Saturday 27 January 2018

මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එස් ඩබ්ලියු ආර් ඩී බණඩාරනායක පිහිටෙවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් වෙනස.



බණඩාරනායක මැතිතුමාගේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

බණඩාරනායක මැතිතුමා  එක්සත් ජාතික පක්ෂයෙන්වෙන්වී  දේශපාලනය වශයෙන් ඊට සම්පුර්ණයෙන්ම වෙනස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා.

 බණඩාරනායක මැතිතුමා  එක්සත් ජාතික පක්ෂයෙන්වෙන්වී  සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටුවා මහජන එක්සත් පෙරමුණ, ලංකා  සමසමාජ  පක්ෂය, කොමුනිස්ට් පක්ෂය සමග එක්වී සාමුහික සමාජවාදී පාලනක්‍රමයක් සකස්කළා .

2015 ජනවාරි 8වන දා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පරදවා සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරය ලබුවාටපසුව 16 වනදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ධුරය සිරිසේන මැතිතුමාට භාරදුන්නා.

බණඩාරනායක මැතිතුමා  බටහිරට ආවඩපු පුද්ගලයෙක් නොවේ.   බණඩාරනායක මැතිතුමා  දැනසිටියා  බටහිර දේශපාලකයෝ  උන් නිදහස දුන් රටවල දියුණුවට භාදකරන ඒ රටවල් ඔවුන්ගේම වාසියට යොදාගන්න පිරිසක්බව. උන් සමග ජීවත් වී උන් සමග ආශ්‍රයෙන් උන් ගැන හොඳ වැටහීමක් තිබුණා කෙනෙක් නිසා  බටහිර ධනවාදී රටවල්වලට වඩා  නැගී එන වාමංශික රජයවල් කෙරෙහි විශ්වාසය තැබුවා.

බණඩාරනායක මැතිතුමා  පිහිටෙවු සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්වය ලබාගතහැක්කේ එතුමා ගේ හිතුවිලි හඳුනාගෙන මේ රට බටහිර සන්ස්කෘතියට වහල්නොවූ  ඉවත්වී සිංහල බෞද්ධ දේශීය සංස්කෘතියක් ගොඩනැංවීමට කැපවූ රටේ සියලු ජනතාවන් එක්රැස්කර ගත හැකි දේශපාලකයෙක් විසින්ය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකක් තිබේ.  එකක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනික ශ්‍රී ලංකා පොදුජනපෙරමුන සමග පෙළගැසී සිටින සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනය ගැබ්වී තිබෙන්නේ මේ දෙකෙන් එකකයි.

බණඩාරනායක මැතිතුමා  පිහිටෙවු එතුමාගේ දේශපාලන චින්තනය  ගැබ්වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පිළිගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සමග පෙළගැසී සිටින සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය.

බණඩාරනායක මැතිතුමා ගේ දේශපාලන චින්තනය  සමාජවාදී දේශපාලන චින්තනයක්  එබැවින්  එතුමා මහජන එක්සත් පෙරමුණ, ලංකා  සමසමාජ  පක්ෂය, කොමුනිස්ට් පක්ෂය  සමග පෙළගැසුනා.

බණඩාරනායක මැතිතුමා ගේ දේශපාලන චින්තනය උරුමකරගෙන ගෞරවාන්විතව ආරක්ෂකරගෙන ඒ අනුව ගිය මහින්ද  රාජපක්ෂ ජනාධිපති තුමා එතුමාගේ පාලන කාලයේදී රටට  සාමය ගෙනැවිත් සියලු ජාතීන් එකුති කිරීම සඳහා උතුර නැගෙන හිර දකුණ මෙන්ම දියුණුකර ඔහුගේ ජනාධිපත් නිවස කර ගත අරලියගහමන්දිරය අපේ බුදුපියන්නන්වහන්සේ දෙශනාකර වදාළ නිර්මලධර්මය පතුරුවාහරින ජේතවනාරාමයක්බවට පත්කලා.

බණඩාරනායක මැතිතුමා  කාලයක් ජීවත් උනානම් ඔහුටත් හොරෙක්යයි හන්වඩු ගහන අධමයන් සිටිනවාට අනුමානයක් නැත. දේශපාලනයේ පටන්ගැනීමේ සිට දේශපාලකයන්ට හොරුන්, දුශිකයන්,වංචනිකයන් යයි වැරදිව හෝ නිවැරදිව ප්‍රච්රුනා.  මේක අලුත් දෙයක් නොවෙයි  වැරදි අල්ලනවා කියන  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත්  ඔස්ට්‍රලියානු කොම් පැනියකින් අල්ලස් ගැනීමක් සම්භන්දව කතාවක් තියෙනවා> ඔය කවුරු කෙසේකීවත්  මහින්ද  රාජපක්ෂ ජනාධිපති තුමා හොරෙක් හෝ වංචනිකයෙක් නොවෙයි.

ඒ නිසා  ඔය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කරන්ට යනවා කියන හොරු දඩයම නතරකර රටහදන්ට දැන්වත් පටන්ගන්නවා නම් හොඳයි නේද ? 
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී ඊටහාත්පසින්ම වෙනස් බණඩාරනායක මැතිතුමා  අත්හැරදැමූ එක්සත් ජාතික පක්ෂයට රින්ගා ගත්තා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඒ සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව දක්ෂිණාංශික ධනවාදී එක්සත් ජාතික පක්ෂය හා ඊට සම්බන්ධ පක්ෂ සමග එක්වී මහජන එක්සත් පෙරමුණ, ලංකා  සමසමාජ  පක්ෂය, කොමුනිස්ට් පක්ෂය ආදී වාමාන්ශික පක්ෂවලට විරුද්ධ දක්ශිනාන්තික පාලනක්‍රමයක්  ගෙනයමින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයයි කියාගන්නවා.

මේ ව්‍යජ නායකයත්වය  බණඩාරනායක මැතිතුමා ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් පාක්ෂකයින්ට පිළිගන්ට පුලුවන්ද ? බැ මේ කරන්නේ ජනතාව මෝඩයන්ට ඇන්දවීමක් .

ජනවාරි 16 වනදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ධුරය සිරිසේන මැතිතුමාට භාරදුන්නට සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර ගොස්  ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමග පෙළගැසුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට  බණඩාරනායක මැතිතුමා පිහිටෙවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ධුරය ලබාගැනීමට කිසිසේත්ම පුළුවන්කමක්  නැ.

ලංකාවේ ගමක ඉපිද  ලන්කාවෙම හැදුන වැදඩුන ඉංග්‍රීසි අද්යාපනයක්ද  නොලත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   බටහිර ජාතීන් ගැන කිසිවක් නොදන්නා  පුද්ගලයෙක් නිසා ජනාධිපති ධුරයෙන් ලබාගත්  පිළිගැනීමක් නිසා සුද්දන් හමුවී මහරැජින හමුවී අතට අත දීමෙන් මහා ගෞරවයක් ලබාගත් කෙනෙක්යයි හිතන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  දැන් බටහිරට ආවඩනකෙනක්වෙලා.එහෙම කෙනෙක් කොහොමද සමාජවාදී  දේශපාලනයක් පිහිටෙවු
බණඩාරනායක මැතිතුමාට  සමාන වන්නේ
හෝ එතුමා පිහිටෙවු සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ  නායකයායි කියාගන්නේ ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ධනවාදී එක්සත් ජාතික පක්ෂයට එක්ව බටහිරින් කරන  බලපෑම් මත ව්‍යාජ සංහිදියාවක් සඳහා දෙමලජනතාව නොමග යවන දෙමළ දේශපාලකයන්සමග එක්වී ජාතික ගීයත් පාවාදී එක්සත්පක්ෂයට ඔනවිධියේ බෞද්ධ ආගමට විශේෂ තැනක් නොදී  සිංහල බෞද්ධ සංකෘතිය විකුර්තිකරන එක්සත් ජාතික පක්ෂයත් එක්ක යහපාලනයක් ගෙනයන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නමේ නායකත්වය මිස බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනය ගැබ්වූ දේශපාලනපක්ෂයෙ නායකත්වය නොවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස් නමක් පමණයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ එක්වසිටින්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්ෂිණාංශික ධනවාදී එක්සත් ජාතික පක්ෂය හා ඊට සම්බන්ධ පක්ෂ සමග එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණඩාරනායක මැතිතුමා ගේ දේශපාලන චින්තනය ට හාත්පසින්ම වෙනස් පක්ෂයකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට  බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනය සහිත සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ උරුමක්කාරයකු වන්නට ඕනෑනම්  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් අස්කර තාමත්  බණඩාරනායක මැතිතුමාගේ දේශපාලන චින්තනයෙ ගෞරවය ආරක්ෂාකරගෙන සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිධුරය යුතුවන්නේ නොවේද ?

එතෙක් මේ ගම්සභා චන්දයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට ත් අපේ රට විනාශය කරා ගෙන යන රනිල් වික්රමසින්ඝ මහතාට හා ඔහුගේ එක්සත් ජාතික පක්ශයටත් රට හදන්ට නොව රට කඩන්ට එක්සත් ජාතික පක්ශයට පිටිපස්සේ සිට උපකාරකරන ජනතා වීමුක්ති පෙරමුණටත් පාඩමක් උගන්වන්නට සිංහල බෞද්ධයෝ නොකැඩී එකාමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගත්  ශ්‍රී ලංකා පොදුජ්ක්න්ක වෙර්ක;උනේ පොහුට්ටුව ලකුණට චන්දය දෙන්න.








No comments: