වෙන දෙමළුන්  අපේ හිටපු ජනාධිපති තුමාට විරුද්ධ පෙළපාලි පවත්වා ඔහුගේ  රුකඩයකට සපත්තුවලින්  ගසමින් අවමන්කර පුච්චා දැමුවා   මැලේසියාවේ පන්සලක බෞද්ධ භික්ෂුන් වහන්සේකෙනෙකුට අතවරකලා. ඉන්දියාවේ සිටින ලාංකික දෙමළුන්  සිය ගණනනින් ලංකාවට එනවා. නමුත් උතුරෙන් හා නැගෙනහිරින් ත්‍රෂ්තවාදීන් විසින්  පලවා හරින ලද සිංහලයන්ට ආපුසු ගිහින් පදින්චි වන්න දෙමළුන් ඉඩදෙන්නේ නැ. කරුනුමෙසේවෙතත් යහපාලන කල්ලිය  මේ කිසිවක් ගණන්ගන්නේ නැතිව  සංහිදියාව වෙනුවෙන් කියා කියා දෙමලුන්ට තව තවත් වරප්‍රසාද දෙනවා. 

මොකක්ද මේ සංහිඳියාව ? දෙමලුයි මුසලිම් කාරයොයි  හිතා ගෙන ඉන්නේ සංහිඳියාව වෙනුවෙන් හැමදෙයක්ම කලයුත්තේ  සින්හලුන් පමනක් කියලද ? ඒ සඳහා ඔවුන් විසින් කලයුතු දෙයක් නැද්ද ? ටමිල් නාඩුවේ දෙමලුයි  මැලීසියාවේ දෙමලුයි අපේ  භික්ෂුන් වහන්සේලාට ගහනකොට ලංකාවේ එක දෙමළෙක් විරොධ්යක් පලකලාද ? අපේ හිටපු ජනාධිපතිතුමාට විරෝධය දක්වා එතුමාට අගෞරව කලාට ලංකාවේ එක දෙමළෙක් විරෝධය පළකලාද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට උතුරෙන් හා  නැගෙනහිරෙන්  දෙමලු 2000ක්  ගේන්ට දෙමලසන්ධානය පොරොන්දුවෙලා කුරුණෑගල රණවිරු ස්මාරකය අහක්කරන්නයි කිවාම සීරිසෙන කටවහගෙන ස්මාරකය අයින්කරලා මිනිසුන්ට කීවා පාර ලොකුකරන්නයි  ස්මාරකය අයින්කලේ කියලා.

ඒ සංවත්සර උත්සවයෙදී  ජනාධිපති සිරිසේන මහා හයියෙන් කතාකරලා කිවා අපි නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයෝ අපි ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ආණ්ඩුවක් වහාම පිහිටුවනවා කියලා. ඒ කියන කතාව බොරුවක් නේ  බණ්ඩාරනායක මහත්මයා යුඇන්පියෙන් වෙන්වෙලා ගිහින් වෙනමපක්ෂයක් පිහිටෙව්වේ  ආයෙත් සැරයක්  යුඇන්පියට මුක්කුගහන්න නොවේ.  එතුමා පිහිටෙව්වේ ලංකාවේ එදා තිබුණු වාමාන්ෂික පක්ෂත් සමග කටයුතු කරන්න පුළුවන් සමාජවාදී පක්ෂයක්. ඉතින් කොහොමද මේ උන්නැහේලා කියන්නේ උන්නැහෙලයි  නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයෝ කියල.

අනිත් එක සිරිසේන ජනාධිපති  ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ආණ්ඩුවක් හදනවා කිව්වට කොහොමද එහෙමදෙයක් කරන්නේ. යුඇන්පී එකත් එක්ක මෑතකදී කොන්ත්රාත්තුවක් අත්සන්කලා  යහපාලන සමගි ආණ්ඩුවක් 2020 වෙනකම් පවත්වාගේනයනවා කියලා. ඒක  මිනිස්සුන්ට අමතකවෙලා නැ. සිරිසෙන ජනාධිපති  ආයිත්සැරයක්  හදන්නේ  මිනිස්සු ගොන්නුන්ට අන්දවන්න.

සිරිසේන ජනාධිපති  තවත් දෙයක් මහා ආඩම්බරයකින් හඞනගලා කීවා. මට හුඟ දෙනෙක් ගහනවා
මම දුප්පත් පවූලකින් බිහිඋන නායකයෙක් මගේ පියා සොල්දාදුවෙක් රණවිරුවෙක් කියල. පියා සොල්ද්ක්දුවෙක් වෙන්න  පුළුවන් නමුත් රණවිරුවෙකුවෙන්න බැ. රණවිරුවෝ අපේ
 ජාතියවෙනුවෙන් අපේ රටවෙනුවෙන් ත්‍රශ්තවාදය පරද්දපු  සොල්දාදුවෝයි.  දෙවන ලෝක යුද්දයට ගිය සොල්දාදුවොයි  අපේ රණවිරුවනුයි අතර වෙනසක් තියෙනවා. 

සිරිසේන ජනාධිපති තවත් කීවා, මම මහපොලොවෙන් තනකොලයෙන් ආපු මිනිහෙක්  කියල. නමුත් මහපොලොවෙන් තනකොලයෙන් ආපු හුඟක් මිනිස්සු හොඳ නරක දන්නා, කෙලිහිගුන දන්නා, අතීතය අමතක නොකරන ,වෛර ක්‍රෝධ හිතේ ධාරනයකරගන්නේ නැති බෞද්ධයෝ.  ඒ ගණයට නම් සිරිසේන ජනාධිපති දාගන්න අමාරුයි.

ඒ දුගී මිනිහෙකුගේ පැවැත්ම තිබුනානම් සිරිසේන මැතිතුමාට හොඳ අවස්ථාවක් තිබුනා  එදා රාජපක්ස මැතිතුමා සිරිසේන ජනාධිපති තුමා මුණගැහෙන්න ඇවිත්  ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සභාපතිකම භාරදුන්නවෙලාවේ පසුගියාව අමතකකරලා සුහදව පිළිගෙන අපි යන ගමන පුළුවන්තරම් එකට යමු කියල අලුත් මිතුරු දහමකට මුලපිරුවානම්.  ඊට පස්සේ  රනිල් චන්ද්‍රිකාටත්  කියල රාජපක්ස හොරු කියන විලිලජ්ජා කතාව නතරකරල රටටත් ජාතියටත් ප්‍රයෝජනවත් නියම  යහපාලන පිළිවෙතක් ගෙනයන්න තිබුණා. නමුත් මේ රාජපක්ෂ වෛරය නිසා අද රට සම්පුර්ණයෙන්ම අගාදියට ගිහිල්ලයි තියෙන්නේ.

මේ අගාදියට යන ගමන නවත්තන්න ජේවීපී එකටවත් බැ. හොරු හොරු කියල රාජපක්ෂලා පන්නන්න හැදුවට නියම හොරු ඉන්නේ යහපාලනය ඇතුලේමයි. රනිල් එක්ක ඉන්න යාලුවෝ ගන්න. පස්කරලිංගම්, අර්ජුන් මහෙන්ද්‍රන්. මහෙන්ද්‍රන් රුපියල් බිලියන දෙකක හොරකම් කරල තියෙන එක වහන්න හදන්නේ රනිල් අග්‍රාමාත්‍යවරයා නේද ? මහෙන්ද්‍රන්  බැංකුවෙන් අස්කලාට එයාට අග්‍රමාත්‍යවරයාගේ උපදේසක තනතුරක් දිලතියෙනවා. මොකක්ද මේ රනිල් අග්‍රාමාත්‍යවරයාගේ සිංගප්පුරුවට තියෙන විශේෂ ඇල්ම ? එයා  නිතරම යන්නේ සිංගප්පුරුවට. මේක ටිකක් හොයලබලන්න වටින්නේ  නැද්ද ?

විශේෂයෙන්ම යෝශිත, නාමල්, බැසිල් වගේ අය අර්ජුන් මහෙන්ද්‍රන් වගේ හොර කමක්ද කරලතියෙන්නෙ ?  රාජපක්ශලා  අල්ලාගෙන කරන්නේ  මහා  විහුලුවක් නේද ,හෙනගහන තරම් අපරාදයක් නොවෙයිද ?  එෆ්සීඅයිඩි එක රනිල් ගේ බටලන්දේ පුරුද්දට හදපු ඔහුගේ පුද්ගලික පොලිසීයක් නොවෙයිද ? 

ඔය සිරිසේන ජනාධිපති එක්ක ඉන්න රජිත, ඇස්බි, කිරිඇල්ල සුදුපාට කොක්කුද ? අද පත්තරේ දැක්කා යහපාලන ඇමතියෙක් එයාගේ උපන්දින උත්සවයට රුපියල්  මිලියන 8ක් වියදම්කලා  කියල. කතාවනම් දෝලාවෙන් ගමනපයින්.

කොලඹ යුඇන්පී  මන්ත්‍රී මරික්කර් කට අරින්නේ මහින්ද රාජපක්ස මැතිතුමාටයි සන්ධානයේ මැතිවරුන්ටයි නින්දාසහගත ලෙස කතාකරන්නයිම් මුන් එක්ක සිංහලයොත් ඉන්නවා කියන ඒවා අනුමතකරන්න. මුන්ට සිංහලයෝ චන්දය දෙන්නත් හොඳනැ.  පුංචි උදව් බලාගෙන මුන්ට ආවඩන එක  සිංහලකමට වටින්නේ නැ. අසාද් ආලි කියන මිනිහත් මරික්කාර් වගේමයි.

උතුර දැනටමත් දෙමළුන්ට දීලා සංහිඳීයාව වෙනුවෙන්. විග්නේශ්වරන් කතාකරන්නේ තමිල්නාඩුවේ ජයලලිතා , වෛකො වාගේ. අතුරුදහන්වුවන් පිලිබඳ කාර්යාලයක්  හිටවන්නට  ගත් තින්දුවට විරුද්ධවන්නට තරම් ධෛර්යයක් සිරිසෙන ජනාපතිට තිබුනේ නැ. ඒක මංගල සමරවීරටයි රනිල්ටයි ඔනවිධියට කෙරුණා.  එක්ටා ගිවිසුමටයි  තමිල්නාදුවයි  ලංකාවයි අතර පාලමත් රනිල්ට ඕනෑවිධියටම සිදුවෙයි. උනාට පස්සේ තමයි මෛත්‍රිපාල සිරිසේන අවදිවන්නේ. ලංකාවට ආදරයක් තියෙනවානම් සිරිසේන ජනාධිපති මත්තයෝ  අලුතෙන් ලියන්න යන ලංකාවේ ව්‍යවස්තාව ලියන්න ඉඩ දෙන්න එපා. 1978 ව්‍යවස්ථාවම සන්ෂෝධන වලින් වෙනස්කරමින් පවත්වාගෙන යා හැකයි. ඒකවත්කලොත්  ලංකාව දෙකඩවීම වත් නතරකරගන්න  පුලුවන්වේවී.


නැත්නම් ලංකාව විනාශයටපත්වුයේ  මහපොලොවෙන් තනකොලෙන්  ආ මිනිහෙකු රටෙනායකත්වයට ආ නිසායයි පවසන්නට ඉඩතිබේ.  සිරිසේන රනිල් චන්ද්‍රිකා කල්ලියට යහපාලනයෙන් ටිකක් හෝ යහපතක් කලහැක්කේ කරපින්නාගෙන සිටින  පලිගැනීමයි, ක්‍රෝධයයි, වයිරයයි, ඊර්ෂියාවයි අත්හැරියොත්  විතරයි. නැත්නම් මුන් ඔක්කම විනාශයට පත්වීමෙන් වලකාගත නොහැකියි.   

No comments: