Friday 28 December 2018

ජයදේව උයන්ගොඩ Anidda e Paper යට ලියු ගිය සතියේ නඩු තීන්දු සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ නොනිමි අරගලය නමැති ලිපියට කෙටි පිළිතුරක්.

මේ අන් ජී ඕ  නඩයේ ජයදෙව මහත්තයලා  ලංකාවේ දේශපාලන හා ප්‍රජාචන්ත්‍ර වාදයේ ඔටුණු පලන්දා සිටින විශේෂන්ඥයන් හැටියටයි පෙනීසිටින්නේ. මේ මහත්තයා  එදා ඔක්තොඹර 26 වනදා පටන්ගෙන ශ්‍රේෂ්ටාධිකරණයේ ඊනියා ප්‍රජාතන්ද්‍රවාදී  නඩුතීන්දුව නිසා   දේශපාලන සිහිවිකලත්වයේ අතරමං වී තිබුණු ලංකාවේ දේශපාලන අර්බුදයේ අවසානය සිදු උනායි සාඩම්බරයෙන් පවසයි. එතුමන්ලාට ඒ එසේ උවත් රටේ ආර්ථික අපහසුතාවයෙන් මිරිකී සිටින මහජනතාවටනම් එදා තිබු දේශපාලනයේ විකුලත්වයක් වත් අධිකරණ තීන්දුවේ ප්‍රජාතන්ත්‍ර වාදී භවක් වත් එදා නොපෙණුනා මෙන්ම, අදත් නොපෙනේ.

ඇත්ත වශයෙන්ම ඒ නඩු තීන්දුවෙන්  සිදුවුයේ මහජනතාව විසින් තොරා පත්කරගත් ජනාධිපතිතුමන් ඔක්තොඹර 26 වනදා ප්‍රජාචන්ද්‍රවාදී දේශපාලන ප්‍රවේශයෙන්, අවුරුදු තුන හමාරකට පසු  ජනතාවට ලබාගන්නට හැකිවූ ආර්ථික නිදහස හා  තදකරගත් පටි ලිහාගෙන නිදහසේ හුස්මගන්ට පුළුවන් අවස්තාව, අවාසනාවකට ජනතාවගේ හිතුම් පැතුම් වලින් ජයදේව මහත්තයාලාමෙන්ම ඈත්වුණු කිසිම ප්‍රජාචන්ද්‍ර වාදී බවක් නොමැති  ජනතාව විසින් පත් නොකරන ලද ආගන්තුක ශ්රේෂ්ඨාධිකරණයකින් අහෝසි කර නැවතත් දේශපාලන නිදහසින් තොර නැවතත්  පටිතදකරගෙන පහසුවෙන් හුස්මගන්නවත්  නොපුළුවන්  කාලයක් නැවතත් උදා උනබවයි..  

ජයදෙවමහත්තයා  වර්ණනාකරණ අධිකරණයේ එම සාධනීය මැදිහත්වීම උන්ගේම දේශද්‍රෝහී වැඩකටයුතුවලට  සාධනීය නමුත් එයින් මහජන්තාවටනම් සිදුවූයෙ ජනවරමක් සඳහා ඔවුන්ට ලැබුන ප්‍රජාතන්ත්‍ර චන්දය දීමේ  අයිතිවාසිකමද නොලැබීම මිස වෙන ලැබුන සාධානීකත් වයක් නම් නැත. 

මේ සතියේ සිට ලංකාවේ දිගහැරෙන දේශපාලන නාටකයේ අලුත් අවධිය ගැන විචාරණයක ආරම්භය විය යුත්තේ, ශ්රේෂ්ඨාධිකරණයේ මෙම මැදිහත්වීමේ ඇති බැරෑරුම් අර්ථය විදහා දැක්වීමයි. මගේ තේරුම් ගැනීමට අනුව එහි පහත සඳහන් අර්ථ තිබේ. ඒ ජයදේව මහත්තයාගේ කියවීමයි. නමුත් ජනතාවත්සමග  සිටින මගේ කියවීම ම එසේ නොවෙ.
එතනින් පසු අපේ විශේසඤ ජයදේව මැතිතුමා ශ්රේෂ්ඨාධිකරණයේ මෙම මැදිහත්වීමේ ඇති බැරෑරුම් අර්ථය විදහා දක්වයි. 

එ අර්තනිරුපනය මහජනයා වූ අපේ පැත්තෙන් දකින්නේ කොහොමදැයි බලමු. 2015 ජනවාරි මාසේ සිදුවූ ආණ්ඩු වෙනසින් සහ 19 වැනි සංශෝධනයෙන් සිදුවුයේ ජනාධිපති මහින්ද රාජපක්ස මහතා විසින් 2005 සිට අපේ රටවෙනුවෙන් තීරණාත්මක තීරනයක්ගෙන ත්‍රස්තවාදය සහමුලුන්ම  උදුරාදම සාමය ආරක්ෂාව හා රටේ ජනතාව අතර එකමුතුවක් ඇතිකර ගෙනගිය රටේ  දියුණුවෙ ඉදිරි ගමනට ගැසූ මහා පොලුපහරක්වැදී මුළු ලංකා දීපයම පොලොවට ඇදවැටීමක්ය.

ජයදේව මහත්තයාලාට වගේ අතලොස්සක් ඇන් ගී ඕ කාරයන්ගේ සාක්කුවල සල්ලි පිරුණත් රටේ ජනතාවගේ සාක්කු හිස්විය. ජයදේව මහත්තයලා හා ස්වාධිනයයි කියාගන්න 
නඩුකාරහාමුදුරුවරුන්ලාට හොඳකාලයක් ප්‍රජාතන්ත්‍රවාදයක් අත්පත් උනත්  මහජනතාවටනම් ඒ සමග ලැබුනේ මහා අපල කාලයකි.    අපලය නිසාම වෙන්න ඇති මේ ස්වාධීනයයි කියාගන්න අධිකරණයත් ලෑබුනේ. ඒකනම්  මහජනතාවගේ පිනට ලැබිච්ච දෙයක් නොවේ. ඒ ස්වාධින කියන අධිකරණයෙන්  දුප්පත් ජනතාව අන්ත දුගී බවට පත්කරන ප්‍රතිපල දැන් ලැබෙමින් පවතින ආකාරයකුයි පෙනෙන්නේ.

අධිකරණයට ලොකු ආවැඩීමක් ජයදේව මහත්තය කරන්නේ. මොකක්ද මේකේ හොර රහස ඇත්තටම අධිකරනය  ස්වාධීන ජනහිතකාමී තීරණයක්ද එදා දුන්නේ ?

බොහෝ දෙනෙක් හිතනවා අපේ වගේ දියුනුචෙමින් පවතින රටවල් විදේශීය ඇඟිලිගැසීම් ව්ලින් මුදවාගෙන විධායකයයි, නීතිසම්පාධකයයි, අධිකරණයයි එක්ව රටේ ජනතාවගේ ඉදිරිගමන සඳහා සාමුහිකව කටයුතුකලයුතුයි කියල.  නැතුව මේ අංශ තුන වෙන වෙන අතට අදින්න ගියොත්  දියුණුවෙමින් පවතින රටවල් විදේශීය බලවේගවලට අසුවී  ඔවුන්ගේ යටතට පත්වෙනවා. මේක ඉතිහාසයෙන් ඉරානයට, චිලි රටට, ගෞතමාලාවට,  පැනමාවටම, කොන්ගොවට සිදුවුණා සැටි  අප අසාතියෙනවා. මේක යු ඇන් පී කාරයින්ටවත් එන් ජී  ඕ කාරයින්ටවත් සාක්කුවලටවැටෙන ඩොලර් නිසා  හෝ දේශපාලන බල ලෝභය නිසා හෝ තේරුම් ගන්න උවමනාවක් නෑ.

මොන්ටෙස්කුයි ගේ දේශපාලන දර්ශණය යුරෝපීය රටවලට හොඳයි නමුත් ලෝකයේ දියුනුවෙන්නට උත්සහ දරන රටවල් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ඒ අනුව නවතම ක්‍රමයකට ඉදිරියට යන්න උවමනායි. ඒ ගමන යාමට බටහිර රටවල් බලාගෙන ඔවුන්ගේ අනුගාමිකයන් විය යුතු නැ. මේක ධනවාදය කරපින්නගත් එක්සත් ජාතික පක්ෂයටවත් ඔවුන් උසිගන්වන එන් ජී ඕ නඩයටවත් උවමනාවක් නැ.

එකයි ජයදෙවමහත්තයෝ, අවුරුදු තුන හමාරක් මේ අන්තොනොමතික  එක්සත් ජාතික පක්ෂයේ හා බටහිරට ආවඩන  එන ජී ඕ නඩයේ  ග්‍රහණයට වැටී ආර්තික සාමාජික හා මානසික අසහනයට පත්වී යම් සහනයක් බලාපොරුතුවෙන් බලා සිට රටේ ජනතාව ගැන කිසි සැලකීමක් නැතිවයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  මේ  පුදුම ජනතා විරෝධී නඩු තීන්දුවක් දුන්නේ.
ඒ නඩු තීන්දුව ජනතා හිතකාමී නඩු තීන්දුවක්නම් නොවේ  එය ජයදේව මහත්තය කියන ආකාරයේ  පුරවැසියන්ට, ස්වාධීන සහ නිර්භීත අධිකරණයක් තිබෙන්නේය යන විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකිය , සටන් කළ හැකිය යන හැංගී මක් නම් ඇති නොවීය. ඇති උයේ,    අධිකරණයත් ජනතාවගේ අයිතිවාසි කම් ඕනෑ එපාකම් වලට පිටුපා,  නැවතත්  එක්සත් ජාතික පක්ෂයේ හා බටහිරට ආවඩන  එන ජී ඕ නඩයේ  අවුරුදු තුන හමාරක් වැටී සිටි  ග්‍රහණයටම  නැවතත් ඇදවැටීමක් බවය.

නඩුවේ විසඳිය යුතු ප්රධානතම විවාදාත්මක කරුණ වූයේ, ජනාධිපති සිරිසේන මහතා කළ පාර්ලිමේන්තුව විසිරවීම, ව්යවස්ථානුකූලද නැද්ද යන්නයි. ඒ පිළිබඳව විවිධ තර්ක මතුකලහැකිය. නමුත් නඩුකාර මඩුල්ල මෙන්ම, නීතිතිපති දෙපාරතමේන්තුවේ නීතිඥ මහතුන්ද ඉතා හොඳින් සොයාබලා ඔවුන්ගේ නිගමනයන්ට පැමිණ  ඔවුන්ගේ තීරණ ශ්‍රේස්තාධිකරණයට ඉදිරිපත්කරතිබේ. නමුත් ඒ  නීති උපදෙස් සම්බන්ධව එන් ජී ඕ කාර ජයදෙව මහතත්යා කරන ප්‍රකාශය නින්දා සහගතයි. ඔහු කැමති නඩුකාර මඩුල්ලේ තීරණයට පටහැනි නිසා මේ ජයදේව  මහත්තයා  නීතිපති ගේ නීතිය පැහැදීලි කීරීම පිළිබඳව කියන්නේ  මෙසෙයි .

තර්ක සියල්ලම පාහේ, කෙනෙකුට සිතා ගැනීමටත් බැරි තරමේ වැරදි තර්ක වීමයි. නීතිපතිතුමා පවා මේ තරම් වැරදි තර්ක ඉදිරිපත් කෙළේ, ජනාධිපතිතුමාගේ ක්රියාව ව්යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බව දැන දැනම, තම ස්වාමියාවෙනුවෙන් කරන්නට වෙන විකල්පයක් එතුමාට නොමැති වූ නිසාද යන අදහස කෙනෙකුගේ සිතේ ඇතිවීම වැළැක්විය නොහැකිය.

මේ නින්දා සගත අදහස  එන ජී ඕ කාර ජයදෙව මහතත්යාගේ මෝඩ ඔලුවේ ඇති උනත් සාමාන්‍ය ජනතාවගේ පිරිසිඳු මොළවලට එවැනි හැඟීමක් නොඑයි.  අතිරේක සොලිසිටර් ජෙනේරාල්  දප්පුල ද ලිවේරා  වැනි නීතිඥ මහතුන් ජයදේව  හිතන හැටියේ බලයට හිසනමා නීතිය  කිසිම ස්වාමි යෙකුසතුටු කිරිම සඳහා විකුර්ති කරන්නෙක් නොවන බව ජයදේව දන්නේ නැතිබවයි පෙනෙන්නේ.


එන් ජී ඕ ඩොලර්වලට ආසාවෙන් හෝ රනිල්ගේ ආණ්ඩුවෙන් ලබාගතහැකි යම්තනතුරකට ආසාවෙන්  ජයදේව නොදන්නා නීතියක් ගැන කතාකරමින් 18 වන සංශෝධනය  පාදකකොට ගෙන 19 වන සංශෝධනය අර්ථකතනය කිරීම පිලිබඳ සිරිසේන-රාජපක් උප්පරවැට්ටිය සහ නෛතික ප්රතිවිප්ලවවාදී ප්රයත්නයක් ගැන කතාවක් කියයි.

මෙහි කිසිම ගත යුතු ප්‍රයෝජන අර්ථ තර්ක අපිට නොපෙනේ .   ලංකාවේ ව්‍යවස්ථාව සිංහල කියවිය හැකි කාටත් බලා කියවා තේරුම් ගන්න පුළුවන්. නීතිය ඔය කියන තරම් තේරුම් ගත නොහැකි ප්‍රහේලිකා වක් නොවේ. නීතිඥ වරුන්ට හා නඩුකාරවරුන්ට  තියෙන්නේ තර්ක කරලා එක එක කාරණා බලලා වඩාත් ගැලපෙන තර්කය අනුමත කිරීමයි.

මේ නඩුතීන්දුව ගැන වචනයක් කියල ජයදෙවගේ ආවේගශීලී හරයක් නැති ලිපියට උත්තර දීම නවත්වන්නම්.  මේ නඩු තීන්දුව අපි දකින්නේ ජනතාවගේ  චන්දය දීමේ ප්‍රජාඅයිතිය අහෝසිකළ එන් ජී ඕ කාරයන් බලවත්කරන  විදේශ බලවේග හා  එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ ජනතා විරෝධී දේශපාලන ක්‍රමයට  ප්‍රයෝජනවත්වන පරිදි  දෙන ලද විලම්බීත  නඩු තීන්දුවක් හැටියටයි.  මේ නඩු තීන්දුව නිසා  මෙතෙක් ජනතාවතුල අධිකරණය කෙරෙහි තිබුණු  විශ්වාශය සම්පුර්ණයෙන් නැතිවී ගිය බව ශ්රේෂ්ඨාධිකරණ නඩුකට්ටලය  සිහිතබාගත යුතුය.

නීතිය අර්ථකථනය කිරීම කාටත් කලහැකිය.  නමුත් ශ්රේෂ්ඨාධිකරණ නඩුකට්ටලයකින් බලපොරුත්තුවන්නේ  නීතිය අර්තකතනය පොතටත්, උසාවිය්ටත්, තෝරාගත් පන්තියකටවත්  නොව, මහජනතාව හිතේ තබාගෙන ඔවුන්ගේ යහපත සඳහා නීතිය අර්ථ කථනය කල යුතුය.

මේ නඩුතීන්දුවෙන් පසු  ඇප රටේ  දේශපාලන අර්බුදයවත්, රටේ පවතින දේශපාලන අර්බුදයවත් අවසන්වී නැත. මෙයට හේතුව  දේශපාලන අර්බුදය නැවැත්විය හැකි නඩු තීන්දුවක් ලබා දීමට ශ්රේෂ්ඨාධිකරණ නඩුකට්ටලය අසමත් වූ නිසාය.   ජයදෙවම, ජෙහාන් පෙරේරම, අමිල දඹර හාමුදුරුවෝ  ආදී නොයෙක් විධියෙ එන් ජී ඕ කාරයන්ට නම් මේ නඩුතීන්දුව ඉමහත් සතුටට හේතුවී තිබෙන බවක් නම් පෙනේ, ඔවුන්ට දුගී දුප්පත් ජනතාවගේ දුක් කඳුළු නොපෙනේ.

ජයදේව මහත්තයාලාට ලැබෙන අසීමිත විදේශීය උදව් උපකාර නිසා දිග ලිපි සම්පාදනයකරන්න අපහසුවක් නැත. අපට ඒ සහන නොමැති නිසා දිගට ලියන්නට බොහෝදෙ තිබෙන නමූත්  කාර්යය වෙහෙසදායක බැවින් කෙටියෙන් අවසන් කිරීමට සිදුවෙයි.

No comments: