Wednesday 2 January 2019

දින 51 ක් බලපොරුත්තුවෙ හිරුඑලියෙන් සතුටට පත්වූ ජනතාව දෙසැම්බර 13 වනදා විනාශයට ඇද දැමුවාට වගකියන්නේකවුද ?


සමහරක් ඇන් ජී ඕ කාරයොයි ජනතාවිමුක්ති පෙරමුනේ ගොයියෝයි එක අච්චුවේ වක්කරපු රුකඩ වගේ. උන් ඔක්කොම දැන් කතාකරනවා  ඔක්තෝබර් 26වැනිදායින් ආරම්භ වී දෙසැම්බර් 16 වැනිදා දක්වා දින 51 කාලය අඳුරේ විනාශයක් බවත්  ඒ යුගයට වග කිව යුත්තන් සොයා ඒ අයට විරුද්ධව නීතිමය කටයුතුතු කලයුතුබව.


ඇන් ජී ඕ කාරයොයි ජනතාවිමුක්ති පෙරමුනේවිනාශකාරී මාර්කස් වාදියෝයි  හිතාගෙන ඉන්නේ ස්වාධීන කියාගන්න  අභියාචනාධිකරණයෙ  හා ශ්රේෂ්ඨාධිකරණයෙ නඩුකාරයෝ උන් ගෙනයන විනාශකාරී දේශපාලනයේ සහකරයෝ හැටියටයි.  ජනාධිපති සිරිසෙන මැතිතුමාට  හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව නඩු පැවරුවොත් ඒ  නඩුකාර මඩුලු  අනුමානයක් නැතිව ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාවක් ගැනීමට සුදානම්යයි ඇන් ජී ඕ කාරයොයි ජනතාවිමුක්ති පෙරමුනේවිනාශකාරී මාර්කස් වාදියෝයි  හිතා සිටිනවා.  
ඇන් ජී ඕ හා ජනතාවිමුක්ති පෙරමුනේ රුකඩයෝ  කියන්නේ මේ 51 දවසක කාලයේ සිදුවුයේ සම්පූර්ණයෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන නිර්මාණය කල අර්බුදයක් කියල. අපි මේ ලිපියට ගත්තේ කේ ඩබ්ලියු ජනරංජන කියන  ඇන් ජී ඕ රූකඩයෙක් ඔවුන්ගේ පත්තරයකට ලියපු ලිපියක්.
ඇත්ත වශයෙන්ම ලංකාවේ අධිකරණය දෙශීය  නීතියත් ජනතාවත් අතර ඇති සම්භන්ධය අවභෝධකරනොගත් නීතියේ අකුරුවල හැංගිලා ඉන්න නීතියේ මානුෂික දර්ශනය ගැන හොයාබලන්න නොදන්නා  සමාජයෙන් ඈත්වුනු මිනුස්සු කොටසක්.
මෙය ලියන මා එංගලන්තයේ ලින්කන්ස් ඉන් නමැති නීති සමාජයේ බැරිස්ටර් වරයෙක්කමි. එහිදී නීති ශිෂ්ෂයන් වශයෙන් අපි  වින්ඩ්සර් පාර්ක්හි පිහිටා තියෙන චේම්බර් ලොජ් හි සමහරක්  සති අන්තවල හමුවෙනවා. එහිදී එංගලන්තයේ ප්‍රසිද්ධ ලෝර්ඩ් ඩේනින් ලෝර්ඩ් රස්සෙල් වැනි විනිෂචයකාරවරුන් අපට නීතිමය දේශනා පවත්වනවා. 
ඔවුන් අපට නිතර කිවූ දෙයක් තමා නීතිය හැදෑරුවායින් පසු නීතියට අදාල පසුබිම සෙවිය යුත්තේ නීතිය අදාලවෙන මිනිසුන්ගෙන්, ඔවුන් ජීවත්වන පරිසරයෙන්  කියලා, කෙනෙක් වරදකරුවෙක් වශයෙන් උසාවියට ඉදිර්පත්කලාම  ඔහු වරදකාරයෙක් හැටියට බලන්න එපා.  ඔහු ඒ වරද කිරීමට පෙලම්බවුන හේතු හොයන්ට කියල ඔහු හැදුණු පරිසරය බලන්න කියලා. නීතියේ අකුරට යටනොවී එයින් පැනනගින මානුෂික ප්‍රශ්න මොනවාද හොයන්න ඕනේ.
අපේ අධිකරණය එතරම් උසස් ව හිතලද තීන්දු ගන්නේ? එතරම් විශිෂ්ට නීතිමය තීරණ ගැනීමේ දක්ෂතාවයක් බවක් මෑතක  අභියාචනාධිකරණයෙ  හා ශ්රේෂ්ඨාධිකරණයෙ විනිසුරු මඩුලු ජනාධිපතිතුමා පාරලිමේන්තුව විසුරුවීම පිළිබඳව  හා පාරලිමේන්තුව නාඩගමක්කරගෙන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 ඉදිරිපත් කල විශ්වාෂභන්ග යෝජනාව පිළිගෙන කරපු  නීති විපර්යාශයෙන් එහෙම අධිකරන දක්ෂතාවක් දුටුවෙ නෑ.
නඩුතීන්දුවක් විවේචනය කිරීමේ  හෝ ප්‍රෂනකිරීමේ අයිතියක් හැම කෙනේකුටම තියනවා. 2018 දෙසැම්බර 13 වනදා ශ්‍රීලංකා ශ්රේෂ්ඨාධිකරණයෙ නව දෙනෙකුගෙන් යුත් විනසුරු මඩුල්ල  දුන් නඩුතීන්දුව මුලුලොකයේම ව්‍යවස්ථාව පිළිබඳව දුන් නඩුතීන්දුවල ඉතාමත් අපැහැදිලි ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අය්තිවාසිකම් උදුරාදැමු ලකා ඉතිහාසයේ කළු අකුරෙන් ලියවෙන නඩුතීන්දුවකි.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය නිසා  ව්‍යවස්ථාවේ පෙරතුබු වගන්ති අවලන්ගුවී නොමැත. එබැවින් අලුතින් එක්කරනලද සංශෝධනයක් පරික්ශාකිරිමෙදි අවශ්‍යයෙන්ම ව්‍යවස්ථාවේ අනිත්  වගන්ති  කොතරම්දුරට සංශෝධනවලට බලපානවාදැයි බැලීමට  මොලයක් ඇති ඕනෑම නීතීඥ වරයෙකු දැන සිටිය යුතුය.
19වන සංසෝධනයේ 70වන වගන්තිය  සම්පුර්ණයෙන්ම අපි දන්නා  ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය. සම්පුර්ණ 19වන සංශෝධනය  සකසා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ අනුගාමිකයන් විසින් රාජපක්ස පවුලට දේශපාලනයට නැවත පැමිණීමේ දොරටු  වසාදමා එක්සත්ජාතිකපක්ෂයේ ආඥාදායකත්වයක් ස්ඨාපීත කිරීම සඳහාය.
එහි එන 19වන සංශෝධනය අවුරුදු  හතරහමාරක් යනතුරු මැතිවරණයක් පැවතිවිය නොහැකිය යන 70 වන වගන්තිය  ලෝකයේ කොයි රටකවත් නැති ප්‍රජාචන්ද්‍රවාදයට පටහැනි වගන්තියක්.  
එයින් මිදී අපි දන්න ප්‍රජාතන්ත්‍ර වාදය නැවත ජනතාවට ලබාදීමට තුබු 70 වන වගන්තියෙන් වාරනයකළ නොහැකි  33වන වගන්තිය ජනාධිපතිතුමන්ට දේශපාලන අර්භුධයකදී ජනතාවගේ ස්වාධිපත්‍යයට ඉඩදී මැතිවරණයකට යාමේ එකම බලය පවත්නේ මේ 33වන වගන්තියේය.
මෙය දුටු නීති දෙපාරතමේන්තුවේ නීතිවේදීන් ජනාධිතුමා පාරලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණයට විරුද්ධව ගොනුකළ විරෝධතා අහකදැමිය යුතුය යන නිර්දේශය ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කලේය. නමුත් ශ්රේෂ්ඨාධිකරණයෙ විනුසුරුමන්ඩලයට එය අවභෝධකරගැනීමට අපහසු බවයි ඔවුන් දෙසමබර  13වනදා ඒ විනිශ්චය  විනසූරු මඩුල්ලේ එක  බාධක මොලයක්  අවුරුදු හතරහමාරකට විසුරුවන්නට බැරියයි මහා හයියෙන් කීයන අතරමගම  ප්‍රකාශයට පත්කළේ .
මේ විනිසුරු මන්ඩලය හිතන්න ඇති ඒ නඩු තීන්දුව පරාජයකලේ ජනාධිපති සිරිසේනගෙයි මහින්ද රාජපක්ෂ මහතාගේයි බලාපොරොත්තු යයි කියා  වෙන්න ඇති.  නමුත් එයින් පරාජයට  පත්වුයේ අර නඩුකාරයන් වැඩිය හිතන්නේනැති ලන්කාවේ වැඩියක් සිටින  අවුරුදු තුනහමාරක යහපාලනය නිසා අගහිගකමින් මිරිකී දුකින් සිටි දුප්පත් ජනතාවගේ බලාපොරෝත්තු බව ඒ නඩුකර හාමුදුරුගොල්ල නොදත්තෝය.
මේ ඇන් ජී ඕ හා ජනතාවිමුක්ති පෙරමුනේ රුකඩයනට රට දැය ආගම ගැන හැගීමක් හෝ  අවුරුදු තුනහමාරක යහපාලනය නිසා අගහිගකමින් මිරිකී දුකින් සිටි දුප්පත් ජනතාව  ගැන සොයාබැලීමට උවමනාවක් නැත.
ඇන් ජී ඕ රුකඩයන්ට නම් මහජනතාව ගැන කැක්කුමක් ඇත්තේම නැ. උන්ට උවමනා විදේශිකයන්ට හා දේමළ දයස්පොරාවට කත් ඇදීමයි. ජනතාවිමුක්ති පෙරමුනේ මාර්කස් වාදියෝ උන්ට බලයට එන්ට කදීම අවස්තාවක් පහලවෙලා තියෙනවායයි සිතාගෙන බලලෝභයෙන් අන්ධවෙලා 20 වන සංසෝධනයක් කරපින්නගෙන දෙමල සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි එක්ක කරන බලය තහවුරු කර  ගැනීමේ වැඩපිළිවෙල නිසා පීඩාවිඳින ජනතාව ගැන සොයාබැලීමට වෙලාවක් නැ.
මේ අධමයන්ට  රටේ  ජනතාවගේ හිතුම් පැතුම් ගැන අබමල් රෙනුවකතරම් වත් දැනීමක් නැ. ඒ නිසයි මුන් කියන්නේ ඔක්තොම්බර  26වනදා පටන් ගෙන දෙසැම්බර 13වනදා අවසන්උන දවස් 51 අඳුරේ විනාශ උන  කාලයක් කියන්නේ.
 අවුරුදු තුනහමාරක් තිස්සේ මේ රට අගාදියට ඇද දමමින් බැංකු මංකොල්ල කාගෙන ජනතාවට බදුබර පටෝලා,රටේ ආදායම් මාර්ග විකුනල, රටේ ආරක්ෂක හමුදාව යුදාපරධකාරයෝ හැටියට ඇමෙරිකාවට පාවාදීල,සින්ගප්පුරුවත් එක්ක වෙළඳ ගිවිසුමකින් අපේ රට ලෝකයේ කුණුකසල ගොඩබාන දුපතක් බවට පත් කරලා,  රටේ ෆෙදෙරල් ව්‍යවස්ථාවකට පාරකපල,  බුද්ධාගම නැතිකරලා, රට අදුරුයුගයකට ඈදදාළ කරගෙන ගිය වැඩපිළිවෙල නවත්වන්න ඔක්තොම්බර 26වනැ දා ගත් පියවර පෙරලා අධිකරණයත් නොමග යවාගෙ රට විනාශයට පත් කරන එකද ඇන් ජී ඕ හා ජනතාවිමුක්ති පෙරමුනේ රුකඩයෝ  රනිල් වික්‍රමසිංහගේ නැවත අගමැති වීමෙන් ලැබුවා කියන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර වාදී නිදහස ?
 අපේ රට විනාශකරන්න විදෙශිකයින්ගෙ ඩොලර් සල්ලි වලට  රටට ද්‍රෝහිකම්  කරන ඇන් ජී ඕ හා ජනතාවිමුක්ති පෙරමුනේ රුකඩයෝ  ඔක්තොම්බර 26 වනදා සිට ජනතාව ලද නිදහස බෙල්ල තදකරන මිනිහෙක් ඒ මිනීමරුවාගෙන් බෙරාගත්තාම ලබන නිදහසක් මරණ බියෙන් මිදීමෙන් ලබන සහනයක්  හා සමාන සතුටක්  ඒ ඔක්තොම්බර 26වනදා මහින්ද රාජපක්ස මැතිතුමා අගමැතිවෙලා එ විගසම ජනතාවට ලබා දුන්න සහන ගොඩ නිසා එදා ජනතාව ලැබුවා.  ඒ සතුට  ජනතාවට ඇති උනෙ ආයෙත් නිදහසේ  සතුටින් ජීවත් වීමට සහනයක් ලැබුනාය යන බලාපොරොත්තුව ජනතාව තුල ඇතිවීමෙන්. 
නමුත් මේ ඇන් ජී ඕ හා ජනතාවිමුක්ති පෙරමුනේ අධමයන්ට පෙනෙන්නේ ඔක්තොම්බර  26වනදා ලැබුවේ අඳුරු කාලයක් හැටියට. ඒ අදුරුකාලය ඇත්තෙන්ම ලැබුනේ ඇන් ජී ඕ හා ජනතාවිමුක්ති පෙරමුනේ උන්ටයි. උන්වගේම අධම අධිකරණයක් නිසා එදා අපේ රටේ ජනතාව ලැබූ සතුට කෙටිකාලකට සීමා උනා.
එදා ශ්රේෂ්ඨාධිකරණයෙ නඩු තීන්දුව ජනතා පක්ෂපාතී තීන්දුවක් වුයේ නම් අද පවතින දෙශපාලන අර්භුධ හා  වෙන්ටයන රටේ විනාශය ගැන කිසුදු බයක් නැතිව ජනතාවට අවශ්‍ය සහනාධාර ලබාදී රට යන දේශද්‍රෝහි,  විනාශකාරී මග වෙනස්කර  නැවතත් රටේ සාමය, ආරක්ෂාව ඇතිකර  දියුණුවේ මාර්ගයෙ  යනගමනක සළකුණු පිබිදෙන්නට ඉඩ ප්‍රස්තාවක් තිබුණි.
එක්සත් ජාතික පාක්ෂිකයෝ මහා හයියෙන් කියනවා උන්  ලංකාව ලෝකයේ පිළිගත් රටක් කලාය ප්‍රජාතන්තන්ත්‍රවාදය ස්ථාපිත කලාය අධිකරණය ස්වාධිනකලාය කියල නමුත් ඔවුන් ප්‍රජාතන්තන්ත්‍රවාදය කෙලෙසුවා මෙන්ම අධිකරණයත් ඔවුන්ගේ මෙවලමක් කරගෙන ඇති බවනම් මුළුමහත් ජනතාවම දන්නවා. 
පාර්ලිමේන්තුව විසුරුවාහැරලා චන්දයකට  ගියානම් එක්සත් ජාතික පක්ෂය පරදින බවත් රනිල් වීක්‍රමසිංහට නැවත අගමැතිවෙන්න බැරි නිසාත් එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන නිදහස් අධිකරණය පුංචි උපකාරයක් දුන්බවක් තමයි අපි දෙසැම්බර 13වනදා දුටුවේ.  තවත්  අභියාචනාධිකරණයෙන් නඩු තීන්දුවක් 

No comments: