Sunday 28 January 2018

එක්සත් ජාතික පක්ෂයට චන්දය නොදිය යුත්තේ ඇයි ?

එක්සත් ජාතික පක්ෂයෙ රට නොමග යවන බටහිරට ගැති ධනවාදී  දෙශපාලන ක්‍රමය වෙනස්කල යුතුය. ලංකාව ධනවාදී දේශපාලන ක්‍රමයකට යෝග්‍ය රටක්  නොවේ.

ඒ නිසයි ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් එදා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකින් වෙන්වී සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන වාමාංශික පක්ෂත් සමග එක්වී ආණ්ඩුවක් පිහිටුවාගත්තේ.

ධනවාදී දේශපාලන දර්ෂණය බටහිර ආකෘතියක්. ධනය නිපදවන්නේ ධනය තියන අයනිසාත්  ඒ ධනය නිපදවීම නිසා දුප්පත් ජනතාව ඔවුන්ගේ ශ්‍රමය ධනපති පැලැන්තියට විකුණලා ඔවුන්දෙන සොච්චමකින් ජීවත්වීය යුතුයයි  පිළිගැනීමයි ධනවාදී දර්ශනය. 

ධනය නිපදවීම සැලසුම්කරණ ධනවතාත් ඒ සඳහා ශ්‍රමය යොදවන කාර්මිකයාත් අතර ධනය සමසේ බෙදාහැරියයුතුය යන මතය ගෙන ආවේ මාර්කස් නමැති දාර්ශිනිකයාය. 

ඒ දර්ශනය අනුව අනෙකුත් සමාජවාදී දේශපාලන දර්ෂණ ඇති ඌවා යැයි කෙටියෙන් කිව හැකිය. එක්සත් ජාතික පක්ෂයේ බටහිර ධනවාදී දේශපාලන දර්ෂණය සතුන් අතර තිබෙන තිරිසන් සතුන්ගේ ජීවන ක්‍රමයට  හා සමානය. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දර්ශනයද  බලවතාගේ නීතියට යටත්ව සාමාන්‍ය මිනිහාගේ ජීවිත සකස්කරගැනීමේ තිරිසන් දේශපාලන දර්ශනයක් බව දැන් ඔබට තෙරුම්යනවාද ? 

අපේ භාග්‍යවත්වූ බුදුපියානන්වහන්සේගේ බෞද්ධ දර්ශනයේ තේමාවත් සමජවාදීයි. ජෙසුස්වහන්සේගේ  ක්‍රිස්තියානි දර්ශනයත් සමාජවාදීයි. එක්සත් ජාතික පක්ශයේත්, ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් ගේ සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්  දේශපාලනයම වෙනස එයයි .

ඒ නිසාමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති, එතුමා වටේ බලලෝභයෙන් සමාජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ඇවිත් රැස්වසිටින  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නරුමයින් 45 දෙනෙකු ත් එක්ව ධනවාදී එක්සත් ජාතිකපක්ෂයට එක්වී කරන යහපාලන නාඩගම ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් පාවා දීමක් හා එතුමාට කරන අවමානයක් වන්නේ. බටහිරෙයි නැගෙනහිරෙයි එක්වීමක් නැතිවාසේම සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, බටහිරට ගැති  ධනවාදී  එක්සත් ජාතික පක්ෂයේත් එක්වීමක් නැත්තේය. එක්වීමක් වියද නොහැක්කේය.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොපමණ ගිරිය පුප්පාගෙන බෙරිහන් දුන්නත් ඔහුට තමා සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ  නායකයායි කියා ගත නොහැක්කේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බටහිරට හිස නමන ධනවාදීන් පිටුපස යන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හා සාමන්‍ය ජනතාව ධනවාදයට පාවාදුන් කෙනෙකි. එබැවින් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ  අත ලකුණට හෝ බුලත් කොලයට දෙන හැම චන්දයක්ම බටහිරට හිස නමන ධනවාදී එක්සත් ජාතික පක්ෂයට දෙන චන්දයක් වන්නේය.

බටහිර ධනය රැස්කරගත් කෝටිපතියෝ ධනය නිපදවන හැම අංශයක්ම ඔවුන් අයිතිකරගෙන වැඩකරන ජනතාව පාගාගෙන ඔවුන්ගේ ශ්‍රමය නිසා ලබාගන්න  ධනබලයෙන් රැකෙන ධනවාදී න් ඔවුන්ට සරිලන දේශපාලන ක්‍රමයක් ගෙනයයි.  එ  බටහිරට හිසනමන ධනවාදී දේශපාලන ක්‍රමය හොරකමින්, වන්චාවෙන් රට අගාදියට දමාගෙන  සාමාන්‍ය ජනතාවගේ ඕනෑ එපාකම් වලට වඩා තමන්ගේම බලය හා සැපත සඳහා  යොදාගන්න රනිල් වික්‍රමසින්හගේ   නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂය  ශ්‍රී ලංකාවට කොහෙත්ම  නොසුදුසු දේශපාලන ක්‍රමයකි.

ධනවාදීයෝ  ධනය කෙසේ මොනක්‍රමයෙන් හෝ හම්බකරගෙන එයින් සමාජ,  දේශ පාලන බලය තමන් අතට ගෙන කරගෙන යන  ධනවාදී ආණ්ඩුක්‍රමයක කිසිදු  දර්ශනයක්ද නැත. ආගමත්  ධනයත් හොර මැරකමත් ඔවුන්ගේ බලය සඳහා යොදාගනියි.

එක්සත් ජාතිකපක්ෂයේ ආණ්ඩුක්‍රමය එයයි. දැන්වත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු මේගැන සිතා බලා ශ්‍රී ලංකාවට කිසිසේත් නොසුදුසු  මේ දේශපාලන ක්‍රමය අත්හැර දමා සමාජවාදයට නැඹුරු දේශපාලනපක්ෂයක්  ඇතිකරගත යුතුය. එසේ නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයට සම්බන්ධවී අලුත් ලංකාවක් ගොඩ නැංවීමට දායකවිය යුතුය.

1948 සිට අදවනතුරැ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාව විනාශය  කරා ගෙනගියා  මිස ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කිසිත් නොකළේය,  ඩී ඇස් සේනානායක වැනි දේශපාලකයින් හොඳ මිනිසුන් බව සැබෑය.  නමුත්  ඔවුන්ට ශ්‍රී ලංකාව ජාතියක්වශයෙන් එක්සත්කර ආගමීක සංස්කෘතික වශයෙන් දියුනු රටක් බවැට පත්කිරීමේ දර්ශනයක් තිබුනේ නැත. පසුකාලීනව උවද  එක්සත් ජාතික පක්ෂ නායකයින් ටයර් උඩ තරුණයන් පිළිස්සු, බටලන්දේ වධකාගාර පිහිටවූ,  කොටින් සමග ගිවිසුම් අත්සන් කල, මහා බැංකුව හොරකම් කල අපරාධමය ඉතිහාසයකට අයත් ඌවන්ය.

එබැවින් මහජනතාව මේ බව හොඳට වටහාගෙන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා වෙ දේශපාලනයෙන් නැත්තටම නැතිකිරීම සඳහා මුලපිරීමක් වශයෙන් ලබන පලාත්පාලන චංදයෙදී  රනිල් වික්‍රම්සිංහ නායකත්වය දෙන  එක්සත් ජාතික පක්ෂයෙ අලියා ලකුණට  චන්දය දීමෙන් වලකින්න.

ඒ චන්දය ඇස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරනායක මැතිතුමන් එදා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකින් වෙන්වී පිහිටවූ සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ දේශපාලනය ගෞරවාන්විතව ආරක්ෂාකරගෙන  ඒ දර්ශනයම පදනම්කරගෙන පිහිටුවා තිබෙන ශ්‍රී ලකා පොදුජන පෙරමුනට ලබා දෙන්න.

මේ යහපාලන වධකයන් විසින් ශ්‍රී ලංකාව අද වට්ටවා තිබෙන ප්‍රපාතයෙන්  ගොඩගෙන නැවතත් දියුනුවකරා ගෙනයන්න ඒ නවතම ශ්‍රී ලකා පොදුජන පෙරමුන ජයග්‍රාහී කිරීමට උපකාරකිරීම අපේ යුතුකම වන්නේය.  

ඒ  ජයග්‍රහණය නිසා  අවුරුදු 2600කටත් වැඩි ඉතිහාසයක් තිබෙන අප  භාග්‍යවත් මහා කාරුණික බුදු පියානන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන්  පුන්‍ය භූමියක්වූ මේ ශ්‍රී ලංකාද්වීපය නැවතත් සතුරු භීෂණයෙන් තොර ආරක්ශාවත්   සාමයත්  සතුටත්  පිරි  සෞභාග්‍යමත් අනාගතයක් සඳහා ගෙනයාමට ශ්‍රී ලකා පොදුජන පෙරමුනට හැකිවන්නේය.  මේ සඳහා දායක වීමෙන් බටහිර ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂය සදාකාලිකවම  ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දෑමට ඔබට හැකිවන්නේය. 

No comments: