Tuesday 30 January 2018

ජනතා විමුක්ති පෙරමුණට චන්දය නොදිය යුත්තේ ඇයි ?

ජනතා වීමුක්ති පෙරමුණේ දේශපාලන උපාය මාර්ගය මාක්ස් වාදී න්‍යාමයන් අනුවත් කාලෝචිත නොවේ. ඔවුන්ගේ උපාය  එක්සත් ජතික පක්ශයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහින්ද  රාජපක්ෂ ජනාධිපති තුමා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනත් රට විනාශය කරාගෙන ගිය, ගෙන යන,  මහා පරිමාන හොරු ඔවුන් රටට කරපු දේකුත් නැ ඉදිරියෙ දී කරන දේකුත් නැ කියන ප්‍රචාරයක් මිනිසුන් අතර පැතිරවීමයි.  

ජනතා  විමුක්ති පෙරමුණ කියනවා ඔවුන් විතරයි  හොරකම් කරලානැති රජයේ මුදල් වංචාකර නැති පිරිසිඳු දේශපාලන පක්ෂය කියලා. ඒ නිසා ගම හදන්න  පළාත් පාලන චන්දයේදී ජනතා  විමුක්ති පෙරමුණට චන්දය දෙන්නයයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  නමුත් ඔවුන් නිවැරදි කියලා හිතනවා මිස  දිග දුර බැලීමක් නෑ. ජනාතව දන්නවා දේශපාලකයෝ හොඳ පිරිසිඳු දේශපාලන චරිත වී සිටින්නේ හොරකමට  වංචාවට දුෂණයට ඉඩ ප්‍රස්තා නැතිවීම නිසයි කියල.

එක්සත් ජාතික පක්ෂය ගත්තොත් අවුරුදු 20 කටත් වැඩිය පාලන බලය නැතිව සිටි කාලයේ හැමෝම  කීවේ  එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ  මැතිතුමා බටලන්දෙන් ගෑවුණු ලේ පැල්ලම් ටිකක් ඇරුණු කොට  වෙන හොර මැර  වංචා දුෂණ යන්ගෙන් කිලිටි නොවුන හොඳ පිරිසිඳු දේශපාලකයෙක් කියලා.

නමුත්  2015 ජනවාරි මාසේ  ලංකාවේ අගමැති පදවිය ලබාගෙන ලැබුනු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජනය ගැනීමට  කටයුතු කරලා  ඒ අවුරුද්දෙම පෙබරවාරි 27 වනදා මහා බැන්කුවෙන් බිලියන ගණනාවක් හොරකම්කරන්ට  ඍජුව හෝ වක්‍රව ස්මබන්ධ උනා. කිරිඇල්ලේ කිසිම පැකිලීමක් නැතිව කියනවා  ඔහුට උදව් කල 45 දෙනෙකුට ඔහුගේ අමාත්‍යාන්සේ  එකෙකුට මාසෙකට රුපියල් 85නස්  දාහක පඩියකට රස්සාවල් දුන්න කියල.

ඉතින් මිනිස්සුන්ට අහන්ට පුළුවන් නේද මේ ජනතා වීමුක්ති පෙරමුණේ උන්නැහෙලත් අවස්තාවක් ලැබුනොත් මොනවා කරයිද කියලා ? ඒ හින්දා ජනතා වීමුක්ති පෙරමුණේ පවතින පිරිසිඳු නොකිලිටි  බව හුවා පෑමෙන් දේශපාලන වාසියක් ලබාගන්නට පුළුවන්කමක් නැ.

ජනතා  විමුක්ති පෙරමුණට පළාත් පාලනය දිය යුතුද නැද්ද හොයා බැලීමට  වෙනත් මිනුම් දඬු  තියෙනවා. ශ්‍රී ලංකාව මාක්ස්වාදී විප්ලවයකට සුදුසු වාතාවරණයක් තියෙන රටක් නොවේ. ඒ බව ජනතා  විමුක්ති පෙරමුනේ දේශපාලකයන්ට වඩා දක්ෂ නිහතමානි ලංකාවේ සිටී  මාක්ස්වාදී ප්‍රභුවරුන් දැනසිටියා.  ඔවුන් ජනතා  විමුක්ති පෙරමුණ මුල්  අවස්ථාවේ කල විනාශකාරී මෝඩ සංහාරයන් කලේ නැ.

ඔවුන් කථාකල සිත් ඇදගන්නා කථා පිළිවෙලත්  ජනතා  විමුක්ති පෙරමුනේ කලහකාරී ද්වේෂසගත වාග් ප්‍රහාරයන්ට  වෙනස්. බලන්න ජනතා  විමුක්ති පෙරමුනේ කථිකයො ලාල් කාන්ත, අනුර කුමාර  දිසානායක, විජිත හේරත්, විමල් දිසානායක, මේ හැමදෙනාම කතාකරන්නේ යක්ෂයෝ වගේ තරහෙන් වයිරයෙන්, මහින්ද  රාජපක්ස ජනාධිපතිතුමා ගැන කතාකරනකොටවත් කිසිම ගෞරවයක් හැදියාවක් නැතිව කථා කරන්නේ.  කෙනෙකුට හොරා කියන්න බැ නීතියෙන් හොරකම් කලායය් තීන්දුවක් නැතිව. කියන දේ මිනිස්සුන්ට අහගෙන ඉන්ට කැමති පිළිවෙලට සිනහ මුහුණින්  යහපත්ව කතාකරන්න අනුර කුමාර  දිසානායක ආදී ජනතා  විමුක්ති පෙරමුනේ නායකයින්ට බැ.

රටක දේශපාලන බලය ගැනීම හිතන තරම් පහසු නැ.  එ නිසයි මාක්ස්වාදින් අතර සමහරෙක් කීවේ එකපාරට විප්ලවයක් කරන්නට බැරි නම් හෙමිහීට කල් අරගෙන,  රටේ ජන්ප්‍රිය සමාජවාදයට නැඹුරු දේශපාලන පක්ෂයක් වේනම් එ පක්ෂයෙ එල්ලිලා ඒ පක්ෂය ඉඳන් තමන්ගේ මාක්ස්වාදී දේශපාලන අදහස් මිනිසුන් අතර ගෙනයමින් ක්‍රමවත්ව මාක්ස්වාදී දේශපාලන ක්‍රමයක් ඇතිකිරීම සඳහා  ක්‍රියාකරන්න.

නමුත් ජනතා  විමුක්ති පෙරමුණ වැටවල් කඩාගෙන බිඳගෙන දේශපාලනය උදුරාගන්න කරන  අසොභන  ව්‍යායාමය ජනතාව පිළිගන්නේ නැ,  එයින්  ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නැ.

කථා කරන්න ඕනෑ තමන් බලයට පැමිණියොත් මොනවාද කරන්නෙ. කරලා තියෙනවැරදී මොනවද ඒ වැරදි නිවැරදි කරන්නේ කොහොමද කියල.  එ පිළිබඳවයි  ජනතාව දැනගන්න කැමතී.  අරය හොරා, මෙය හොරා කියා කියා තමන්ගේ නොකිලිටී  සුද්ධභාවය  ප්‍රකාශ කරන්න ගන්න ව්‍යයාමය උපන් තැනම මැරී යන ක්‍රියාදාමයක්. 

මෙයින් පෙනේනේ ජනතා  විමුක්ති පෙරමුනේ දේශපාලන බංකලොත් භාවයයි. මෙවැනි හේතුන් නිසා ජනතාව හිතන්නේ  ජනතා  විමුක්ති පෙරමුනේ සිටින්නේ තරහෙන් මොරදෙන දේශපාලන ගැටයෝ මිසක, වගකිවයුතු නිරහංකාර  පළපුරුදු හොඳ දේශපාලන හැකියාවක් ඇති දේශපාලකයන් කොටසක් නොවන බව.  

එහෙව් ජනතා  විමුක්ති පෙරමුනට දෙන චන්දයෙන් රටට සේවයක් නොවනන්නේය. අද දේශපාලන වෙදිකාවෙ පේන මාන්නයක මේ රට කඩා වැටී  විනාශවී යෑමෙන් බේරාගැනීමට පුළුවන් එකම දේශපාලන නායකයෙක්  නැත.  නමුත් ඒ අයෝමය ක්‍රියාවලිය  කල හැකි,  රට වැනසු ත්‍රස්තවාදය මුලිනුපුටා  රට දියුණු කල, එකම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් බව ජනතාව පිළිගෙන හමාරය. ඔහුට කොපමණ හොරා  යයි හංවඩු ගහන්න තැත් කලත් ජනතාව ඔහු ඔවුන්ගේ  ආදර නායකයා බවට පිළිගෙන ඇත. .

ජනතා  විමුක්ති පෙරමුන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලන වශයෙන් සංවිධානය කිරීමද පිළිගත නොහැක. මේ ජනතා  විමුක්ති පෙරමුන විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලන වශයෙන් සංවිධානය කිරීමෙන් ඔවුන්ගේ අද්යාපනයට මහත් හානියක් සිදුවෙනවා මෙන්ම එයින් ඔවුන්ගේ අනාගතයටද භාදක ඇතිවෙයි. යුරෝපයේ රටවල්වල විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් දේශපලන පක්ෂ මගින් සංවිධාන කිරීමක් නොමැත.

ප්‍රන්සයෙ  ප්‍රසිද්ධ ශිෂ්‍ය නායකයකු වූ කොහෙන් බෙන්ඩිට් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධවුවෙක් නොවේ. ඒ රටවල විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් තමන්ගේම ශිෂ්‍ය සංගම් පිහිටුවාගනීයි. ලංකාවේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් ජනතා  විමුක්ති පෙරමුන විසින් සංවිධානය කිරීම පිළිගත නොහැක. ඒ   ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය විනාශ කිරීමකි.

විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් මුලාකර ඔවුන්ගේ අනාගතය ගැන නොසිතා ඔවුන් ජනතා  විමුක්ති පෙරමුනේ දේශපාලන අවශ්‍යතාවයන්  සඳහා යොදාගැනීමට විරුධව මෙවර පලාත්පාලන චන්දයෙදී ජනතා  විමුක්ති පෙරමුනට ඔබේ චන්දය නොදීය යුතුය.

අද පළාත් පාලන චන්දය සඳහා ඉදිරිපත්වී සිටින මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සියලුම දේශපාලන පක්ෂ නායකයන් කියන එකම දේ  හොරුන් ඇල්ලීමයි ඒ සඳහා ඉලක්කය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා හා ඔහුගේ හිතවතුන්,  හා බැඳුම්කර හොරකමයි. බැඳුම්කර හොරකම සම්බන්ධයෙන් උවත්  දැන් ගෙනයන උත්සහය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඒ වංචාවට කොහොමහරි පටලවා ගැනීමයි..

එක්සත් ජාතික පක්ෂයෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හා ජනතා වීමුක්ති පෙරමුණේත්  චන්ද ව්‍යාපාරයේ එකම තේමාව හොරුන් ඇල්ලීමයි. මේ තේමාව මේ සියලු බංකලොත් දේශපාලන පක්ෂවලට අවශ්‍ය නමුත් මේ බොරු ප්‍රචාර ජනතාවගේ  පිළිකුලට හේතුවී තිබේ. 

ඇත්තවශයෙන්ම මොවුන් කතා කලයුත්තේ  ඔවුන්ගේ දේශපාලන දර්ශනය, ගම සංවර්ධනය කිරීමට ඔවුන් ගන්න වැඩපිළිවෙල  කුමක්ද ආදී දේවල්. නමුත්  ඒ වෙනුවට  අනිත් දේශපාලනවල හොරකම් දුශිතකම් පිළබඳව චෝදනා එල්ලකරන එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, ජනතා වීමුක්ති පෙරමුනටවත් පළාත් පාලන චන්දයේදී චන්දය නොදිය යුතුය.

මාර්ක්ස්වදියෝයි කියාගන්න ජනතා වීමුක්ති පෙරමුන සමජවාදියට බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවීම සඳහා බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත්  හා ජාතිවාදී දෙමළ ජාතික සන්දානයත් සමග එක්වීමෙන්ම ජනතා වීමුක්ති පෙරමුනේ වන්චනික නිරුවත ජනතාවට දැකගැනීමට හැකිවිය.


ජනතා වීමුක්ති පෙරමුන බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමග එක්වීමෙන්  ඔවුන් කරන දේශනාපලන ප්‍රෝඩාව නිසා පෙනීයන්නේ ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසී සඳහා මාක්ස්වාදය පාවාදෙන බවයි. එබැවින් මේ මර්ක්ස්වාදීන් යයි කියාගන්න එක්සත් ජාතික පස්සයත් සමග සම්බන්ධකම් පවත්වන ජනතාව මුලාකරන ජනතා වීමුක්ති පෙරමුනට ඔබගේ චන්දය නොදිය යුතුය.

No comments: